" ඈ !! "
මකියා බිත්තිය ලගින් අඩියක් පැනලා මින්ගුක් දිහා බලලා ආයෙමත් බිත්තියෙ තියෙන ලොකු ෆොටෝ එක දිහා බැලුවා....
ඒත් තාමත් මකියට ඒක කලින් විදියටමයි පෙනුනෙ....ජිමින්ට බොරු කොන්ඩයක් දාලා ගහපු ෆොටෝ එකක්...ඒත් ජිමින්ට වඩා ටිකක් හුරුබුහිටියි...
" යා...මින්ගුක්ශී... මේ තියෙන්නෙ ඔයාලගෙ ඇල්ෆා කෙල්ලෙක් වගේ ඇදලා ගත්ත ෆොටෝ එකක් නේ... ආහ්..ඔයා ලැජ්ජ වෙන්න එපා ඒ ගැන...අයිගූ~~~ මම කාටවත්ම කියන්නෑ මම මෙහෙම දෙයක් දැක්කා කියලා...අයිගූ~~~"
මකියා කම්බුල් දෙකත් පුම්බන් ඔලුව දෙපැත්තට වැනුවා...
" අනී මකියා...ඒ ඉන්නෙ හෙඩ් ඇල්ෆගෙ නිවුන් සහෝදරී...එයා දැන් අවුරුදු හතරකට කලින් මැරුනා... ඒක නිසා එයාගේ ෆොටෝ එකට හිනාවෙන්න් එපා ! ඒක එයාට කරන අගෞරවයක් ..."
" න්...නිවුන් සහෝදරී !! "
මකියා ඇස් දෙකත් ලොකු කරන් කෑගහන්න ආවත් ඉක්මනට අතින් කට වහන් ෆොටෝ එක ඉස්සරහා දෙකට නැමිලා බෝ කලා...
" මියානේ..මියානේ...මම හිතලා කලේ නෑ.. ආහ්..මට කිසිම නරක දෙයක් වෙන්න එපා...මියානේ..."
මකියා අත් දෙකත් එකට අතුල්ල අතුල්ල කුටු කුටු ගගාකියවන හැටි දැක්ක මින්ගුක් මූනත් බෙරි කරන් ඒ දිහා බලාගෙන හිටියා...
" යා...මින්ගුක්ශී..මගේ දිහා ඔහොම බලන් ඉන්න එපා...අරස්සෝ... මම එහෙම කලේ මොකක්.හරි නපුරු ආත්මෙක බැල්මක් වැටිලා මගේ මේ තියෙන පොඩි වාසනාවත් නැත්තටම නැති වෙයි කියලා... සදදෙව්දුව එයාගේ ආත්මෙට ශාන්තිය ලබා දෙත්වා !! "
මකියා අඩියට දෙකට පඩිපෙල බහිද්දි මින්ගුක් හිනාවත් තද කරගෙන පල්ලෙහාට ආවෙ....
" මකියා...අපි බෙහෙත් දාගමු ...ඊල පස්සෙ ආයෙ පැක් හවුස් එකට යමු...නැත්තන් අපි දවල් කෑමට පරක්කු වේවි "
මින්ගුක් මකියගෙ අත්වල තිබ්බ හිරීම් වල බෙහෙත් ගාපු ගමන් මකියා මින්ගුක් එක්ක පැක් හවුස් එකට ආපහු යන්න පටන් ගත්තා...
මකියායි මින්ගුකුයි සැරින් සැරේ කැලෑ බෙරි කන්න නැවතුන නිසා ගමන් තව පරක්කු උනා....
ESTÁS LEYENDO
THE GAME OF FATE || PJM ✅
Fanfic-" පැක් එකෙනුත් ප්රතික්ෂේප උන තමුන් වගේ මුරන්ඩු බේටා කෙනෙක් මම මගේ මේට් විදියට බාරගනීවි කියලා හිතනවද ?!! " -" තමුන් වගේ අහංකාර බකපණ්ඩිත හෙඩ් ඇල්ෆලා මට කොහොමත් පේන්න බෑ " -~ එයාලා දෙන්නට කොහොමවත්ම මේ සෙල්ලමෙන් පැනලා යන්න බෑ... සෙල්ලමේ අවසානය දෙන්නග...