අසම්මතයක

194 47 21
                                    

💔...සමාජයට අසම්මතයක් වූ ඇගේ කතාව...💔

________________________________

"සර් සල්ලි ගෙවලද ආවේ ..."

"සල්ලි ගෙව්වේ නැත්නම් ඇතුලට එන්න බෑනේ...."

"හ්ම් ඒකත් ඇත්ත තමයි.... හරි සර් කැමති දෙයක් කරන්න.... හැබැයි සර් වැඩි වෙලාවක් නම් මට අමාරුයි...."

"ඒ මොකද...."

"මට අද සනීප නෑ සර්... උණ..."

"එහෙනම් නෑවිත් ඉන්න තිබුණා නේ..."

"එහෙම ඉන්න පුළුවන් නම් මම හැමදාම නෑවිත් ඉන්නවා නේ..."

"කැමැත්තෙන් නෙමෙයි ද එන්නේ....."

"කවුද කැමති සර් මේ වගේ රස්සාවක් කරන්න...."

"ඒකත් ඇත්ත තමයි... දැන් බෙහෙත් ගත්තේ නැද්ද....."

"මොන බෙහෙත් ද.... මගේ ජීවිතේ තියෙන්නේ මේ බිත්ති හතර ඇතුලේ විතරයි.....හරියට හිරකාරියක් වගේ.... දවසින් දවස එක එක පිරිමින්ට හිර වෙලා ජීවත් වෙනවා......"

"හ්ම්.... මම පැය දෙකකට සල්ලි දීලා ආවේ....."

"අනේ මට සමාවෙන්න සර්...අද මට ගොඩාක් අමාරුයි.... ඒකයි...."

"හ්ම් හරි..... එහෙනම් මම යන්නම්..."

"අනේ සර් කරුණාකරලා පැය දෙකක් මේ කාමරේ ඉදලා යන්න......plizz.. "

"ඇයි ඒ...."

" සර් ආපු ගමන්ම එලවගත්තද කියලා මට ගහයි...අනේ සර් කරුණාකරලා පැයක් හරි ඉදලා යන්න..."

"හරි මම ඉන්නම්... හැබැයි ඉතින් පැයක් නිකන් ඉන්නත් කම්මැලියි...."

"සර් කැමති දෙයක් කරන්න... මට මගේ වේදනාව උහුලගන්න පුළුවන්...."

"අයියෝ මම එහෙම දෙයක් නෙවෙයි අදහස් කලේ.... අපි දෙන්නට කතා කර කර ඉන්න පුළුවන් ද කියලා ඇහුවේ..."

"අයියෝ පුළුවන් සර්... හැබැයි ටිකක් හිමින්...."

"ඇයි ඒ...."

"අපිට එන අයත් එක්ක පෞද්ගලික තොරතුරු කතා කරන්න බෑ...."

"ඕ.... හරි.... ඉතින් කියන්නකෝ ඔයාගේ කතාව...."

!! ගණිකාවක් සමග වරුවක් !!(one shot)Where stories live. Discover now