To the new beginners

15 5 0
                                    

මං මේ පෝස්ට් එක දාන්න හිතුවේ අලුතෙන් A/L වලට එන නංගිලා මල්ලිලා වෙනුවෙන් . මේ දවස්වල කරන්න හොඳ සබ්ජෙක්ට් එකක් යන්න හොඳ ක්ලාස් එකක් හොයන නිසා මං දන්න ටිකක් කියන්න හිතුවා.

1. සබ්ජෙක්ට් එකට තියෙන කැමැත්ත

ඔයාලා මොන සබ්ජෙක්ට් එක කරන්න තෝර ගත්තත් ඒ සබ්ජෙක්ට් කරන්න ඔයාට කැමැත්ත තියෙන්න ඕන . සමහර දෙමව්පියෝ ළමයින්ගේ හොඳට කියලා මේ සබ්ජෙක්ට් කරන්න අර සබ්ජෙක්ට් කරන්න කියලා බල කරනවනේ . ඇත්තම කතාව ඒක හරියන්නේ හරි පොඩි දෙනෙක්ට . ඒකත් ඒ ළමයිට සබ්ජෙක්ට් කරන කොට සබ්ජෙක්ට් එක ගැන කැමැත්තක් නැත්තම් ඔක්කොම අවුල් යනවා . ( මේක දැක්කොත් ඉතින් දෙමව්පියෝ මට බනියි . ඒත් මං දැකලා තියෙනවා අම්මලා තාත්තලා බල කරන නිසා කරපු ළමයි එහෙම අසරණ වුණ අවස්ථා ) ඒ නිසා ඔයා තෝරගන්න ඔයා කරන්න කැමැති සබ්ජෙක්ට් එක . කැමැත්ත නැත්තම් ඔයාට මුකුත් කරන්න බෑ . අනික මැත්ස් බයෝ සබ්ජෙක්ට් තමා හොඳම ආර්ට්ස් කියන්නේ වැඩක් නෑ කියන මතේ ඉන්න එ⁣පා . ඔක්කොම සබ්ජෙක්ට් හොඳයි . විභාගෙට මැත්ස් බයෝ පේපරේ අමාරු කරලා ආර්ට් පේපරේ ලේසි කරන්නෑ . හැම stream එකටම job opportunities තියෙනවා . ආර්ට්ස් හොඳ නෑ කියන්නේ පරණ පුස් මතයක් . ඒක නිසා කවුරු මොනා කිව්වත් ඔයා කැමති stream එකක් තෝරගන්න ☺️

2. ක්ලාස් තෝරගන්න එක

මේ දවස්වල ගොඩක් අය අපේ සෙට් එකෙන් අහන ප්‍රශ්නේ 😂

" අක්කේ මේ සබ්ජෙක්ට් එක යන්න හොඳ ක්ලාස් එක මොකද්ද ? "

" ඒ සර් හොඳද ? "

" සිලබස් කවර් කරනවද ? "

ඉතින් ප්‍රශ්න ගොඩයි . ඒ මදිවට ටීවි එකෙත් විනාඩි පහෙන් පහට ක්ලාස්වල ඇඩ් .😅

තමන්ට හරියන ක්ලාස් එකක් තෝරගන්න එක වැදගත් එකක් . A/L කියන්නේ ළමයිගේ විභාගේ කිව්වට අපිට සර්ලගේ උදව්ව නැතුව කරන්න අමාරුයි . A/Lවල විෂය කරුණු ගැඹුරුයි . ඉතින් ඒ දේවල් තේරුම්ගන්න හොඳට උගන්නන ගුරු⁣වරයෙක්ගේ උදව් ඕන. ඒත් ප්‍රශ්නේ තමා හැම ළමයෙක්ටම හැම සර් කෙනෙක්වම ෆිට් වෙන්නෑ .

උදාහරණයක් විදියට කිව්වොත් මගෙන් නංගි කෙනෙක් අහයි භෞතික විද්‍යාව සබ්ජෙක්ට් හොඳ සර් කෙනෙක්ව . කොළඹ භෞතික විද්‍යාවට විතරක් ගුරුවරු කී දෙනෙක් ඉන්නවද . මං ඒ නංගිට මං ක්ලාස් යන සර් ගැන වර්ණනා කරලා ඒ පංතියට යන්න කියලා recommend කරයි . ඒත් මට ඒ සර්ගේ ඉගැන්වීම් ෆිට් වුණාට ඒ නංගිට ඒ සර්ව හරියන්නැති වෙයි .

✨️ 𝕄𝕀𝕣𝕒𝕔𝕝𝕖𝕤 𝕚𝕟 𝕄𝕚𝕄𝕚'𝕤 𝕌𝕟𝕚𝕧𝕖𝕣𝕤𝕖 ✨️Where stories live. Discover now