wangxian 1

129 17 31
                                    

හොංකොං චීනයේ තවත් එක්‌ වාණිජ නගරයක්. විශාලත්යෙන් හා ලොව වැඩිම ජනගහනයක්‌ ඇති චීනයට තවත් එක්‌ කාර්යබහුල දවසක් උදාඋනා.වුෂියැන් මහත් කම්මැලි කමෙන් යුතුව ඇග මැලි කඩමින් නැගී සිටියේය.හොංකොං නගරයේ වූවද වූෂියෑන් සිටියේ පාලු ස්වබාවයක් ඉසීලු මාවතක කෙලවරේ පිහිටි අත හැර දැමූ නිවසකය.එදා මායා යුගයේදි වන්ජි සමග ගිය මළවුන්ගෙ නගරය හා මෙම නිවසේද කිසිදු වෙනසක් නැති බව වුෂියෑන් හිසකෙස් වල ඇලි තිබූ වියලි ගිය කොළ කැබලි පිසිමින් සිතුවේය. තරුණයෙකුට සරිලන උසින් හා මහතින් යුතු වූ වුශියෑන් තරුණියන්ගෙ ඇස නිතරම යොමු වන තරම් කඩවසම් අයෙකු වීය. ඔහුගේ උරහිස් බොහෝ පළල් වූ අතර පුළුල් අහිංසක දැසකට හා හාවෙකුමෙන් අහිංසක දත් දෙපලකට හිමිකම් කිවේය.ඔහුගේ හිසකෙස් ඉන තෙක් දිගු වූ අතර ඒවා සුමුදු හා කිතුල් රැහැනක් මෙන්ය.උඩින්ම පිහිටි හිසකෙස් ටිකක් එකතු කොට ගැට ගසා පහලට කඩා හැලෙන ලෙස පිළිවෙල කර තිබුණි. කෙතරම් කඩවසම් තරුණයෙක් වුවද වුෂියෑන්ගෙන් මෙවේලේ නම් දිස් වුයේ විසි එක්වන සියවසට ගැලපෙන බවක් නම් නොවේ. මුහුණේ හා අත්වල හා ඇදුමේ දුහුවිලි තැවරී තිබුණු අතර ලොකු අපිරිසිදු කපු  කමිසයක් හා කපු කලිසමකින් වුශියෑන් සැරසී සිටියේය.කොණ්ඩයෙ තැනින් තැන කොළ හා දුවිලි තැවරී තිබුනේය.දුවිලි වැකුන ඔහුව සමාන කල හැක්කේ නගරයේ වීසු වීදි වල සිගමන් යදින්නන්ටය.. වෙයි වුෂියෑන්....ඔහු අයත් වූයේමායා යුගයටයි.. එහි දි ඔහු කලකට පෙර ඔහු වීසින්ම ඔහුගේ දිවි තොර කරගෙන මිය ගියද මෝ නම් වූ එක්‌ ධාන්‍යවේදියෙක්‌ගෙ කැදවීම නිසා මියගිය වුශියෑන් නැවත ආවේය... ඒ මගින් ඔහුට අමරණියත්වයේ බලය ලබාගැනීමටද කාල තරණය කිරීමේ විශේෂ බලයද දායාද වශයෙන් ලැබිනි. ධාන්‍ය වැඩිම මගින් පෙර දින රාත්‍රීයේ නව යුගය හෙවත් විසි එක්වන සියවස කරා පැමිණිමට වුෂියෑන්ට හැකි වීය. ඔහුට එදා රාත්‍රියම ගත කරන්නට සිදු වුයේ මේ පාලු ගොඩනැගිල්ලේහීය. මායා යුගයේ සිට විසි එක්වන සියවසට වුශියෑන්ට කිසිදු හේතුවක් නොතිබුනේය. නමුත් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය යමෙක් මායා යුගයෙන් මිය ගොස් විසි එක්වන සියවසේහී ජිවත් වන බව අවුරුදු විසි එකකට පසුව වූෂියැන්ගෙ බලයට දැනී තිබිණි. පුරා අවුරුදු විසි එකක් තනිකම දුක පාළුව ගත සිත දරා සිටි වුශියැන්ට අවසානයේ ඔහුගෙ හදවත මෙහි ගැහෙන බව දැනුනේය.ලන් වන්ජි....තමා හා සම උස හිමි හිම මෙන් නිතරම හිම මෙන් පිරිසිදු වචන පහකට වඩා කටින් පිට නොකරන තමා වෙනුවෙන්ම කැප වූ වන් ජී.... ඔහු නැතිව කුමන ලෝකයක් වුවද වූෂියැන්ට අවැසි නොවිය. වුෂියෑන් විසි එක්වන සියවසට කාල තරණය කීරීමට එකම හේතුව ඔහු පමණක්ම වීය. දැන් වුශියැන්ගෙ එකම අවශ්‍යතාවය විසිවන සියවස ආ ඔහුගේ වන්ජීව සොයා ගැනීමයි...
     වුෂියැන් දුහුවිලි පොලව මත එරමිනියා ගොතා ඉදගෙන දෑස් පියා ඔහුගේ අවසාන මොහොතේදි වන්ජි වීසින් වුෂියෑන්ට ලබා දුන් වන්ජිගෙ හිස් පලදනාව අතේ තබාගෙන ඒ වෙත මනසින් අවදානය කොට ඒ මගින් ඔහු සිටින ඉසව් පිළිබදව ඉව ඇල්ලුවේය.. අවසානයේදි ඔහුට හොංකොං නගරය මැද පිහිටි එක් වැවකට මුහුණලා තිබෙන අවන්හලක්‌ අසලින් මනස නතර වීය.. ඒ අනුව වුෂියෑන් ඒම අවන්හල කරා යා යුතු වීය.

💚❤️𝚆𝙰𝙽𝙶𝚇𝙸𝙰𝙽❤️💚Where stories live. Discover now