යුද්ධය සහ ශාරද්ගේ උපත

9 2 1
                                    

ගිනි දැල් වලින් මාලිගාව වටවිය භයාන් රජු යුධ බිමේ ය.වැදුම් ගෙයි දොර අසල පුංචි විරාජ් කුමරු, ඔහුගේ පුංචි අම්මා සහ ලොකු අම්මා ය.විරාජ් කුමරු යුධ බියෙන් ලොකු අම්මා ගේ ඇගේ එල්ලී සිටී . ඔහුගේ පුංචි අම්මා මහත් නපුරියක් ,ඇගේ පුතාද විරාජ් කුමරු ගේ වයසය,ඔහුද තම මව මෙන්ම ඉතාම මුරණ්ඩු ය.විරාජ්ගේ මව කෑගසන හඬ වැදුම් ගෙය තුලින් ඇසෙයි.

ඔහෑ.... ඔහෑ... කුඩා දරුවෙක් හඬනු ඇසුනු සැනින් ලොකු අම්මා ගේ හා පුංචි කුමරු ගේ සිත් සතුටින් ඉපිලී ගියේ ඔවුන්ට දොර හැරගෙන යන්නට තරම් ආශාවක් ඇති කරමිනි.නමුත් පුංචි අම්මා ට සහ ඇගේ පුතාට නම් මෙය ගැන ඇත්තේ දරාගත නොහැකි තරහකි.ඔවුන්ට ඇතුලට යන්නට අවසර ලැබුණි.විරාජ් කුමරු සමග තනිව කතා කිරීමට අවැසි බව අග බිසව කීවාය.අන් අය සැම දෙනාම ඉවතට ගිය නමුත් පුංචි අම්මා කවුළුවකින් මොවුන් කියන දේ අසා සිටියාය.කුමරුව තම ළගට කරගත් බිසව මෙසේ කීවාය,මගෙ පුතේ මේ යුද්ධයෙන් පස්සේ මේ මාලිගාවේ කුමක් වෙයිද කියා නුඹ දැනගත යුතුය.නුඹ පුංචි වැඩි නමුත් මම මෙය ඔබට කිව යුතුමයි.මෙය හොදින් මතක තබා ගන්න .ඔබගේ මේ කිරි කැටි මල්ලියා ලැබෙන්නට කලින් දවසේ රාත්‍රියේ අපගේ බ්‍රාහ්මණ දෛවත්ඤයා කීවා මේ කුමරු ඉතාමත් පින්වත් කුමරෙක්  කියලා.මොහුව මැරිය හැක්කේ සර්පවිශකින් පමණක් බව ඔහු මට පැවසුවා.හයක් හතරක් නොතේරෙන ඔබට මෙය කීමට සිදුවනවා මට , නමුත් ඔබ මෙය හොදින් මතක තබා ගන්න .

     ඔවුන් සිතා සිටියේ මේ බව කවුරුත් නොදන්නා බවයි.පුංචි අම්මා සියල්ල අසාගෙන සිටියා.ඇය තම අවස්ථාව එන තුරු බලා සිටියා.

යුද්ධය පිළිබදව පණිවිඩ ගෙන එන්නා මෙවර ගෙන ආවේ ඉතාමත් ශෝකාකූල පණිවිඩයකි .භයාන් රජු ගේ මරණය පිළිබඳ දැන්වීම මාලිගාවේ දොර අසලය . පණිවිඩකරු මෙය දාසියකට දැන්වීය.දාසිය මෙය වහාම ගොස් බිසවට කීවේ ඇය සිටි තත්වය අමතක කරමිනි.බිසවගේ හදවත කම්පා විය.

ඇයට මේ වේදනාව දරාගැනීමට බැරි විය.සැම දුක් වේදනා දරාගැනීමට නොහැකිව ඇය මිය ගියාය . විරාජ් කුමරුගේ  පුංචි සිතට මෙය අදහා ගත නොහැකිය . කෙසේ වෙතත් මේ මරණය නිසා රාජ්‍යය ට රජෙක් අහිමි විය . විරාජ්ගේ ලොකු අම්මා රාජ්‍යය මෙහෙයෙව්වා , පුංචි අම්මා තවත් කුමරුට නපුරු කම් කලාය.පුංචි කුමරු ලොකු අම්මා භාරයේ ය, ඔහුට ශාරද් යැයි නම් තබන ලදී.

කුමාරවරු ටිකින් ටික වැඩි වියට පත් විය . විරාජ් කුමරු තම මල්ලී පිලිබඳ ව මව කී දේ තවමත් තදින් මතකයේ තබාගෙන සිටී . පුංචි අම්මා ගේ පුතු ද ඔවුන් සමඟ සිටී.ලොකු අම්මා ගෙන් පසු රාජ්ය උරුමය ලැබෙන්නේ විරාජ් කුමරුටය.පුංචි අම්මා තම පුතා රජ කමට පත් කරන්නට සිතාගෙන විරාජ් කුමරු කුඩා කල ඔහුව මරන්නට ඇය කීප වරක් උත්සහ කර තිබේ.නමුත් ලොකු අම්මා නිසා ඒ සියල්ල ම අසාර්ථක විය.එබැවින් ඇය විරාජ් කුමරු මැරීමට ලොකු අම්මා සිටින තුරු අපහසු බව දැන සිටියාය.එබැවින් ඇය යුවරජ කම තම පුතාට ලබා දීමට දැන් තැත් කරයි . යුවරජ කම හිමිවන්නේ ශාරද් කුමරුට ය, මේ රජ පෙළපතෙහි වැඩිමහල් සහෝදරයාගෙන් බාල සහෝදරයා ට රජ කම ලැබෙන ක්‍රමවේදය පවතියි.රජුට සොයුරන් නැතිනම් පමණක් ඔහුගේ පුතුට රජකම ලැබෙයි.භයාන් රජු මියගිය පසු පුංචි කුමාරයන්ට රජකම ලබාදිය නොහැකි බැවින් ලොකු අම්මා රාජ්‍යය මෙහෙය වීය.නමුත් දැන් කුමරුන් වැඩි වියට පත් ව සිටි නමුත් තවමත් විරාජ් කුමරු රාජ්ය භාරගැනීම ට කැමති නැත.ඔහු කියන්නේ තමුන් පළමුව විවාහ විය යුතු බවය.ඔහු දැන් විසිවන වියේ පසුවෙයි.ඔහුගේ මලනුවන් වන ශාරද් ද දැන් දාසය වන වියේය . ඔහු දැන් ලොකු ළමයෙකි . දිනක් මේ දෙදෙනා සදලුතලයේ කතා කරමින් සිටියදී ශාරද් කුමරු තම අයියා ට කිව්වේ ඔබ දැන් රාජ්ය භාරගන්න කියලා මොකද ඔහුට දැන් මහලු ලොකු අම්මා ට රාජ්ය පාලනය කර නොහැකි බව තේරෙනවා.එවිට අයියා කිව්වේ ඔබටත් දැන් විවාහ වෙන වයස ඇවිත් කියලා,එවිට ශාරද් කීවේ,ඇයි ඔබ විවාහ වෙන්නේ නැතිද කියාය . විරාජ් කතාව වෙන පැත්තකට ගෙන යාමට සැරසුණද ශාරද් ඔහුව ඔහුගේ ප්‍රශ්නයේ ම පැටලෙව්වේය . හරි දැන් හවස් වෙලා අපි දැන් යමු ,කියා විරාජ් කීවේ ප්‍රශ්නයෙන් පැන යමිනි .

මරණය අභියස Tahanan ng mga kuwento. Tumuklas ngayon