I wanna stay

248 72 12
                                    

නම්ජුන් එද්දි ජින් සොෆා එකට වෙලා ෆෝන් එක දිහා බලන් ඉද්දි කුක් නම් යුන්ගි ගාව වාඩි වෙලා ඇදට ඔලුව තියන් ලොකු නින්දක හිටියේ.

හියුන්ග්..

ඔහ් ජුන් ඔයා ආවාද?මම මේ ඔයා මීඩීයා වලට කිව්ව දේ බල බල හිටියේ..
ජින් නම්ජුන්ව හග් කරාම දෙන්නම සොෆා එකෙන් වාඩි වෙලා කුක් දිහායි යුන්ගි දිහායි බැලුවා.

ඒක හොදට වුනා.ඒත් යුන්ගි තවදුරටත් රහසක් නෙමෙයි...

හ්ම්..ඔයාට කාවද සැක ජුන්?
ජින් අහද්දි ජන්ග්කුක් දිහා බලන් හිටිය ජුන් ලොකු හුස්මක් පහළ දැම්මා.

මං ප්‍රාර්ථනා කරනවා මම හිතන කෙනා නම්වෙන්න එපා කියලා ජිනි..එහෙම වුනොත්...මම දන්නේ නෑ කුක්ට තවදුරටත් යුන්ගි එක්ක ඉන්න පුළුවන් වෙයි කියලා..

හ්ම්..මමත්..ජන්ග්කුක් ගැන මට කනගාටුයි..ආ මට අමතක වුනා මිසිස් ජෝන් කතා කරා.මිස්ට ජෝන් මිසිස් ජෝන්ට බැනලා කුක්ව අපි එක්ක එව්වට..එයා එළියට ගිහින්..ඉතින් මිසිස් ජෝන් කිව්වා මිස්ට ජෝන් එන්න කලින් පුළුවන් නම් කුක්ව එක්කන් එන්න කියලා..

හ්ම්..එයා යයිද හියුන්ග්...?

උත්සාහ කරලා බලමු..එහෙම නොකළොත් ප්‍රශ්නේ බරපතල වෙයි..

..
අනේ හියුන්ග් මට යන්න බෑ..ම්..මම ඉන්නම්..අනේ තාම යුන්ගි හියුන්ග්ට සිහිය ආවේත් නෑ..අනේ මට යන්න බෑ..

ජන්ග්කුක් ජින්ව බදාගෙන අඩන්න ගත්තේ නම්ජුන් ජන්ග්කුක්ව ගෙදර එක්කන් යන්න හදපු නිසා.ජින් දුකෙන් බලන් ඉන්න නම්ජුන් දිහා බලලා ලොකු හුස්මක් අරන් ජන්ග්කුක්ව තමන්ගෙන් ඈත් කරලා ඒ ඇස් වල තිබුනු කදුලු පිහලා දැම්මා.

කුක්..අහන්නකෝ.ඔයා දැන් යන්න ඕනි.ඔයාගේ ඔම්මා කතා කරලා එක්කන් එන්න කියලා කිව්වේ ඔයාගේ අප්පා කෑ ගහපු නිසා.ඉතින් ඔයා තවත් හිටියොත් අංකල්ට තව කේන්ති යයි.එතකොට ආන්ටිටයි ඔයාටයි දෙන්නටම ප්‍රශ්නයක් වෙනවා.ඔයා අද යන්න.හෙට වෙද්දි යුන්ගිට සිහිය එයි.ඒ ආවාම මම ඔයාට කියන්නම්.එතකොට ඔයාට යුන්ගිව බලන්න එන්න පුළුවන්..එහෙම හොදයි නේද?

You And IWhere stories live. Discover now