09

76 21 3
                                    

ජින් හ්‍යුන්ග් මට උදව්වක් ඔනි .
ජන්කුක් සති එකහමාරකට විතර පස්සෙ මගෙ ළඟට ඇවිල්ල කතා කලා .

කියන්න ජන්කුක් කරදරයක් නෑනේද ?

හ්‍යුන්ග් මම වැඩට අලුත් ඒත් මට අදට නිවාඩුවක් ගන්න පුලුවන්ද සොරී ...

මොකද්ද ප්‍රශ්නෙ ?

ඔම්මා ලෙඩ වෙලා

අහ් එහෙනම් යන්න ඔයා . මම හවස් වෙලා එන්නම් බලන්න

නෑ හ්‍යුන්ග් ඔයා මහන්සි වෙන්න එපා , මට බලාගන්න පුලුවන්

හරි ඔයා පණ්ඩිත වෙන්නෙ නැතුව යන්නකො ජන්කුක්

තැන්ක් යූ හ්‍යුන්ග් .
ජන්කුක් ආපු වෙගෙන්ම ආයෙ දිව්වම මම ඉක්මණට හිටපු කස්ටමර්ස්ලා ටිකට ඔනි දෙවල් යවලා ලැස්ති උනේ කඩේ වහන්න .

ටේහ්‍යුන්ග් ට මැසෙජ් එකක් දාන්න මතක තියා ගන්න ජින් . මටම කියාගෙන මම උණුවෙන්ම සුප් එකක් හදාගත්තේ කූගේ ඔම්මට දෙන්න .

හිතලා හිතලාම මට එක දෙයක් තෙරුණා . එත් මම එක තෙරුන් ගත්තේ නැ වගෙ හැසිරෙන්න කැමතියි . මොකද එක ගොඩක් හොඳයි .ගොඩාක් හොඳයි

මතක තියා ගත්තු විදිහට එන්න පරක්කු වෙයි කියලා ටේටත් මැසෙජ් එකක් දාලා . කඩෙත් වහලා මම ජන්කුක්ගේ ගෙදට්ට යන්න ටැක්සි එකක් නවත්ත ගත්තා . බස් එකක් එනකන් බලන් ඉන්න ගියොත් සුප් එක නිමෙනවා .

මම ගෙදර දොරට ගහලා විනාඩි දෙකක් විතර යනකොට දුවගෙන ආපු ජන්කුක් දොර ඇරියා .එයා හිටියේ හොඳටම කලබල වෙලා වගෙ කියලායි එයාගෙ මුණෙන් පෙනුනේ .

හ්‍යුන්ග් ..

ඔහ් ජන්කුක් ඔම්මට ගොඩක් අමාරුද ? මම ගේ ඇතුලට ඇතුල් වෙලා ජන්කුක් ගෙ පස්සෙන් රූම් එකට ගියා .

මම එ ජන්කුක් ගේ ඔම්මව දැකපු පළවෙනි පාර . ඇත්තටම මහන්සියට මැලවිලා තිබ්බ මූණ ඇරෙන්න පොඩි වයසක්වත් පෙන්න නෑ . අඩුම මට වඩා අව්රුදු දහයකට වඩා වයසයිද කියලාවත් හිතා ගන්න බෑ . මම ටික වෙලාවක් එයා දිහා බලන් හිටියා . එත් මාව ගැස්සිලා ගියේ ජන්කුක් එහාට කරපු බෙඩ් ශීට් එකෙන් වැහිලා තිබ්බ එයාගෙ අත් වල තිබ්බ තුවාල වලට .

හ්‍යුන්ග් ..
මම බලන් ඉන්නවා දැකලද කොහෙද ජන්කුක් කතා කරාම මම සුප් එක එයාගෙ අතට දීලා ෆෝන් එක අතට ගත්තේ ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න .

හ්‍යුන්ග් මොකද්ද කරන්න යන්නේ ?
ජන්කුක් ගේ මූණෙ තිබ්බෙ කවදාවත් නැති අසරණ පෙනුමක් . එ නිසා මම එයාට හිනා වෙලා අඳුරන ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරේ ගෙදරට එන්න කියන්න .

ඩොක්ටර් එනවා කිව්වා . ඔයා මොනවා හරි බෙහෙත් දුන්නද ?

නෑ හ්‍යුන්ග් හෙට බෙහෙත් ගන්න එක්කන් යන්න හිටියේ .

අදද ලෙඩ උනේ ?

ඔව් හ්‍යුන්ග් කලින් ඉදන් ලෙඩ වගෙ තිබ්බා ඔම්මා බෙහෙත් ගන්න බැ කිව්වා . එත් අද වැඩි වෙලා .

අහ්හ් හරි ජන්කුක් ඔයා ඔම්මාගෙ මූණ එහෙම උණු වතුර ටිකක් අරන් තවන්න . මම හිතන්නැ මම එක කරනවට එයා කැමති වෙයි කියලා .

ලාවට ඇස් ඇරන් හිටිය ජන්කුක්ගේ ඔම්මා දිහා බලලා මම හිනා උනා . මම දැක්කා එයාවෙ මැලවිලා තියන මූණටත් පොඩි හිනාවක් එනවා .

එයා මාව දන්නවද ?

ඇඳෙ ඉඳන් වැඩෙ පටන් ගන්න යන ජන්කුක් ගෙන් මම ඇහුවා .

අහ් ඔව් ටිකක් විතර දන්නවා . හ්‍යුන්ග් ට මට වතුර ටිකක් ගෙනල්ලා දෙන්න පුලුවන්ද ?
.
.
.
.
.

අටට විතර ආපු ඩොක්ටර් ඔනි කරන බෙහෙත් ටිකත් දීලා යන්න ගියේ එයාට ගොඩක් මහන්සි වෙන්න එපා කියලා .

ඩොක්ටර් යනකොට ජන්කුක් ටත් ඇඳ උඩම ඔලුව තියාන බාගෙය නින්ද ගිහින් තිබ්බේ එයාගෙ ඔම්මාගෙ අත අල්ලගෙනම .

කොහොම හරි මම ජන්කුක් ව නැගිට්ටවගෙන එක්කන් ආවෙ කන්න දෙයක් දෙන්න .

ජන්කුක් ඔයාත් ලෙඩ උනොත් ඔම්මව බලාගන්න කෙනෙක් නැති වෙනවා . ඔකෙන් මොනවා හරි කන්න .

එත් හ්‍යුන්ග්

ඔම්මට හොඳ වෙයි ඉක්මණට ඔයා හෙට ඉඳන් බෙහෙත් ටික දෙන්න . මම මෙ මාසෙම සල්ලි ඔයාට හෙට දෙන්නම් එතකොට හරිනේ එයාව ගෙදර තියාගන්න .

හ්‍යුන්ග් ඔයා කරදර වෙනවා .

එහෙම නෑ . මගෙ ඔම්මා උනානම් මම මෙ දේම කරනවා .

හ්‍යුන්ග් ගේ ඔම්මා ?

අහ් මට ඔම්මා කෙනෙක් නෑ . ටේහ්‍යුන්ග්ගේ දෙමව්පියො මාව හදාගන්න අරන් තිබ්බේ පොඩි කාලේ .

සොරි හ්‍යුන්ග්

එක ප්‍රශ්නයක් නෙමෙ , ජන්කුක් මම මෙහෙම ඇහුවට කමක් නැද්ද , ඔයාගෙ ඔම්මට වයස ....

එයාට තාම 36 හ්‍යුන්ග්

ම්හ්හ් ඔයා ඕක කන්න , මම සුප් එක උණු කරන්නම් ඔම්මට කන්න දෙන්න .

තැන්ක් යූ හ්‍යුන්ග් හැමදේටම ...

Your Light || jinkook ✔Where stories live. Discover now