I'm fine

256 72 11
                                    

ජන්ග්කුක් පහළට එද්දි මිස්ට ජෝන් පඩිපෙල ගාව හිටියත් ජන්ග්කුක් මිස්ට ජෝන්ව ගනන් නොගෙන එයාගේ ඔම්මා ගාවට ගිහින් වාඩි වුනා.

ජන්ග්කුක්

මිස්ට ජෝන් කතා කරද්දි ජන්ග්කුක් එයාගේ අතේ තිබ්බ ක්‍රීම් එකෙන් ටිකක් අරන් මිසිස් ජෝන්ගේ නළලේ ගෑවා.

ජන්ග්කුක්!!

ආයේත් මිස්ට ජෝන් කතා කරා.හැබැයි කලින්ට වඩා ඒ කටහඩ ටිකක් සැරවෙලා තිබ්බා.ඒත් ජන්ග්කුක්ගේ කිසි ප්‍රතිචාරයක් නැති තැන මිස්ට ජෝන් මහ හයියෙන් ජන්ග්කුක්ගේ නම කෑ ගහද්දි මිසිස් ජෝන් වගේම කිචන් එකට ගියපු සෝයුන් පවා බය වුනා.ඒත් ජන්ග්කුක්?එයා තාම එයාගේ ඔම්මාගේ නළලේ ක්‍රීම් ගානවා.

ක්..කුක්..අ..අප්පා කතා කර--

ශ්ශ්ශ්..
ජන්ග්කුක් එයාගේ ඔම්මා කතා කරන එක මගින් නවත්තලා හරි ලස්සන හිනාවකින් මිසිස් ජෝන්ට සංග්‍රහ කරා.

දැන් හරි ඔම්මා.ඕක අඩු වෙයි.මම රූම් එකට යන්නම්.ඔම්මාත් යන්න.විවේක ගන්න.

ජන්ග්කුක් පුටුවෙන් නැගිටලා යද්දිම මිස්ට ජොන් ජන්ග්කුක්ගේ අතින් අල්ලලා නැවැත්තුවා.

උඹ කොහොමද මාව ගණන් නොගෙන ඉන්නෙ ජොන් ජන්ග්කුක්..උඹට ගුටි කන්න ඕනද?

මිස්ට ජෝන් අහපු දේවල් වලට ජන්ග්කුක් මුකුත් නොකියා මිස්ට ජෝන් දිහා බලන් හිටියා.

හරි ඒක වැඩක් නෑ.ඉතින් කාගේන් අහලාද අරූව බලන්න ගියේ?අනික ඌට දැන් කොහොමද?තාම ජීවත් වෙනවා නේද?

මිස්ට ජෝන් ඒ අහපු දේට ජන්ග්කුක් මුකුත් නොකියා මිස්ට ජෝන් දිහා බලන් හිටියා.

ඔහ් ජන්ග්කුක් ශොක් වෙලා වගේ එවුන් වූ..මෙයාගේ හැසිරීම අපේ වැඩ ලේසි කරනවා.

මිස්ට ජෝන් ජන්ග්කුක්ගේ කම්මුල් දෙකෙන් තද කරලා තමන්ගේ මූන ජන්ග්කුක්ට ලං කරන් කිව්වත් තාමත් ජන්ග්කුක් හිටිය විදිහමයි.මිසිස් ජෝන් තමන්ගේ ඇස් වලින් වැටෙන කදුලු වගේම කටින් පිටවෙන්න එන ඉකියත් නවත්තගන්න ලොකු උත්සාහයක් ගත්තා.එයා මේ වගේ ජන්ග්කුක් කෙනෙක් බලාපොරොත්තු වුනේ නෑ

You And IWhere stories live. Discover now