Death Love

344 49 48
                                    


"ම්ම්ම් ආහ් ..."

" කැප්ටන් ගොඩක් අමාරුද?? "

නොනවත්වා ලේ විදින තුවාලේ අතින් තදකරගෙන බිමට නැමුණු කොල්ලව තවත් තමන්ගේ ඇගට හේත්තු කරගෙන ජන්කුක් ඇහුවේ බිඳුණු කටහඩකින්. ඇස් දෙක තදකරගෙන වේදනාව දරාගන්න ලොකු උත්සහයක යෙදෙන තමන්ගේ කැප්ටන් දකින වාරයක් පාසා ජන්කුක්ට හිතුණා ඒ උණ්ඩේ තමන්ට වැදුණනම් කියලා

" ජන්කුකාහ් අපි දෙන්නට ආහ්- තව ගොඩක් දුර මෙහෙම යන්න බෑ... මාව අතෑරලා ඔයා යන්න "

අමාරුවෙන් ඔලුව කෙලින් කරලා ජන්කුක් දිහා බලලා කොල්ලා වචන ඇහිලුවා.

" අනී කැප්ටන් මට කැප්ටන්ව දාලා යන්න බෑ "

" ම්ම්ම්හ් මට තව ඇවිදින්න අමාරුයි... මේකෙන් වෙන්නේ අපේ ගමනේ වේගේ බාල වෙන එක. කියන දේ අහලා යන්න ජන්කුක් "

උදරයේ වම් පස පසාරු කරගෙන වැදුණු උණ්ඩය නිසා වෑස්සුණු ලේ කද දිහා බලාගෙන කොල්ලා කතාකරේ තවත් අඩියක්වත් ඉදිරියට තියන්න ශක්තියක් නැතිව.

" අනී මට කැප්ටන්ට මැරෙන්න ඇරලා යන්න බෑ. මැරෙනවනම් දෙන්නම එකට මැරෙමු "

" අහන්න ජන්කුකාහ් අපි දෙන්නා තනියම නෙවෙයි. අපේ පස්සෙන් තව ජීවිත කීයක් එනවද කියලා ඔයාට පේනවද !! ඒ මිනිස්සුන්ගේ ජීවිත අපි රකින්න ඕනි... එයාලට ඔයාගේ මඟපෙන්වීම ඕනේ ජන්කුකාහ්.. අපි තාම ඉන්නේ ගම මැද්දේ.. මගේ දෙවනියා විදියට ඔයා අපේ සෙබලුන්ව ආරක්ෂිතව කදවුරට අරන් යන්න ඕනි..ඒක ඔයාගේ වගකීමක් !!! "










"චේ-චේබාල් ජිමිනි හ්‍යොන්ග්...."

ජිමින්ගේ වචන වලට ජන්කුක්ගේ කටහඩ බිදිලා ගියා. කොහොමද තමන්ගේ සහෝදරයා වගේ ඉන්න මනුස්සයා මැරෙන්න ඇරලා තමන්ගේ ජීවිතේ වෙනුවෙන් පැනලා යන්නේ!!. එකට කාලා එකට දුක සැප බෙදාගත්තු සහෝදරයා ජිවිතේ ගැටගහගන්න සටන් කරන මේ වගේ වෙලාවක ආත්මාර්ථකාමියෙක් වගේ පැනලා යන්නේ.. එක කූඩාරම යට එක බත් පත බෙදාගෙන කාලා රට වෙනුවෙන් ඕනිම හතුරෙකුට එකට උරදෙමු කියපු සහෝදරයව අනාතයෙක් වගේ අතෑරලා යන්නේ !!

කොල්ලගේ පපුව වේදනාවෙන් ඇදුම්කෑවා. රට වෙනුවෙන් ජීවිතේ උකසට දීලා ආපු ගමනේ හදවතට දැනුණු මනුස්සයෙක් කැප්ටන් පාක් ජිමින්. දරාගන්න බැරි පහුණුවීම්වලදී හෙවනැල්ල වගේ ලගින් ඉදලා කොල්ලට මහන්සි හැම මෝහොතකදිම දෙපාරක් නොහිතා දෙවුරට වාරු කරගත්ත ජිමින් කැප්ටන් කෙනෙකුට වඩා ජන්කුක්ට ඇග පුරා තමන්ගේ ලේම දුවන සහෝදරයෙක්

Death Love Donde viven las historias. Descúbrelo ahora