Hyung

257 71 4
                                    

ඔයාලා පරිස්සමෙන් යන්න පුතාලා.යුන්ගිට මුකුත් වෙන්නේ නෑ..

මිසිස් ජෝන්ව ගේ ගාවින් දාලා ජින් නම්ජුන් ජන්ග්කුක් එක්ක හොස්පිටල් එකට ගියා.ජින්ව හොයන් කාමරේට ආපු ජන්ග්කුක් ට ජින් නම්ජුන් කතා වුන හැමදේම ඇහුන නිසා තවත් බොරු කියලා තේරුමක් නැ කියන එක තේරුම් ගත්ත නම්ජින් දෙන්නා ජන්ග්කුක් ට ඇත්ත කියලා එයාවත් එක්කගෙනම හොස්පිටල් එකට ආවා.

මිස්ට කිම් මේ ID එකේ තියෙන විස්තර වගේම මිස්ට මින් යුන්ගිගේ වාහනේ,ගෙදර,එයා යන එන තැන් ඒ වේලාවල් ,ආශ්‍රය කරන අයගේ හැම විස්තරයක්ම මේ අපරාදේ කරපු මනුස්සයාගේ ෆෝන් එකේ තිබිලා හම්බුනා.ඒ මනුස්සයට කතා කරන්න බෑ.ඒ නිසා කට උත්තරයක් ගන්න බැරි වෙයි.ඒත් අපි මේ කේස් එක වෙනුවෙන් අපෙන් කෙරෙන්න ඕන රාජකාරිය උපරිමයෙන් කරනවා.අපිට මිස්ට මින් ට සිහිය ආවාම දැනුම් දෙන්න අපි යන්නම්.

ස්තූතියි ඔෆිසර්..

ඔෆිසර් ගියාම නම්ජුන් ඩොක්ටර් හම්බෙන්න ගියාම කුකි ජින් එක්ක යුන්ගිගේ රූම් එකට ගියා.

යුන්ගිගේ බඩට වෙලුම්පටි දාලා තිබුන නිසා යුන්ගිගේ උඩුකය නිරුවත්ව තිබ්බේ..තුවාල වෙලා තිබ්බ තැන තිබුනු ලේ පාර දකිද්දි ජන්ග්කුක් ගේ ඇස් වල කදුලු අලුත් වුනා.ජින් ජන්ග්කුක් ගේ පිටට තට්ටුවක් දාලා යුන්ගි ගාවට ඇවිදන් ගියා.

ඩුවට් එක යුන්ගිගේ තුවාලේ වැහෙන්න උඩට කරපු ජින් යුන්ගිගේ කොන්ඩේ අතරින් තමන්ගේ අත යැව්වා.

හ්..හියුන්ග්,යුන්ගි හියුන්ග්ට මේහෙම කරන්න තරම් හතුරෙක් නෑනේ..

ජන්ග්කුක් අහද්දි ජින් නිහඩවම ඔලුව වැනුවා.

ඉතින්..මෙහෙම කරන්නේ කවුද හියුන්ග්.හේතුව මොකක්ද මගේ හියුන්ග් ට මෙහෙම කරන්න..

ජන්ග්කුක් ආයේත් කලබල වෙනවා දැකපු ජින් ජන්ග්කුක් ගාවට ගිහින් එයාව තුරුලු කරගත්තා..

ඉක්මනටම මේ දේවල් පිටිපස්සේ ඉන්න කෙනා හම්බෙයි කුක්.දුක් වෙන්න එපා යුන්ගි හොදින්..ඔයා ඔහොම අඩන්න එපා දරුවෝ..

ජින් ජන්ග්කුක් ගේ පිට පිරිමදින ගමන් කියද්දි ජන්ග්කුක් ඔලුව වනලා කදුලු පිටිඅත්ලෙන් පිහාගත්තා.

ඒ එක්කම රූම් එකට ආපු නම්ජුන් ජින්ට සැනසුම් හිනාවක් දීලා යුන්ගි ගාවට ගිහින් යුන්ගි දිහා බලන් හිටියා..

යුන්ගිට හෙට වෙද්දි සිහිය එයි කිව්වා ඩොක්ටර්..ඒත් සතියක් වගේ ඉන්න වෙයි හොස්පිටල් එකේ..

හ්ම්..එයාට බරපතල නැති එක හිතට සහනයක්.

ජින් කියද්දි නම්ජුන් ඔලුව වනලා ගිහින් සොෆා එකෙන් වාඩි වෙලා ෆෝන් එක අතට ගත්තා.

ඔෆිසර් මට කිව්වා කෝල් කරන්නම් කියලා අර මනුස්සයා ගෙන් තොරතුරක් ගත්ත ගමන්..අපිට හෙට වෙද්දි දැනගන්න පුළුවන් වෙයි..ජින් හියුන්ග්..ඔයා කුක් එක්ක ඉන්න මම ස්ටූඩියෝ එකට ගිහින් එන්නම්.මීඩීයා වලින් හම්බෙන්න කතා කරනවා.

එයාලා මේක මීඩීයා වල දායිද හියුන්ග්..එතකොට හැමෝම යුන්ගි හියුන්ග්ව දැන ගනී.

මම දන්නවා කුක් යුන්ගි මේකට නම් අකමැති වෙයි කියලා.ඒත් දැනටමත් මේක පැතිරිලා.මට පුළුවන් උපරිම යුන්ගිගේ නමට හානියක් නොවෙන්න වැඩ කරන්න උත්සාහ කරන්නම්..ඔයා හියුන්ග් එක්ක ඉන්න මම ඉක්මනට එන්නම්.

ජුන් පරිස්සමෙන්..මට ඔයා ගැනත් බයයි..

ප්‍රශ්නයක් වෙන්නේ නෑ.ඔෆිසර්ස්ලා එක්ක මම කන්ටැක් තියන් ඉන්නේ ජිනි..ඔයා කුක් එක්ක ගිහින් මොනාහරි කාලා ඉන්න..යුන්ගි හොදින් ඔයාලා කිසිම දේකට දුක් වෙන්න එපා දැන්.තේරුනාද?

නම්ජුන් ජින්ව බදාගෙන නළලට හාදුවක් දීලා යන ගනන් කුක්ගෙත් ඔලුව අතගාගෙනම රූම් එකෙන් එළියට ගියා.

🔮🔮🔮🔮
කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම තැන්ක් යූ.ලව් යූ.❤️

You And IWhere stories live. Discover now