Miss Hana

229 64 7
                                    

ජන්ග්කුක් ඔෆිස් එකේ වැඩ කර කර ඉද්දි ටැබ්ලට් එකෙන් මොනාද බල බල රූම් එකට ආපු ජිමින් ටැබ්ලට් එක පැත්තකින් තියලා ජන්ග්කුක් ඉස්සරහින් වාඩි වුනා.

"සර්,මිස් හනාගේ වෙඩින් එකට ඉන්වයිට් කරලා."

"හනා?YA කම්පැනි එකේ?"

"ඔව් සර්.නෙක්ස්ට් වීක් එකේ දවස් දෙකක් වෙඩින් එක තියෙනවා.අපිට ජේජු යන්න වෙයි ඒකට.."

"හ්ම්..ඒකට සේරම දේවල් ලෑස්ති කරන්න ජිමින්.පුළුවන් නම් දවස් කීපයක් වැඩි කරන්න ටිකට් බුක් කරද්දි.මට ටිකක් නිදහසේ ඉන්න ඕන."

"හරි සර්."

......
ජන්ග්කුක් ජිමින් එක්ක ජේජු වල වෙඩින් එක තියෙන හොටෙල් එකට ආවේ එන අමුත්තන්ට ඉන්න හොටෙල් එක මිස් හනා වෙන් කරලා තිබ්බ නිසා.

ජන්ග්කුක් හොටෙල් එකට ඇතුල් වෙද්දිම මිස් හනා ජන්ග්කුක් ගාවට ඇවිත් ජන්ග්කුක්ව හග් කරා.

"ඔයා ඇවිත් මිස්ට ජෝන්.මම හිතුවේ එන එකක් නැති වෙයි කියලා."

"වෙනසකටත් එක්ක එන්න හිතුනා.ඒ වගේම වෙඩින් එකේ වැඩ කටයුතු හොදට කෙරෙන්න ලැබෙන්න කියලා සුබ පතනවා."

"තැන්ක් යූ මිස්ට ජෝන්.හෙට උදේ 9.00 ට වෙඩින් එක තියෙන්නේ.ඒ වගේම මෙයා මිස්ට ජෝන්ට රූම් එක පෙන්නයි."

"ඕකේ මිස් හනා.තැන්ක්ස් අගේන්.."

ජන්ග්කුක් හනාට සමුදීලා ජිමින්වත් එක්කගෙන හනාගේ එවපු හොටෙල් එකේ මැනේජර්ගේ පිටිපස්සෙන් ගියා.

"සර් මේ රූම් දෙක සර්ලාට වෙන් කරේ.සර්ලාට මොනාහරි අවශ්‍ය නම් අපිට කතා කරන්න.එහෙනම් එන්ජෝයි කරන්න සර්.හැව් අ නයිස් ඩේ.."

මැනේජර් කියලා ගියපු දේට ජිමින් හිටියේ පුදුම වෙලා.

"යාහ්.ඒ මනුස්සයා බීලාද?ඒ මනුස්සයා කතා කරේ අපි හරියට හනිමූන් එකට ආවා වගේනේ..ආ දැන් කාලේ ඉන්න මිනිස්සු නම්.."

ජිමින් අතුත් එහෙ මෙහෙ යව යව එක එක දේවල් කියවන හැටි ජන්ග්කුක් බලන් හිටියේ හිනාව පාලනය කරන්..ජිමින් කියවලා කියවලා ජන්ග්කුක් දිහා බලද්දි දැක්කේ එයාගේ සර් මෙච්චර වෙලා තමන් දිහා බලන් ඉදලා කියලා.

"ඔහ් සර් සොරි.අර මනුස්සයාට පිස්සු.සර් යන්න ඇතුලට.ම්..මම අනිත් රූම් එකට යන්නම්.."

ජන්ග්කුක් ඔලුව හොල්ලල ඇතුලට ගිහින් දොර වහගත්ත ගමන් මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ජිමින් කරපු දේ හින්දා හංගන් හිටිය හිනාව පිට කරන්න..හිනා වෙවීම බැල්කනි එකට ගිය ජන්ග්කුක් ගේ හිනාව නැති වෙලා ඇස් වල කදුලු පිරුනේ මුහුද දකිද්දි..

"යුන්ගි හියුන්ග් මට ඔයාව මතක් වෙනවා.."

...
වෙඩින් එකට යන්න ලෑස්ති වෙලා ජන්ග්කුක් බලන් හිටියේ ජිමින් එනකන්.ජිමින් ආව ගමන් දෙන්නම හොටෙල් එකේ තිබ්බ වෙඩින් හෝල් එකට යද්දිත් වෙඩින් එකේ වැඩ කටයුතු පටන් අරන් තිබ්බා.ජන්ග්කුක් ජිමින් එක්ක ගිහින් පැත්තක එයාලට වෙන් කරපු ටේබල් එකෙන් වාඩි වෙලා කපල් එක දිහා බලන් හිටියා.

මිනිස්සු කෑ ගගහා කියවන හැටි ,වටින් පිටින් ඇහෙන සිංදු සද්දේ,කෑම වල සුවද ඇත්තටම හෝල් එකේ මිනිස්සු හිනා වෙලා විනෝදෙන් හිටියත් ජන්ග්කුක් හිටියේ වෙනමම ලෝකේක අතරමං වෙලා..එයාට අවට වෙන කිසි දෙයක් දැනුනේ නැ..

ජිමිනුත් ජන්ග්කුක් ගෙන් අහලා නටන්න කියලා ගියපු නිසා ජන්ග්කුක් නිහඩවම බලාගත්තු අත බලන් හිටියා.ඒත් ජන්ග්කුක් එකපාරටම ගැස්සුනේ එයාගේ උරහිසට කවුරුහරි අතක් තිබ්බ නිසා.

"ජ්..ජින් හියුන්ග් ඔයා?"

........
❤️🤗

You And IWhere stories live. Discover now