_20_

78 24 2
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 20

___________________________

"නිවී..ඔහොම ඉන්න..!!!"

ක්ලාස් ඇරිලා නිවීව මග ඇරෙන්නේ නැති වෙන්න එයා දිහා බලන් හිටියත් පොඩ්ඩක් ජිමින්ට කතා කරන්න හැරුන ටිකට නිවීව හොයන්නවත් නැති වෙද්දි මන් පුලුවන් ඉක්මනට පාරට ආවා..

මගක් දුරක් වෙනකන් ඔහේ දුව දුව නිවීව හොයද්දි නිකමට හිතිලා රේල් පාර අයිනේ බලද්දි ඇත්තමයි මට ඒ වෙලාවේ දැනුන සතුටක්..

එයා අතරයි මන් අතරයි දුර ඕනවටත් වඩා වැඩි වෙද්දි මන් මට පුලුවන් උපරිම සද්දෙන් කැ ගැහුවේ එයා හැරෙයි කියලා හිතන් වුනත් එයා එයාගේ පාඩුවේ ඉස්සරහට ගියා..

තව කැගැහුවත් ඔච්චරයි නිසා මට පුලුවන් වේගෙන් දුවන් යද්දි මාව පහු වෙන අය මන් දිහා අමුතුවට බලන්න ඇති..

ඉතින් මට මොකෝ...!!

දුවන් දුවන් ගිහින් හති දාන ගමන් ම නිවීගේ කරට අතකුත් දාන් නිවීව නවත්තගත්තේ මන් කරට පැන්න පාර නිවී දෙකට නැවිලා මාත් එක්කම පස්සට වුනා..

"යා....හ් පිස්සුද..!!?"

"නැවතුනේ නැති හින්දා තමා මට මෙහෙම පනින්න වුනේ..!"

"ඔව් ඔව් තව ටිකක් ගියානම් මගේ කොන්ද ඉවරයි..!"

මම එයාගේ කරට දාපු අතේ ඇගිලි ටිකකුත් අල්ලන් නිවී රවන ගමන් කියද්දි හිතට ආපු අදහසට එයාගේ ලා රෝස පාට නහය රතු වෙනකන් මිරිකුවේ නිවී ආයෙමත් කෑ ගහද්දි..!

"කෝ සුන්හි..?"

"එයාව එක්කන් යන්න එයාගේ අප්පා ඇවිත්..ඒ නිසා එයා අප්පා එක්ක ගියා..!"

"ඉතින් ඔයා තනියම...!?"

ඔලුව දෙපාරක් තුන්පාරක් හොලවලා ඔලුව වනන ගමන් තාමත් නැවතිලා කලින් විදියටම මගේ අතකිනුත් අල්ලන් නිවී කතා කරා...

මේ කෙල්ල කවුරු කරට අත දැම්මත් ඔහේ ඉන්නවද කොහේද..!

"ඉතින් මොකද අද මූන පුම්බන්..!"

"අනියා..ඔයාගේ අත මගේ කර වටෙන් ගන්නවද..?"

නිවීගේ කර වටේට තිබුන මගේ අත හරි අමාරුවෙන් උස්සගෙන එහාට කරන්න හදන ගමන් කියද්දි හිනා වුන මන් හිතලම අතට තව බරදීලා තියන් හිටියේ නිවීගේ මූන බලන්න තිබුන ආසාවට..

"මට බෑ...මන් අහපු දේට උත්තර දෙන්න..ඇයි අද අවුලෙන්..!"

අත අයින් කරගන්න බැරුව මූන කරත්තෙට අහු වුන කජු ලෙල්ල වගේ කරන් මන් දිහා බලන් ඉදලා බැරිම තැන ඉස්සරහට ගියේ මගේ අතිනුත් අල්ලන්මයි...

"මුකුත් නෑ කිව්වනේ...!"

"අයිගෝ බබා...බොරු කියන්න එපා...!"

"මොකා කිව්වා...!
අ..අනික ඇයි මන් ඔයාට ඔයා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන..!!"

මූනත් රතු කරන් අවුවට ඇසුත් හුරු කරන් මගේ මූන බලන්න පට්ට ට්‍රයි එකක් දෙන ගමන් නිවී අහද්දි නිවීගේ බෑග් එක ඇරලා ඒක ඇතුලේ තිබුන පොඩි කුඩේ අරන් උඩට කරල ඉහලලා නිවීවත් ඇදන් ඉස්සරහට යන්න පටන් ගත්තේ නිවී සැරෙන් සැරේට මගේ මූන දිහා බලන් එයා අහපු ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තුවෙනුත් එක්ක වෙන්න ඇති...

"මොකද අපි යාලුවෝ නිසා...!"

මට හරියටම ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න හිතා ගන්න බැරි වෙද්දි එක පාරටම විනාඩි දෙක තුනකට පස්සේ ලොකු හුස්මක් අරන් ඒ වගේ උත්තරයක් නිවීට දුන්නේ ඇයි කියන්න මන්වත් දන්නේ නෑ...

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now