wangxian 5

48 13 11
                                    

අවන්හල ඉදිරියේම පිහිටා තිබූ වැවේ එක් කොනක පිහිටා තිබූ මදක් උස් ගැටයක්  අසල යිබෝ වාහනය නවතා දැමුවේය.වැව් තාවුල්ලේ උසම ස්ථානය වූ එහි, එහි සිටින්නෙක්ට වැවත් ඒ අවට පරිසරයත් අලංකාර දර්ශනයක් මවා පෑවේය.විදී පහන් ආලෝක ඒ වන විට දැල් වී තිබූ අතර වැව් තාවුල්ලට මෙහා දැල්වෙමින් තිබූ ආලෝකය කදු ගැටය මත තිබූ විශාල චෙරි ගසේන් බේරී ජල තලය මත කුඩා චායා ඇති කරමින් නැති කරමින් පැවතිනි.

"ම්ම්ම්ම් මෙතන මෙහෙම ඇති කියලා මම හිතුව..ආආ මේ ගහේ අතු මේ මුලේ ඉදන් තියෙන්නේ පොඩ්ඩක් නගිමු මේකට " යයි කියූ ශියෝ වොඩ්කා බෝතල් දෙක බිමින් තබා ගසට නගින්නට පටන් ගත්තේය.තාවුල්ලට එන පමාවට ශියෝ විසින් එක්‌ වොඩ්කා බෝතලයක අඩක්ම ඒ වන විටත් හිස් කර තිබිණි.

"එඉ එඉ මේ මොකද කරන්නේ.. පහලට බහින්න මේක ටවුන් ඒක " යිබෝ කලබලයෙන් වාහනය දෙස සිට දුවගෙන පැමිණ ශියෝ චෙරි ගසේ මුදුනට නගින්නට පෙර ඔහුගේ ඉනෙන් අල්ලාගෙන පහලට ඇද්දේය.

"චී චී ලොක්කා කලිසමේන් අදින්න එපා.. ගස් නගින්න බැරි නම් එන්න මම කියලා දෙන්නම් " ගස බදාගෙන ශියෝ කෑගැසීය.

" මේ මනුස්සයෝ මගේ යකා අවුස්සගන්න එපා " එවර යිබෝ මුළු ඇගේම ශක්තිය යොදා ශියෝව පහලට ඇද්දේය. මද මත් ගතියකින් පසු වූ ශියෝ  උඩුබැලි අතට බිම වැටිණි.

"දෙවියනේ මේ මොකක්ද මම කලේ අනේ ශියෝ ශියෝ " යිබෝ ශියෝගෙ කම්මුල් වලට තට්ටුවක් දැම්මේය.

"අහ්හ් අහ්හ් මම හොදින් කො කො මගේ බෝතලේ දෙන්න " ශියෝ නිදාසිටියෙක් නැගිට්ටා මෙන් කෑ ගසගෙන නැගිට්ටේය. ඔහුගේ කොන්ඩයෙ හා පිටෙහි වල් කැබලි ඇලි තිබිණි.

''මේ බලන්නකො අගෙ හැමතැනම දුවිලිත් ගැවිල''  යිබො ශියොගෙ කමිසයෙ ගෑවි තිබු දුවිලි පිස දමමින් කිවෙය.
එ වෙලෙහි ශියොට බොහො ලන් වී සිටියෙය.
තමා ගෙ පිට පිසින යිබො ඩෙස ශියො මත්වු දැසින් බලා සිටියේය."කො මටත් දෙන්න වොඩ්කා ටිකක්"
යිබො ශියො අඩක් නිම කල වොඩ්කා බොතලයට අත දිගු කර කිවේය.
"ආපූ ඔයටත් දෙන්න ඔනිද? ආ ආ ගන්න්කො හැබැය් හුගක් බොන්න එපා හොදේ." 
ශියො යිබොගෙ අත මත වොඩ්කා බොතලය දෙමින් කිවෙය.යිබො එය එක හුස්මට බොතලයේ ඉතිරියෙන් අඩක් ම පානය කලේය.
"හා හා ඔච්චර එක පාර බොන්න එපා.වතුර නෙවෙ නෙ." ශියො කිවෙය.ඔහු යිබො දෙස බලා සිටියදිම ඔහුගෙ කන් දෙක රතු වි ගියෙය.
මෙතෙක් වෙලා හොදින් විවර වි තිබූ යිබොගෙ දෑස්  අඩවන්ව ගියේය.
"මෙ මෙ ඔයා හොදින් නෙද ලොක්කා" ශියො අසුවෙය. එක් ඉක්කාවක්  අඩවන් දැසින් වාතයට මුදා හැරි යිබො එත් සමගම ශියොගෙ උර මතට වැටිනි.
"හැ මෙ මොකද?? .හපොය් මට අමතක උනා මෙයාල එක කොප්‍පයක් බිවත් ඇතිනෙ වැටෙන්න."ශියො ඔලුවෙ අත ගසා ගනිමින් කිවෙය.
ගස් අතරින් පෙරී ආ වීදී පහන් ආලොකය යිබොගෙ මුහුනට වැටිම නිසා යිබො ගෙ මුහුන වඩා කඩවසම් වි අති සැටි ශියො බලා සිටියෙය.
"ලන්චාන්..." ශියො මිමිනුවෙය.ශියොට යිබො ගෙ සැර සුවද විලවුන් සුවද ආවෙය.තමා ගසෙන් බිමට අඩිමට රන්ඩු විම නිසදො කමිසයෙ උඩ බොත්තම්
නිරවරනය වි තිබිනි.එ තුලින් නිරාවරනය වී පෙනුන ඔහුගෙ  කිරි පැහැති පපුව දෙස නොබලා සිටිඔන්නට ශියො කොපමන උත්සහ කලද එය වියර්ත වි ගියෙය.
"අය්‍ යො ......අනෙ අනෙ නැගිටින්නකො දෙය්‍ යනෙ...කො කො නැගිටින්නකො ඉතින් අපි ගෙදර යන්නත් ඔනි නේද??මොක්කක්ද මෙයට කිය්න් අර බහුබුත නම...අහ් යිබො යිබො නැගිටින්නකො
නැගිටින්නකො අනේ."  ශියො යිබොව සොලවමින් කිවෙය.

"ම්ම්ම් මොක්කක්ද කියන්නෙ." යිබො මත් බවින් අසුවෙය."අනෙ යිබො අරක පදවන් ඉක්මනට අපි ගෙදර යමු."ශියො කිවෙය.

"මට යන්න බැ මට ගෙදර යන්න බැ අපි මෙතන ඉමු... ඔයා එක්ක ඉන්න එක ෂොඕඕය් අනේ " යැය් කියමින් යිබෝ ශියෝව වැලද ගෙන කැගසන්නට වීය.

"ශ්ශ්ශ්ශ්ශ්ෂ්.... " ශියෝ කටට දබර ගිල්ල තබා යිබෝගේ මුනටම එබුණේය.

"හේඑඑ ඔයා මාව කිස් කරන්නන නේද යන්නේ... හෙහ් " යිබෝ තවත් ඉක්කාවක් පිට කරමින් කිවේය.

"කො එන්න එන්න මගේ ලගට මගේ සුටියා.. ෂිය්ය්ඕඌඔ........" යිබෝ ශියෝගෙ කර වටා අත් දෙකෙන් අල්ල ගමින් කිවේය.

"ඔයා න්නැතුව මට පාලුයි අන්නේ... ඔයා අම්පේ ගෙදර යම්මුකෝ ශිය්ය්යෝ අන්නේ... යල්කෝ... ෂියයෝ "

"එඉ එඉ පිස්සු හැදීගෙන එනවද යිබෝ විකාර කරන්නේ නැතුව නැගිටින්න්කෝ අප්පා "ශියෝ යිබෝව නැගිට වීමට උත්සහ කළේය.. ඒ සැනින් යිබෝ පහතට නැවි වමනය කළේය.

"අහ්ම්ම්ම් ම්ම් ම්ම් අනේ මට කෙලිම්ම ඉන්ල බැ වගේ ශියෝ උස්සන් යන්න බැරිද.. මට උණ වගේ අය්යෝ " යිබෝ විකාර කරන්නට වීය.

"අප්පාහ් අර වාහනේද මොකක්ද එක එලවන්න දන්නේත් නැ මම දැන් මෙතන මෙයට කෙලින් ඉන්නත් බැ අහ්හ් මතක් උනා උස්සගෙන කෂි මහත්තයගෙ ගෙදර අරන් යමු... එයාව දන්නවත් නේ මේක මෙතන තිබ්බවය් " යයි සිතු ශියෝ තම ගෙල වටා යිබෝ ගෙ අත් යවා ඔහුව හරහට වඩා ගත්තේය. තහාකෂි මහතාගේ ගෙදර ඒ අසලම පිහිටීම නිසා ශියෝ වේගෙන් යිබෝ රැගෙන එහි ගියේය .අපහසුවෙන් යිබෝ වීසින් ගනු ලැබු සුසුම් තම ගෙලෙහි වැදෙනු ශියෝට දැනිණි. යිබෝව තව තවත් තර කර අල්ල ගත් ඔහු ඉක්මනින් කෂි මහතාගේ නිවස වෙත පිය මැන්නේය.

A/n

වොඩ්ක බෝතලේට මොකද උනේ අහන්නෙපා මෙච්චරවත් ලිව මදැයි.. ක්ලුරේ හැමදාම කියන නිසා ඔන්න් යන්තම් ගැට ගහල ලිව කතාවේ ඉදිරිය පෙන්නේ නැතුව හිර වෙලහිටියේ ඔන්න යන්තම් දැන් හ‍රි ඉස්සරහට ලේසි වෙයි ඉක්මනින් update දෙන්න පුවන් වෙයි සූටී චැපක් අද දුන්නට ඊළග දවසේ දිග එකක් දෙන්නම් ඕකි ඒනම් අපි ගියා පරිස්සමින් ඉන්න

💚❤️𝚆𝙰𝙽𝙶𝚇𝙸𝙰𝙽❤️💚Where stories live. Discover now