Dinner out🤗

264 60 2
                                    

පහුවදා වෙඩින් එකට ආපු අයට පොඩි පාටි එකක් තිබ්බා.ලගම කට්ටියට විතරයි ඒකට ඉන්වයිට් කරලා තිබ්බේ.පාටියට ගිය වෙලේ ඉදන්ම ජන්ග්කුක් යුන්ගි එක්කමයි හිටියේ.ගොඩාක් බිස්නස්මන් ලට ඊයේ දවසේ ජන්ග්කුක්ව මගඇරුනේ ජන්ග්කුක් කලින් ගියපු නිසා.ඒත් අද නම් ගොඩාක් බිස්නස්මන්ලා ඇක්ටර්ස්ලා ඇක්ට්‍රස්ලා සින්ගර්ස්ලා ඇවිත් ජන්ග්කුක් එක්ක සැරින් සැරේ කතා කරන්න ගත්ත නිසා යුන්ගි නම් හිටියේ අත් දෙක පපුව ඉස්සරහින් බැදගෙන මූනත් පුම්බගෙන.

පාටිය ඉවර වුනේ දවල් වෙලා වුනත් ජන්ග්කුක් යුන්ගි දෙන්නා නම් රෑට කෑමට එළියට යන්න කතා වෙලා හිටියේ.

ඊයේ වුන සිද්ධිය නිසා ජිමින් ජින් නම්ජුන් යුන්ගි කට්ටියම එයාලාට එකට ඉන්න පුළුවන් රූම් එකක් ගත්තේ තව දවසක්ම එයාලාට ඒ හොටෙල් එකේ ඉන්න තියෙන නිසා.ජින්ගේ උපදෙස් අරගෙන හරිම චාම් විදිහට ලෑස්ති වුන ජන්ග්කුක් ජිමින් එක්කම හොටෙල් එකෙන් එළියට ගියා.

සර් එහෙනම් මම යන්නම්.මගේ යාලුවා දැනටමත් ඇවිත් ඇති.

ජිමින්.පරිස්සමින්.හෙට හම්බෙමු.

වාහනේ ගාව යුන්ගි ඉන්නවා දැක්ක නිසා ජිමින් ජන්ග්කුක්ට කියලා එයාගේ ගමන පිටත් වෙද්දි ජන්ග්කුක් පොඩි අඩි තිය තිය යුන්ගි ගාවට ආවා.ෆෝන් එක දිහා බලන් හිටිය යුන්ගිට තමන් ලගින්ම අඩි සද්දයක් ඇහුන නිසා ඔලුව උස්සලා බලද්දි දැකපු දෙයින් එයා අවුරුදු 5ක් අතීතයට ගියා.

ඉස්සර ජන්ග්කුක් ගොඩාක් චාම් විදිහට හිටියේ ඇදුම් පවා ඇන්දේත් එහෙම.ඒත් බිස්නස් භාරගත්තට පස්සේ ජන්ග්කුක්ට ඇදුම් පැලදුම් කෑම ගැන හිතන්න විදිහක් තිබ්බේ නෑ.ගොඩාක් දුරට ජන්ග්කුක් ඔෆිස් කිට් එක ඇදන් හිටියේ.එයාගේ ක්ලෝසෙට් එකෙත් හතරෙන් තුනක් තිබ්බේ ඔෆිස් කිට්.මේ දවස් දෙකෙම යුන්ගි වුනත් දැක්කේ ඔෆිස් කිට් ඇදන් ඉන්න ජන්ග්කුක්ව.ඒත් අද යුන්ගි එක්ක කාලෙකට පස්සේ ජන්ග්කුක් එළියට යනවා.ඒකත් ඒ දෙන්නා විතරක්.ඉතින් ජන්ග්කුක්ට ආස හිතුනා ටිකක් වෙනස් වෙන්න.ඒ නිසාම හවස් වරුවේ හොටෙල් එක ලගම ශොපින් මෝල් එකට ජින් ජිමින් එක්ක ගියපු ජන්ග්කුක් එයාට ඕන කරන ඇදුම් අරන් ආවේ අද දවස එයාගේ ලස්සන මතක වලට එකතු කරගන්නවා කියලා හිතාගෙනමයි.

You And IWhere stories live. Discover now