He is too late 🌼

249 64 6
                                    

ජන්ග්කුක් එනකන් හැමෝම එළිමහනේ තිබ්බ ටේබල් එකක වාඩි වෙලා හිටියේ රෑ කෑම එකට එකතු වෙලා ගන්න.ජිමින් ජන්ග්කුක් එක්ක එන්න හදද්දි ජන්ග්කුක් ජිමින්ව මුලින්ම යැව්වේ එයාට ලෑස්ති වෙන්න තව වෙලාවක් ඕන වුන නිසා.යුන්ගි නම් ඉවසීමක් නැතුව බලන් හිටියේ ජන්ග්කුක්ව දකින්න.එයාට දවල් ජන්ග්කුක්ව බලන්න යන්න හිතුනත් ජින් එයා රෑ කෑමට ආවාහම නිදහසේ කතා කරන්න කිව්ව නිසාම යුන්ගි රෑ වෙනකන් ඉවසන් හිටියා.

"හියුන්ග් ඇයි එයා තාම නැත්තේ දැන් ජිමින් ඇවිල්ලත් ගොඩාක් වෙලානේ."

"ඉන්න සර් මම ජන්ග්කුක් සර්ට කෝල් කරලා බලන්නම්."

යුන්ගි අහපු ප්‍රශ්නෙ නිසා ජිමින්ගේ හිතත් පොඩ්ඩක් කලබල වුනා.මොකද එයාගේ සර් හරිනම් දැන් ඇවිත් ඉන්න ඕන.

.....
ජන්ග්කුක් එයාගේ කොන්ඩේ පීර පීර ඉද්දි බෙල් එක ගහනවා ඇහුන නිසා කොන්ඩේ පීරන එක නවත්තලා දොර ගාවට ගියේ ජිමින් වෙන්න ඇති කියලා හිතලා.ඒ නිසාම ජන්ග්කුක් කැමරාවෙන් එළියේ ඉන්න කෙනාව බලන්නවත් උනන්දු වුනේ නෑ.දොර ඇරලා ඉස්සරහ බලද්දිම ජන්ග්කුක්ගේ කටින් අල්ලගත්ත මනුස්සයෙක් ජන්ග්කුක්ව කාමරේ ඇතුලට අරන් යන්න උත්සාහ කරද්දි තව මනුස්සයෙක් හතර අතට ඇබරෙන ගමන් දගලන ජන්ග්කුක් ගේ කකුල් වලින් අල්ලගත්තේ අනිත් මනුස්සයට ජන්ග්කුක්ව තනියෙන් ගෙනියන්න අපහසු නිසා.

ජන්ග්කුක්ව ගෙනත් ඇද උඩින් දාපු මනුස්සයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් ජන්ග්කුක්ව තදකරලා අල්ලගනිද්දි අනිත් මනුස්සයා ලොකු ලේන්සුවක් අරන් ජන්ග්කුක් ගේ මූනට තිබ්බෙ ජන්ග්කුක් අපහසුවෙන් හුස්ම ගන්න උත්සාහ කරද්දි..මෙච්චර වෙලා දගලපු ජන්ග්කුක්ට සිහි නැති වුන ගමන් කටකොනින් හිනා වුන මනුස්සයෝ දෙන්නා එයාලගේ බෑග් ඇදලා ලොකුම ලොකු ලණුවක් එළියට ගත්තා.

"මම මේක එල්ලන්නම් එතකන් උඹ මූ ගැන අවධානෙන් ඉන්න."

එක මනුස්සයෙක් කියද්දි අනිත් මනුස්සයා ජන්ග්කුක් ගැනයි වටපිටාව ගැනයි අවධානෙන් හිටියා.

නානකාමරයට ගිය මනුස්සයා තමන් අතේ තිබුනු ලනුවෙන් ගැටයක් ගහලා ඒක නානකාමරයේ සිවිලිමේ තිබ්බ යකඩ පොල්ලක තද කරලා ගැටගහලා කීපවතාවක් ඇදලා බැලුවේ ඒ ලණුව බුරුල් වෙලාද කියලා.ඒ වැඩේ සාර්ථකයි කියලා දැනුන ගමන් නානකාමරයෙන් එළියට ආපු මනුස්සයා අනිත් මනුස්සයාට අතින් සන් කරේ තමන්ගේ වැඩේ හරි කියන්න..

You And IWhere stories live. Discover now