ඒත් ඒ එක්කම වටේ සත්තු කෑගහන සද්දෙ වැඩි වේගෙන කැලෑව අතරින් ගස් වල කොල හෙලවෙන සද්දයක් එක්කම ඔළුවයි මූණයි වහගත්ත උස කෙනෙක් එක පාරට හාර්ප් එකයි එයාලගෙයි අතරට එක පාරට පැන්නාම මින් හ්‍යොක්ගෙ කඩුව එසැනින් ඒ පැත්තට දික් වෙද්දී ටෙඩීත් සටනට ලෑස්ති වුනත් ලෙයි නම් කොරේ පිටට මරේ කියල අතේ තිබුණු තඩි ගලත් කකුල උඩට වට්ටගෙන කෙඳිරි ගගා ටෙඩීගෙ පිටිපස්සෙයි නතර වුනේ.
" ටෙඩී මං මෙතන බලාගන්නම් ඔයාල අරක ගන්න."
" ඒත් මින් ඔයාට තනියම.. "
" පුළුවන්. මං තුනයි කිව්ව ගමන් ඉස්සරහට යන්න. "
ඒකට ටෙඩිත් මින් හ්‍යොක්ගෙ මූණ බලල ඔළුව වනද්දී දෙන්නගෙම ඇස් වල දිලිසුනේ එකම අධිෂ්ඨානයක්.
" එකයි...."
" තුනයි..."
එහෙම එකපාරට මින් හ්‍යොක් ඉස්සරහට කඩන් පැනල පහර දෙන්න පටන් ගත්තම පුතිවාදියා මුලින්ම හොල්මන් වෙලා පසුබැස්සත් ඊළඟ තත්පරේම එයත් පහර දෙන්න පටන් ගත්තා ඒක ප්‍රයෝජනයට ගත්ත ටෙඩී ලෙයිවත් ඇදගෙන හාර්ප් එක පැත්තට දුවන්න ගනිද්දී අමුත්තා එයාලගෙ ඉස්සරහට යන්න හැදුවත් මින් හ්‍යොක් කඩුපාරකින් ආයෙත් එයාව නවත්තගත්තා. ඒ අතර අර දෙන්න හාර්ප් එක ගාවට ගියා. ඊළඟට එයාල ඉක්මනට හාර්ප් එක ගන්න යද්දිම මින් හ්‍යොක්ව මඟඇරල ඉස්සරහට ආව අමුත්තගෙ කඩුපාරක් ලෙයිට වදින්න යද්දී ටෙඩී මැදට පැනල ඒක නැවැත්තුවත් ඒකෙන් ටෙඩීගෙ අතේ තිබුණු පොල්ල දෙකට කැඩෙනවත් එක්කම දකුණු අතත් තුවාල වුනේ ඇහිපිය හෙලන වේගයකිනුයි. ආයෙත් ඒ එක්කම කඩුව ඉස්සෙද්දි ටෙඩීට මොකුත්ම කරගන්න බැරි වුනේ එයා අයින් වුනොත් පාර ලෙයිට වදින නිසයි. ඒත් මින් හ්‍යොක් එතකොටම අරයගෙ කරට අත දාල පිටිපස්සට ඇදල ගත්ත පාර එයාගෙ ඔළුවට දාගෙන හිටපු හූඩි (Hoodie) එක ගැලවිලා එයාගෙ මූණ පේන්න ගන්නවත් එක්කම ටෙඩී, ලෙයි
වගේම මින් හ්‍යොකුත් පුදුම වුනේ එයාගෙ මූණ දැකලයි. මොකද ඒ හිටියේ අමුතුම එල්ෆ් කෙනෙක් නිසා විතරක් නෙමෙයි එයා අසාමාන්‍ය විදියට උස වගේම කඩවසම් පෙනුමක් තිබුණු නිසයි.
YOU ARE READING
The First Daughter | On Hold
Fanfictionවොල්ඩමෝර්ට්ගේ පලමු දියණිය යුන් සූ ආ ගේ අභිරහස් අතීතයේ සැඟවුණ උරුමය, බලාපොරොත්තු නොවුණු දෛවගත හඹා ඒම්, මිරිඟුවක ලියවුණු ආදර ත්‍රිකෝණය හා මේ සියල්ල මැද තනිවුන ඇය අඳුර හා ආලෝකය අතරින් කුමක් තෝරා ගනීවිද ? Hii.......... Harry Potter fans 🧙♀️🧙♂️✌️ Har...