06

71 22 1
                                    

ජන්කුක් තාම නිදි , මට ඊයෙ රැ ගෙදර යන්න විදිහක් තිබ්බෙත් නැ . මගෙ ෆෝන් එකත් ඔෆ් . ටේහ්‍යුන්ග් අනිවාරෙන් බය වෙලා ඇති . පොලිසියට නොකිව්වොත් ඇති .
මම බිමින් නැගිටිලා නිදන් ඉන්න ළමයා දිහා එක පාරක් බලලා කිචන් එකට ගියේ කන්න දෙයක්වත් හදලා දෙන්න . දැන් නම් රස්නේ අඩුයි . හොඳටම දාඩිය දාලා .

මම හන්බුන රාමෙන් පැකට් එකක් හදලා එයාගෙ ඇඳ එහා පැත්තෙන් තියලා ඉක්මණට ගෙදර යන්න පිටත් උනේ ටේහ්‍යුන්ග්ව බලන්න .

____________

ගෙදර ගියාට පස්සෙ හන්බුන ටේහ්‍යුන්ග් ගේ බැනුම් ගොඩෙන් පස්සෙ නහයෙන් අඩපු ටේහ්‍යුන්ග් වත් නලවලා , කොලෙජ් ගියේ නැති උනාට කමක් නැ කියලා මම කඩේට ආවෙ පරක්කු වෙලා හරි කඩෙ අරින්න . දවලුත් වෙලා . ජන්කුක් ට කෝල් එකක්වත් ගන්න නම්බර් එකකුත් නෑ . එයාගෙ ඔම්මා ගෙදර ඇවිල්ලද දන්නැ .

අද වැඩට ආවෙ නැත්තන් හොඳයි .
මම එයාව බලන්න යන්නද
එ ළමයා ...

මගෙ සිතුවිලි ඔක්කටම බාද කරන් දොර ඇරුණ නිසා මම ඔලුව උස්සලා බැලුවේ කස්ටමර් කෙනෙක් බලාපොරොත්තුවෙන් . එත් එතන හිටියේ ජන්කුක් . එයාව දැකලා මගෙ මුණට ආපු හිනාව තව ටිකකිම් නැති වෙලා යනවා මටම දැනුනා .

ජන්කුක් ලෙඩ තියාගෙන මෙහෙ මොකද කරන්නෙ !! මට මම නොදැනුවත්වම කැ ගැහුනා .

හ්‍යුන්ග් දැන් හොඳයි . ජන්කුක් සන්සුන් විදිහට කතා කරන ගමන් මට ඉස්සරහින් වාඩි උනා .

එහෙනම් මෙහෙ මොකද ? ඔයාගෙ වෙලාව තාම පටන් අරන් නැ . අනික මම කිව්වා අද ඔයාට නිවාඩු කියලා .

නැ හ්‍යුන්ග් මම සුප් එකක් බොන්න ආවෙ . වැඩට නෙමෙ

අහ්හ්හ් එහෙමද ඉන්න එහෙනම් මොන ජාතියේ එකක්ද ?

______

රසයි හ්‍යුන්ග් . එයාගෙ වෙලාවකට දකින්න හන්බෙන එ ලස්සන හිනාවෙන් මට සංග්‍රහ කරන ගමන් එයා මගෙ සුප් එක බිව්වා .

මමනෙ හැදුවේ ...

එකනේ

ජන්කුක් ඔයාට ඊයේ මොකද උනේ ? ඔයා කාලා නෙමෙද හිටියේ ? ඇයි ඇඟෙ තුවාල තිබ්බේ ?

පොඩි රණ්ඩුවක් උනා හ්‍යුන්ග් කොලෙජ් එකේ .

පොඩි බලන්න ඔයාගෙ ඇඟ තැලිලාද කොහෙද ...

වැඩි අව්ලක් නැ හ්‍යුන්ග්

හ්‍යුන්ග් මට ඔයාට දෙන්න දෙයක් තියනවා . ජන්කුක් කතා කරන්න ගත්තත් මට අහගන්න බැරි උනේ එ වෙලෙ ආපු කෙනෙක් නිසා .

ජින් ඔප්පා ...

Your Light || jinkook ✔Where stories live. Discover now