මේරි ආන්ටි ගිහින් දොර අරිද්දි ආවෙ නපුර වෙනකොට මම ආයම දැක්කෙ නෑ වගේ කන්න ගත්තා..
" යීබො පුතා එන්න.. පුතා dinner ගත්තද ? "
" ඔව් අංකල්.. "
මම එතකොටම නැගිටලා යන්න හදද්දිම පපා කතා කරා..
" පුතා උඩට ගිහින් රෙඩි වෙලා එන්න යීබො පුතත් එක්ක එළියට යන්න.. "
" ඒ මොකටද ? "
" යීබො පුතාගෙ ගෙදර
යන්න.. "" ඇයි ඒ.. "
" ශාන් ගිහින් ලැහැත්ති වෙලා එන්න මාව කේන්ති ගස්සන්නෙ නැතුව.. "
මම පපාටත් රවාගෙන ගිහින් ලැහැත්ති වෙලා පහළට ආවා..
මම එද්දින් නපුරත් සෝෆා එකට බර වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉදලා මම එද්දින්ම නැගිටලා පපාට කතා කරා..
" අංකල්.. අපි ගිහින්
එන්නම්.. "" හරි යීබො පුතා පරිස්සමට ගිහින් එන්න.. "
" හරි අංකල්.. "
එහෙම කියලා නපුරා යද්දින් මම එයාගෙ පිටිපස්සෙන් ගියා..
එයා ගිහින් මට පැසෙන්ජර් ශීට් එකේ දොර අරිද්දින් මම පිටිපස්සෙන් දොර ඇරගෙන ඒකෙන් වාඩි උනා වෙද්දි ඊළග විනාඩියෙන්ම දොර ඇරිලා මාව ඇදිලා ගියා..
මම ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉද්දින් එයා මාව එයාගෙ ඇගට තද කර ගත්තා..
" ඔයා මොකද කරන්නෙ.. මාව අතාරින්නකෝ.. "
" නගිනවා මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව.. "
( හොද වැඩේ 😂 )
" හ්හ්හුම්.. "
මම කුණුකුණු ගගා පැසෙන්ජර් ශීට් එකට නගිද්දින් එයා පැත්තට හිනා වෙලා ගිහින් එහා පැත්තෙ ශීට් එකට නැග්ගා..
YOU ARE READING
Daddy ( On hold )
Fanfiction" කොහෙද මේ යන්න ගියෙ මගෙ බබා.. " " මම බබෙක් නෙවේ.. " " නෑ.. ඔයා මගෙ බබා තමයි. " " නෑ.. මම බබෙක් නෙවෙයි.. " " එහෙනම් එහෙම වෙන්න " Cover: @Ichi_jk