_29_

81 22 5
                                    

SMILE- [ A Fanfiction Only ]

Episode 29

_____________________________

නිවීගේ ඇඩිල්ල විනාඩි දහයකට වඩා වැඩිපුර කාලයක් තිබුනා..

මේ වෙලාවේ මේ විදියට නිවී එක්ක ඉන්න ආස කරත් නිවී තවත් ඇඩුවොත් මොනා වෙයිද කියලා බයක් ඇති වුන නිසා නිවීව මගෙන් ඈත් කරලා ඒ රතු වෙච්ච මූනේ තිබුන කදුලු පිහිදැම්මේ නිවී ඔහේ බලන් ඉද්දි..

උඩට කරලා උස්සලා තිබුන ශර්ට් අත පහලට කරන්න කලින් නිවීම මට කලින් දවසේ දීපු බෙහෙත් ටියුබ් එක ගාපු මම බ්ලේසර් අත පහලට දාද්දි නිවී මන් දිහායි බෙහෙත් ටියුබ් එක දිහයි බලන් ඉද්දි මන් ඇස් හීනි කරලා නිවී එක්ක හිනා වුනා..

"ඔය බෙහෙත් එක මම හැමදාම සාක්කුවේ දාන් ඉන්නවා...!"

"මගේනේ බෙහෙත් එක..!"

අඩලා නිසා තද වෙච්ච නහයෙන් නිවී කතා කරද්දි ඒ රතුවෙලා දිස්නේ ගහපු නහයට තට්ටුවක් දැම්මේ නිවීගේ මූනේ යන්තම් හිනාවක් දැම්මා..

"අහන්න නිනී..!
අපි ඕක අමතක කරමු.."

නිවීගේ අවුල් වෙච්ච කොන්ඩෙ පස්සට දාන ගමන් ලොකු හුස්මක් එක්ක මම කතා කරද්දි නිවී මන් දිහා බලලා කට කොනින් පොඩි හිනාවක් දාලා ආයෙමත් ග්‍රවුන්ඩ් එක දිහා බැලුවා..

"මන් ඕක අමතක කරේ මන් ගුටි කාපු දවසට පහුවෙනිදමයි ටේ..!"

"එහෙනම් ඔහොම මූනත් ජම්බුවක් කරන් අඩන්නේ..!"

"මන් ගැනම මට දුක හිතෙන නිසා..මට අප්පා සුමීගේ ඔම්මා කිව්වයි කියලා කියපු වචන කන්වල දෝංකාර දෙද්දි මට හිතෙනවා ඇයි ඔයා වෙනුවෙන් වචනයක් පිට කරන්න බැරි කෙනෙක්   ලග තියාගත්තේ කියලා.."

නිවී කියද්දි නිවීගේ ඔලුව අතගාද්දි නිවී ඇස්වලින් වැටුන කදුලු ආයෙමත් පිහිදගෙන මන් දිහා බැලුවා..

බලපු විදියෙන්ම මොනා හරි ඉල්ලන්න යන්නේ කියලා තේරෙද්දි මොනාදදැන් ඕන කියලා මම නිවීගෙන් ඇහුවේ නිවී කලින් වගේ එයාගේ ලස්සන හිනාව දාලා මාත් එක්ක හිනාවෙද්දි..

"බැහැයි කියන්න එපා ටේ..අද මට  බොන්න ඕන...ඔම්මයි අප්පටයි කියලා ආවේ මන් ඉන්නේ ඔයත් එක්ක කියලා ඒ නිසා අවුලක් නෑ..

ප්ලීස් ටේ..!"

නිවී ගානක් නැතුව වතුර බොන්න යන් කියනවා වගේ බොන්න යන් කියද්දි ඇස් ලොකු වුනේ නිවී මන් දිහා කියූට් බැල්මකින් බලන් ඉද්දි..

"ආ..හ් නිනී..ලමයෝ ඒත්-
හැබැයි ගොඩක් බෑ..!"

නිවී හා කියන්න ඔලුව වනලා උරහිස් වල දවටලා තිබුන කෝට් එක අරන් දා ගත්තේ මන් පන්තියට නිවීගේ බෑග් එකයි මගේ බෑග් එකයි ගන්න එද්දි..

පන්තියට කිසි කෙනෙක් ඒ වෙනකොටත් ඇවිත් නැතිවෙද්දි දොර අරින කොටම සුමී දිහා බලපු මට හිතුනෙම කම්මුල රත් වෙන්න දෙන්නව්වුනත් කොහොම වුනත් ඒ ජන්ග්කුකාගේ කෙල්ල නිසා මන් මාව පාලනේ කරගත්තේ බිම බලන්ම පන්තියට එද්දි..

එලියට අරන් තිබුන පොත් ටික ඇතුලට දාලා මගේ වගේම නිවීගේ බෑග් එකත් අරන් එලියට එන්න හැදුවත් අතේ තිබුන බෑග් එකෙන් කවුරු හරි ඇද්ද නිසා ඒ පැත්ත බලද්දි බෑග් එකෙන් අල්ලන් හිටියේ සුමී..

"නිවී හොදින් ද ටේහ්‍යුන්ග්..!"

කිසිම දෙයක් නොකරා වගේ මගෙන් අහද්දි සුමීගේ උඩ ඉදන් පහලටම බලලා සමච්චලේට වගේ හිනා වෙලා සුමීගේ අතට හිර වුන නිවීගේ බෑග් එක අදිද්දි සුමී විසි වුනත් එක්කම අනිත් අය පුටුවලින් නැගිට්ට විදිය මන් ඇස් කොනින් දැක්කා..

"මන් අද නිවී එක්ක ඉන්නේ..ස්කූල් ඉවර වුනහම ගෙදර යන්න මන් එනකන් ඉන්න එපා.."

ස්කෝලේ පිටිපස්සේ තාප්පෙන් දෙන්නත් එක්ක පැනලා එලියට ඇවිත් ඔහේ ඇවිදන් යන නිවීගේ එක අතක් අල්ලන් අනිත් අතෙන් ජිමින්ට මැසේජ් එකක් දාලා ෆෝන් එක සාක්කුවට දාගෙන මන් නිවීව තව ටිකක් ලගට කරගද්දි නිවී මගේ අත හයියෙන් අල්ල ගත්තා..

______________________________________

_Sa´rah…

SMILE | KTH ONE SHOT | ✔Where stories live. Discover now