24 ~

343 83 11
                                    


ගියොන්වූ නින්දට යනකන් හිටපු ලීයුන් කොහොම හරි ජින් හිටපු ගබඩා කාමරයට ගියා.. ජින්ව දැක්පු ලීයුන්ට. උඩට ගත්ත හුස්මත් පාත දාන්න අමතක උනේ රෝසමලක් වගේ හිටපු ජින් මේ දවස් ටිකට ඇදිලා ගිහින් හිටපු විදිහ දැකලා.. ජින්ගේ මුලු මූනම දාඩියෙන් තෙත් වෙලා... උඩුකය නිරුවත් ජින්ගේ මුලු ඇගම ලේ පාටින් වැහිලා ගිහින්.. නම්ජූන් මේ විදිහට ජින්ව දැක්කොත් නම්ජූන්ගේ අප්පා උනත් ගියෝන්වූගෙ අවසානය සිද්ද වෙන්න නම්ජූන්ගෙම අතින් කියලා නම් ලීයුන් හොදටම දැනගෙන හිටියා ..

" ජින්... පුතේ .. ඇස් අරින්න "

ජින් ලගට තමන්ගේ අඩිය ඉක්මන් කරපු ලීයුන් ජින් ලගින් දනගහගත්තා.. තාමත් ජින්ගෙ කිසිම හැලහොල්මනක් නෑ...

" අනේ ජින්.. මාව ඇහෙනවද... පුතේ... නැගිටින්නකො "

ජින්ගේ ලේ වලින් වැහිලා තිබ්බ ඇගට අත තියන්නත් ලීයුන්ට බය හිතුනා.. ඒ තරමටම ජින්ගේ ඇගේ තුවාල පිරිලා...

" මනුස්සයෙක්ට මෙහෙමත් වද දෙන්න පුලුවන් ද "

ලියුන්ට හිතුන එකම දේ ඒකයි... "

" ජින් ... මේ හැමදේකටම වගකියන්න ඕනෙ මමයි... එදා ඔයාලා ගැන දැන ගත්ත දවසෙම මට ඔයාලව නවත්තන්න තිබුනා... මේක මේ විදිහට වෙනවා කියලා දැන දැනම ඔයාලව මේ කරදරේට ඇදලා දැම්මේ මමයි ජින්... මට ඔයාලව නවත්තන්න තිබුනා "

ලීයුන්ගේ වචන වල ආදරේ මහ හුගක් පිරිලා තිබුනා... ජින්ගේ පාමුල වැටෙන ලීයුන්ගේ කදුලු වල පසුතැවීම කියන දේ එකතු වෙලා තිබුනා..

" එහෙම නොකලට ස්තූතී අම්මේ "

ලීයුන්ගෙ වේදනාබර නමුත් පුදුම උනු ඇස් කෙලින්ම බලන් හිටියේ ජින් දිහා...

" ජ්...ජින්? "

" අපිව නැවැත්තුවෙ නැතුවට ස්තූතී අම්මේ "

කටහඩ වෙව්ලුවත් දාඩියෙන් පෙගුන ඒ මූනේ තිබුනේ අමුතුම දිස්නයක්...

" ඒත්.. මෙච්චර වේදනාවක් "

" එයා වෙනුවෙන් ඕන දෙයක්... මගෙ ජූන් මාව බලන්න එන්නෙ නැද්ද අම්මේ "

" එයා ආවා පුතේ.... එයා ආවා... ඒත් මම කොහොමද ආයෙම ඔයාලා දෙන්නව අමාරුවෙ දාන්නේ.. මම කොහොමද එයාට කියන්නේ ඔයා ඉන්න තැන මම දන්නවා කියලා... "

Mʏ ʙʀɪᴅᴇ ☘︎︎ || Namjin || Completed Where stories live. Discover now