Chapter 23.

235 36 9
                                    

එදා අපිට මුණ ගැහුන කෙනා මගේ ජූන්මයි කියල විශ්වාස කරන්න මගේ හිත පටන් ගත්තෙ doctor මට කිව්ව දේවලුත් එක්කයි...ඒත් ඒ ජූන් නම් ඇයි මාව අඳුර ගත්තෙ නැත්තෙ...එයාට මාව මතක නැද්ද...මාත් එක්ක කතා කරෙත් හරිම ආගන්තුක විදිහට...මම ලොකු පැටලවිල්ලකට වැටුනා...

එයාව හොයාගෙන ගිහින් කතා කරන්න එයා ඉන්න තැනක්වත් මම දැනගෙන හිටියෙ නෑ....එදා අහම්බෙන් දැක්ක දවසින් පස්සෙ මම එයාව දැක්කෙ නෑ...

ඉස්කෝලෙ නිවාඩු මාසේ ඉක්මන්ටම ඉවර වෙලා ගියා...මම කලින් වගේම වැඩ ගොඩක් පැටලුනා...නම්ජූන්ව හොයාගන්න එක වැදගත් වුනත් මගේ රස්සාව පරිස්සං කරගන්න මට වැඩ කරන්න වුනා...රෝස් වත් බලාගෙන හරිම අමාරුවෙන් ඒ වැඩ පාලනය කරගනිද්දි ජූන් ගැන හොයන වෙලාව මටත් නොදැනීම අඩු වෙලා ගියා....

මොන වැඩ තිබ්බත් රෝස්ව මට සතියට දෙපාරක් තුන්පාරක් park එක්කන් යන්න වුනා...නැත්තම් ප්‍රින්සස්ගෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ...ඒවා ඉතිං හුරතල් කරන්න ගිහින් මම ම කරගත්ත දේවල් තමයි...

අප්පා....රෝස් රෙඩී...යමු නේද...

රෝස් 5 min දෙන්න...අප්පා එන්නම්...

අයියෝ අප්පා....ඔච්චර ලෑස්තිවෙන්න දෙයක් නෑ අනේහ්...අපි යන්නෙ park එකටනෙ...

හරි...චුට්ට වෙලාවක් දෙන්නකො ඉතිං...

මොනව කරනවද මන්දන්නෑ...ඔයා කොහොමත් ලස්සනයි අප්පා...හැඩ වෙන්න ඔච්චර වෙලාගන්න එපා...අපි රෑ වෙන්න කලින් එන්නත් ඕනෙ...දැනටමත් පරක්කුයි....

හරිම හදිස්සියක්නෙ තියෙන්නේ ..හාා..හාා.. හරී..යමූ...මම ලෑස්ති ඉතිං...

රෝස් මාවත් ඇදගෙනම එලියට ආවා...park එකට යනකනුත් පරක්කු වුනා කියල බැනගෙනම තමයි ගියේ...rap කරනවා වගේ එකදිගට කියන හුරතල් කතා අහං ඉන්නත් ආසයි...එයාට මේ පුරුදු මගෙන්ම ලැබිච්ච දේවල් තමයි ...ඇත්තටම මගේ ජූන් ඉස්සර මේ වගේම මගේ කියවිල්ලත් අහං හි⁣ටියනේ...මගේ අහිංසක නම්ජුනී...එයානම් ගොඩක්ම කරේ මගෙන් බැනුම් අහගත්තු එක තමයි ...ඒත් අපි ගොඩක් ආදරෙන් හිටියා...ඒ කාලෙ මට හීනයක් වගේ...මගේ ජීවිතේ සතුටුම දවස්...මම ඔයාව ඉක්මනටම හොයාගන්නම්.....

ඔන්න අපි ආවා...බැහැල ගිහින් ඇති වෙනකල් සෙල්ලම් කරන්න ...හැබැයි පැය 3 කට වඩා බෑ හරිද?...

හරී අප්පා...ලව් යූ..

දඟමල්ල සෙල්ලම් කරන්න දිව්වා...මම පැත්තක තිබ්බ බෙන්ච් එකක වාඩි වෙලා එයා දිහා බලං හිටියා...

ටික වෙලාවක් එයා දිහා බලං ඉඳලා දාඩිය දාගෙන සෙල්ලම් කරන රෝස්ට ice cream එකක් ගන්න මම එතනම තිබ්බ shop එකට ගියෙ කොහොමත් තව ටිකකින් එයා ice cream ඉල්ලනව කියල දන්න නිසාමයි...රෝස්ව තනියම park එකේ දාලා ආපු නිසා මම ice cream එකත් අරගෙන ඉක්මනින් ආවා...

එක පාරටම මට මාව රත්වෙලා යනවා වගේ දැනුනෙ මගේ රෝස් park එකේ පේ්න්න හිටපු නැති නිසයි...මගේ අතේ තිබ්බ ice cream එක බිමට වැටුනෙ මටත් නොදැනිමයි...

මම මුලු park එක පුරාම කෑ ගහ ගහ රෝස්ව හෙව්වත් ඒ කිසිම තැනක රෝස් පේන්න හිටියෙ නැති වුනාම මට මගේ මුලු ඇඟම පණ නැති වෙලා යනව වගේ දැනුනා...පැයකුත් ගෙවිලා ගියා...මම  මුලු park එක පුරාම පුළුවන් හැම විදිහකටම රෝස්ව හෙව්වත් මට රෝස්ව හොයාගන්න පුළුවන් වුනේ නෑ....මම මගේ රෝස්ව නැතිකරගත්තා...මගේ දරුවව පරිස්සංකරගන්න වත් බැරි වගකීමක් නැති මනුස්සයෙක් මම...

⁣මට දැනුනෙ මගේ හුස්ම හිරවෙනව වගේ..තවත් කකුල් දෙකන් හිටගෙන ඉන්න පුළුවන් කමක් තිබ්බෙ නැති නිසා මාව එතනම ඇදගෙන වැටුනා....මගේ ජූන් නැතිවෙච්ච දවසෙ දැනිච්ච මූසල හැඟීම අඩුවක් නැතුව මට අදත් ඒ විදිහටම දැනුනා...

අනේ රෝස් අප්පා ලඟට එන්න පැටියෝ...අනේ  මගේ රෝස්....කලින් වතාවෙ වගේ දුර්වලයෙක් වගේ අඬ අඬ ඉන්න බෑ මට..මගෙ පපුප පැලිලා යන්න තරම් ලොකු වේදනාවක් දැනුනත් ඒ හැම දෙයක්ම අමතක කරල දාලා මම මගේ දරුවව හොයාගෙන යන්න කකුල් දෙකට හයිය අරගෙන නැගිට්ටා...

අප්පාාා....

ඒ මගේ රෝස් නේද...රෝස්ගෙ කටහඩ ඇහෙනවත් එක්කම මම ඒ දිහාව බැලුවෙ මගේ රෝස්ව බලාපොරොත්තුවෙන්...

♡𝐈𝐦𝐦𝐨𝐫𝐭𝐚𝐥 𝐥𝐨𝐯𝐞♡Where stories live. Discover now