Episode 01

145 23 3
                                    

මං මං ගැන කතා කරන්න ගත්තොත් මට කියන්න තියෙන්නෙ එක දෙයයි..

ඇත්තටම මං දන්නැති දේවල් ගොඩක් තියනවා..ඒ අතරින් එකක් තමයි මං කවුද කියලා කියන එක..ඒ ගැනවත් නොදන ඔයාලා මොනවද මගෙන් දැනගන්න හදන්නෙ ..ඒ මොනා වුණත් මුකුත් නොදන මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ කියලා මං දන්නවා.. " 

ඒ නිසා මගේ නම මොකද්ද කියන්න මං දන්නවා.."

මං මින් යුංගි...

" යා..මෝඩයා..මොකද්ද ඒ කරපු ලැජ්ජ නැති වැඩේ..මං අද අප්ලෝඩ් කරන්න හිටිය කමාශල් එකනෙ තමුසෙ ඒ විදිහට කාලා දැම්මෙ..ඒක වීඩියෝ කරගන්ඩ මං සෝහට කොයි තරම්නං වැන්දද..?
වීඩියෝ එක මටෝනෙ විදිහට කරගන්ඩ ඒ කොල්ලව මං අර මල්බෙරි ගහෙත් නැග්ගෙව්වා..
තමුසෙට ඇයි වෙන වැඩක් නැද්ද මටම වද දෙදී වාත වෙන්නෙ..
ඇයි ඒ පාර තමුසෙට මං ගැන අනුකම්පාවක්වත් ඇති වුණාද ? 
මට කාගෙවත් අනුකම්පාවක් ඕනෙ නෑ..මොකද මං එදාම දැනගත්තා ඔයාගෙ උත්තරේ මොකද්ද කියලා ..අනේ ප්ලීස්..මින් පස්සෙවත් මගෙ වැඩ මට පාඩුවෙ කරගන්න දෙන්න.."
තව කතාකරන්න බෑ මට..ඇස් වලට කදුලු පිරෙනවා කියලා දැනිච්ච නිසා මං කරේ යුංගිවත් තල්ලු කරගෙන පන්තියෙන් එලියට දුවපු එක..
දුවලා ගිහින් මං නතර වුණේ චෙරි බ්ලෝසම් මල් ගහ යට තිබිච්ච බංකුවට..එතනට වෙන කවුරුවත් මේ වෙලාවට එන්නෙ නෑ..
ඇස් වලට උනපු කදුලු වැල් කම්මුල් දිගේ බේරුණේ ආයෙත් මට ඒ අමතක කරන්න හදන මතක ඇස් ඉස්සරහම මවන ගමන් හිත පාරනකොට..

මං කවුද කියලා කියනව නං මං යූරා..ලී යූරා තමයි මගෙ ඔම්මයි අප්පයි මට දුන්නු නම..හැමෝටම යූරා වෙච්ච මම එක්කෙනෙක්ට විතරයි යූ වුණේ..ඒ වෙන කාටවත් නෙවෙයි මින් යුංගිට..
අනිත් අය ආදරේ කරන කොට මැණික , පණ , සුදාත්ති , සුදාම්මි අරකා මේකා කියලා නම් දා ගත්තට එයා මට ඒ නමින් කතා කරේ අපි ජංගි කොට ඇදගෙන දණ ගාන්න පටන් ගත්ත කාලෙ ඉදම්ම තමයි ..අපි අදුරන්නෙ ඒ කාලෙ ඉදම්ම තමයි ..ඒ වෙන දෙයක් නිසා නෙවෙයි ..මිස්ටර් මින් ඒ කියන්නෙ යුංගිගෙ අප්පා මගෙ අප්පගෙ යාලුවෙක් වෙච්ච දවසෙ ඉදම්ම තමයි ..තිස්ස දෙවේලේ අපේ ගෙදර යන එනකොට යුංගි ගැන මගේ හිතේ පොඩියට නිකං මෙව්වා එකක් දැනුනට ඒ දැනිච්ච මෙව්වා එක මොකද්ද කියන්න නං මං දැනගෙන හිටියෙ නෑ..
එත් ටික කාලයක් යද්දින් මට කරදරයක් වෙද්දින් , දුක හිතෙන වෙලාවට , සතුටු හිතෙන වෙලාවට ඇහැට අනිවාරෙන් පේන්නෝනෙ කෙනා යුංගිම තමයි කියලා  මගෙ හිත කිව්වා..
ටික දවසක් යද්දින් ඒ පොඩි කාලෙ නමක් දෙන්න බැරිවෙච්ච හැගීම ආදරේ කියලා මං දැන ගත්තා..ඇත්තටම ඒකට නමක් දුන්නට වඩා ඔහේ හිතේම තියෙන්න තිබ්බනං අද මං මීට වඩා වැඩියෙන් සතුටින් නිදහසේ ඉන්න තිබ්බා..හිතේ හිර කරන් ඉන්න තරම් බර වැඩි හැගීමක් නිසා ඒක එයාටවත් කියලා හිත නිදහස් කරගන්න හැදුවට  වැඩි කතාවක් බහක්නැති කොල්ලෙක් වෙච්ච යුංගිට මං කොහොමද එකපාරට " මං ඔයාට ආදරෙයි "  කියලා මූණට කියන්නෙ කොහොමද කියන එක ගැනනම් මට ලොකු අදහසක් තිබ්බෙම නෑ..ලොකු නෙවෙයි නිකං පොඩි එකක්වත් තිබ්බෙ නෑ..ඒක එයාට කියනවට වඩා පරාල ලෑල්ලකින් ඔලුවට ගැහුවනං හොදයි කියලා මට දහස් වාරෙකට වඩා හිතුනා..

Mr. MinWhere stories live. Discover now