පළා යමි.

22 6 4
                                    

අඩක් විවර වූ ජනේලයෙන් හමා එන දුහුවිලි සහිත සුළං පහර මාගේ සුදු පැහැති බ්ලව්සය කෙමෙන් කහ පැහැයට හැරවීමට සමත් විය . මාගේ ජංගම දුරකතනය අත් බෑගය තුල කිහිප වරක් නාද වුවද එයට පිලිතුරු දීමට තරම් උවමනාවක් මා හට නොවීය . දුරකතනය නාද වී අවසන් වූ පසු එය අතට ගෙන තිරයෙහි දිස්වූ නම දෙස බලා යළිත් එම ඇමතුමට පිළිතුරු දීම පසෙකලා මා ඔහුගේ වට්සැප් සංවාදය විවර කලේ පිටව යාමට පෙර ඔහුට පණිවිඩයක් තැබීමට අවැසි බව නැවත නැවතත් මාගේ සිත කියූ බැවිනි.

" සමාවෙන්න කියන්නෙ නෑ.

මොකද අපි මේ ගමන පටන් ගන්න කලින්ම මන් ඔයාට කිව්වා අපි මේ යන්නෙ අවසානයක් තියන ගමනක් කියල .

දැන් අපි ඒ අවසානෙට ලං වෙලා .  . අද ඉදන් අපි දෙන්නා යන්නෙ පාරවල් දෙකක , කවදාවත් එකතු වෙන්නෙ නැති. මන් ගියේ කොහෙද කියලවත් ගියේ ඇයි කියලවත් හොයන්න එපා . 

මොකද සමහර දේවල් තියනව අපි කවදාවත් දැනගන්න ඕන නැති . මන් යන ගමනත් එහෙම ගමනක්.

තැන්ක්‍යූ මෙච්චර කාලයක් මාත් එක්ක හිටියට . අද ඉදන් මන් අයිති ඔයාගෙ අතීතෙට විතරයි . මාව ඔයාගෙ වර්තමානයෙවත් අනාගතේවත් කොටස්කාරයෙක් කරගන්නෙපා . 

ඔයා ඔයාගෙ ගමන යන්න , පරිස්සමින් . හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ.ඔයාගෙ හිනාව කවදාවත් නැති කරගන්නෙපා . මම නවතිනව "

ඔහුට මාගෙ පණිවිඩය ගිය බවට දුරකතන තිරයේ දිස් වූ පසු , මාගේ දුරකතනයේ තිබූ සියලුම සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කොට දුරකතනයෙහි වූ සිම්පත අතට ගත්තේ මා අදින් පටන් ගන්නා නව දිවියට මෙය බාදාවක් වන බව දැන සිටි නිසාවෙනි.

නව සිම්පතක් දුරකතනයට ඇතුලු කොට දුරකතනය ක්‍රියා විරහිත කර  අසුනට හේත්තු වූයේ මාගේ ගමනාන්තයට ළගා වීමට තව හෝරා පහකට අදික කාලයක් ගත වන නිසාවෙනි. බස් රිය වේගයෙන් ඉදිරියට ඇදෙද්දී හමා එන වේගවත් සුළං පහරවල් මාගෙ දෙනෙත් යාන්තමින් පියවීමට සමත් විය . 


මීට වසර කිහිපයකට පෙර........


පළා යමි.Where stories live. Discover now