New life🌼

239 66 6
                                    

අවුරුදු 5කට පසු ,

වාහනේ වීදුරුව දිහා බලන් හිටිය ජන්ග්කුක් තමන්ව පහු කරන් යනවා වගේ පේන ලොකු ලොකු බිල්ඩින් දිහා බලන් හිටියා..

විනාඩි කීපයකට පස්සේ ලොකු බිල්ඩින් එකක් ඉස්සරහ නවත්තපු වාහනෙන් බැහැපු ජන්ග්කුක් තමන්ගේ ඇදුම හදන් දාන් හිටිය කන්නාඩියත් හදාගෙන ඇතුලට යද්දි එයාගේ ps එයාගේ පිටිපස්සෙන් ආවේ ටැබ්ලට් එකත් අතේ තියන්.බිල්ඩින් එක ඇතුලට යද්දි වාඩි වෙලා වැඩ කරමින් හිටිය හැමෝම නැගිටලා ජන්ග්කුක්ට ආචාර කරත් ජන්ග්කුක් ඉස්සරහම බලන් ගියා.8 වෙනි තට්ටුවේ තිබ්බ තමන්ගේ ඔෆිස් රූම් එකට ආපු ජන්ග්කුක් තමන්ගේ සීට් එකෙන් වාඩි වුනාම Ps එහෙම නැත්තන් පාක් ජිමින් ජන්ග්කුක්ට අද දවසේ ශෙඩුල් එක කිව්වා.

"යුවාන් කම්පැනියේ මීටීන් එකේ ෆයිල්ස් රෙඩි ද කියලා 2nd team එකෙන් අහන්න.එයාලා ඒක රෙඩි කරලා නම් අද ශෙඩුල් එකට ඒ මීටීන් එකත් ඇඩ් කරලා යුවාන් කම්පැනි එකට දැනුම් දෙන්න.."

"හරි මිස්ට ජන්ග්කුක්.මම එහෙම කරන්නම්."

ජිමින්ට ඒ දේවල් පුදුමයක් වුනේ නෑ.මොකද හැමදාම ජන්ග්කුක් එයාගේ ශෙඩුල් එක උදේට අහලා ඉවර වුන ගමන් තවත් ඒකට දේවල් ඇඩ් කරනවා මිසක් තියෙන දේවල් අඩු කරගන්නේ නම් නෑ.ජිමින් ජන්ග්කුක්ගේ ස්කූල් මේට් කෙනෙක්.ජන්ග්කුක් පුදුම වුනා ජිමින් ඉන්ටවීව් එකට ඇවිත් ඉන්න එකට.ජිමින්ගේ සුදුසුකම් මදි වුනත් ජිමින් හොදට රාජකාරිය කරයි කියන විශ්වාසේ නිසාම ජන්ග්කුක් ජිමින්ව එයාගේ පෞද්ගලික ලේකම් කරගත්තා.ඇත්තටම ජන්ග්කුක් හිතුවාත් වගේ ජිමින් ඒ වැඩේ හරියටම කරා..

වෙනදා වගේම මීටීන් ඔක්කොම වේලාසනින් ඉවර කරලා ඔෆිස් රූම් එකට ජන්ග්කුක් ආව ගමන් ජිමින් කරේ වතුර වීදුරුවක් ගෙනත් දෙන එක.

"ජිමින් ඔයා යන්න ගිහින් ලන්ච් අරන් එන්න..දැනටත් පරක්කුයි."

ජිමින්ව වැඩිය මහන්සි කරවන්න ජන්ග්කුක්ට ඕන නැති නිසා ජිමින්ව යවලා ජන්ග්කුක් ආයේ ෆයිල් එකක් පෙරලගන්න ගත්තා.ඒ එක්කම එයාගේ ෆෝන් එක රින්ග් වුනත් කෝල් කරන කෙනාගේ නම දැක්ක ජන්ග්කුක් කෝල් එක කට් කරලා ෆෝන් එක ඕෆ් කරලා දැම්මා.ඊට විනාඩි ගානකට පස්සේ ජිමින් ජන්ග්කුක් කන්න කැමතිම කෑම එකයි උණුම උණු කොපි එකයි ගෙනල්ලා මේස උඩින් තිබ්බා.

You And IWhere stories live. Discover now