නමුත් විරාජ් කුමරු නොසිතූ දෙයක් එදා උදෑසන සිදුවිය.ලොකු අම්මා ඔහුට විවාහයක් තීන්දු කර හමාරය , නමුත් ඇය එය පැවසුවේ රාජසභාවේ දීය .කුමරුට මෙය ප්‍රතික්ෂේප කිරීමට ද නොහැකි වූයේ එබැවිනි.ශාරද් තම අයියාගේ විවාහ ය ගැන ඉමහත් සේ සතුටු වුණා .එය තව මසකට පසුව සිදු කිරීමට තීරණය කර තිබුණා.නමුත් ඔහුගේ විවාහ දිනයේ ම ශාරද්ගේ ස්වයං වරය සිදු කිරීමට තීරණය කර තිබුණි.එය ශාරද්ව තම ප්‍රශ්නයේ ම පැටලවීමකි . ඔහු විස්මයට පත් වීය.අයියා ගේ හා මල්ලී ගේ දෛවයන් එකම දවසටම ලියවීමට නියමිත ය.මේ අතර පුංචි අම්මා ගේ කෲර සිත ක්‍රියාත්මක කලාය .ඇයට ඇත්තේ තව මසක් පමණයි.ඇය තම හිතවත් නයි නටවන්නෙකුට අල්ලස් ලබා දී විවාහය දිනයේදී.තම නයාව මාලිගයට ගෙනෙන ලෙස කීවාය.ඇයට දැන්නම් කිසිසේත් ම විරාජ් කුමරු ට ලංවිය නොහැකි ය.එසේ වන්නේ කුමරුට අනිවාර්යෙන්ම විවාහයෙන් පසු රජකම හිමි වන නිසාය.ලොකු අම්මා මිය යාමට පෙර විරාජ් කුමරු රජවන බව දැන ඔහු කුඩා කල ම පුංචි අම්මා කුමරු මැරීම තම සිතින් ඉවත් කර ගත්තාය.දින එකින් එක ගෙවී ගියේය.කුමාරවරුන්ට මෙතරම් ඉක්මනට දිනයන් උදාවීම ගැන ඇත්තේ කුතුහලයකි . විරාජ් කුමරුගේ අනාගත බිරිඳ අද ඔවුන් හමුවීමට එයි.මල්ලීද ඉතා ඉක්මනින් සූදානම් වූයේ තම නෑනා බැලීමට ය,
සවස් වීගෙන එයි .දෝලා හඬක් ළග ළගම ඇසෙන්නට වෙයි.විරාජ් කුතුහලයෙන් බලා සිටී . ඔවුන් මාලිගයේ දොර අසලට පැමිණියා .විරාජ් සහ ශාරද් වහාම දොර අසල සිටගත්- තේ මනාලිය බැලීමේ ආශාවෙනි . මනාලිය දෝලාවෙන් බසිත්ම විරාජ් ගේ ඇස් අදහාගත නොහැකි වූයේ ඇගේ ලස්සන දැකීමෙනි.ඔවුන් ඇයව මාලිගයට රැගෙන ගියා.ඔවුන්ගේ පිලිසදර කතා බහෙන් පසු ඔවුන් කුමරිය ගේ අදහස විමසුවා.
ඇය තම කැමැත්ත ප්‍රකාශ කලේ ඉතා ලැජ්ජාශීලී ව ඔළුව සොලවමින් ය.
විවාහය එන පෝය දිනයේ පැවැත්වීම ට තීරණය විය.පුන් සද ටිකින් ටික දිනකට වරක් පිරෙයි.පෝය දිනට තව දින දෙකකි . දෙදෙනාම තම දෛවයන්ට මුහුණ දීමට සූදානම් ය.ජීවිතය ඇරඹීමට අයියා නම් සූදානමිනි . මල්ලි නම් නිදහසේ සිටින්නේ තවම ස්වයංවරය පමණක් බැවිනි.
YOU ARE READING
මරණය අභියස
Historical Fictionරාජකීය පවුලක් වටා ගෙතේ ඉන්දියානු ආභාෂය ලබා ලිව්වෙමි නමුත් ප්රබන්ධයක් වේ