"ජින් හියුන්ග් මේ ඔයා නේද?"
ජන්ග්කුක් පොඩි දරුවෙක් වගේ ජින්ව බදාගෙන අහද්දි ජින් හිනා වෙවී ජන්ග්කුක්ගේ ඔලුව අතගෑවා..
"ඔව් පැටියෝ.මම ඔයාගෙ ජින් හියුන්ග්..කොල්ලා ගොඩාක් වෙනස් වෙලා..කෝ මෙතනින් වාඩි වෙමුකෝ මුලින්ම."
ජින් ජන්ග්කුක්ව වාඩි කරවලා එයත් ජන්ග්කුක් ගාවින්ම වාඩිවුනාම ජන්ග්කුක් ජින්ගෙ අත් දෙක තද කරලා තමන්ගේ අත් අතර හිර කරගත්තා.
"හ්..හියුන්ග්..ම..ඔයා මෙහෙ..එතකොට කෝ අනිත් අය.."
එයාලා ඩ්රින්ක්ස් ගන්න තැනට ගියා..නම්ජුන් යුන්ගි දෙන්නා.මම හනා එක්ක කතා කර කර ඉද්දි ඔයාව දැකලා ආවේ..
"හ්..හියුන්ග්..යුන්ගි හියුන්ග්ට කොහොමද දැන්?"
"යුන්ගි හොදින් නෙමෙයි කුක්.එයා හොදින් වගේ පෙන්නුවට.ඔයා ගියදා ඉදන් යුන්ගි කලින් හිටියටත් වඩා නිශ්ශබ්ද කෙනෙක් වුනා.අපි එයාගේ හිත හදන්න ට්රයි කරා.ඒත් හැමදේම හරි ඉක්මනට වෙනස් වුන එකට අපි වුනත් හිටියේ ශොක් වෙලා.."
"ස්..සමාවෙන්න හියුන්ග් මට..මම..මම ඒ වෙලෙ බය වුනා හියුන්ග්..ඒකයි එහෙම කරේ.."
"මම දන්නවා කුක්..යුන්ගිත් ඒක දන්නවා.ඒ නිසයි අපි ඔයාව හම්බෙන්න වත් ආවේ නැත්තේ.අපි ඉවසන් හිටියා ,අනිවාරෙන්ම දවසක ඔයාට නිදහසේ ඉන්න ලැබුන ගමන් අපි ගාවට ඔයාව ගන්න ඕන නිසා..යුන්ගිට වගේම ඔයාටත් මේ කාලේ අමාරු වෙන්න ඇති කුක්.."
ජින් කියද්දි ජන්ග්කුක් ඔලුව වනලා ආයේ අඩන්න ගද්දි ජින් ජන්ග්කුක් ව බදාගෙන පිටට තට්ටු කරේ ජන්ග්කුක්ගෙර් හිත හැදෙයි කියලා හිතලා.
"කුක්..ඔයා දැන් අඩන්න එපා අපි හම්බුනානෙ..කෝ..ඔය කදුලු පිහාගන්න.."
ජින් ජන්ග්කුක් ගේ කදුලු පිහලා හිනා වෙද්දි ජන්ග්කුක් ඊට නොදෙවෙනි වෙන්න එයාගේ හුරතල් හිනාව දැම්මා.
"ඔහ් අපේ සර් හිනා වෙනවා.ඔහ් වාව්..අපේ සර්ගේ හුරතල් හිනාව.."
වයින් එකක් බොන ගමන් ආපු ජිමින් එකපාරට කියද්දි ජින් වගේම කුකිත් පුදුම වුනා.
YOU ARE READING
You And I
Fanfiction"ස්තූති එපා..කියන්න අනිත් කාරණාව මොකක්ද?" මම ඒක අහද්දි මෙච්චර වෙලා දිලිසුන ඇස් ආයේ අදුරු වුනා.එයා ආයේ මුහුද දිහා බලන් හිටියා.. "මට ටික දවසකට කොරියා යන්න වෙලා.ම..මම ආස නෑ යන්න.ඒත්..අප්පා එන්න කියලා බල කරා.." "ඒ..ඇයි?" "නූනාගේ වෙඩින් එකට.." "ඉතින් හොද...