New place 🌼

246 62 3
                                    

හියුන්ග් !මේ ඔයා ඉන්න තැනද..හ්..හරිම ලස්සනයි.

ජන්ග්කුක් හිටියේ යුන්ගිගේ apartment එකේ.ජින් නම්ජුන් දෙන්නා රෑ කෑමට එන්න කියලා එයාලාගේ apartment එකට ගියපු නිසා ජන්ග්කුක් යුන්ගි දෙන්නා තනි වුනා..ජිමින් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් හම්බෙන්න යන්න වුවමනායි කිව්ව නිසා යුන්ගි තීරණය කරා ජන්ග්කුක්ව එයාලා එක්ක සෝල් වලට එක්කන් එන්න.

යුන්ගිගේ apartment එක ලොකු ඉඩක් තිබ්බ තැනක් ලිවින්ග් රූම් එක ඊට එහායින් ඩයිනින් රූම් එක එක්කම කිචන් එක ලිවින් රූම් එක ගාවින් පොඩි පඩිපෙළක් වගේම ඒ පඩිපෙළ ගාවින් ගියාම රූම් දෙකක් රූම් දෙකට එහායින් වීදුරු ජනේලයක් එක්ක විවේක ගන්න පුළුවන් විදිහට හදපු තැනක්.මුලු apartment එකම සුදු පාටින් පාට කරලා නිසා ගොඩාක් එළියයි ඒ apartment එක.ජන්ග්කුක් ගේ හිත ඇදිලා ගියා දැක්ක පළවෙනි තප්පරෙන්ම.

කුකි එන්න අපි රූම් එකට යමු.
යුන්ගි ජන්ග්කුක් ගේ බෑග් එකත් අරන් ජන්ග්කුක් ගේ අතින් අල්ලන් පඩිපෙළ නැගලා රූම් එකට ගියා.

හියුන්ග් අර රූම් එක මොකක්ද ?

ඒක මගේ ස්ටූඩියෝ එක කුකි..ඔයා පස්සේ ඒකට ගිහින් බලන්න.

ජන්ග්කුක් ඔලුව වැනුවම යුන්ගි එයාලාගේ බෙඩ් රූම් එකට ගියා.

වාව් හියුන්ග් මේක..හරිම අමුතුයි.ලස්සනයි ගොඩාක්.

සුදු පාටින් පාට කරලා තිබ්බ රූම් එකේ තිබ්බ හැම භාණ්ඩයක්ම සුදු පාට වුනා.ඇත්තටම සුදු පාට හරි පිරිසිදු පාටක් නිසාම කාමරේ ඇතුලට එද්දිම වගේ ජන්ග්කුක්ට ලොකු සැනසීමක් දැනුනා.

ජන්ග්කුක් ක්ලෝසෙට් එකට ඔයාගේ බඩු ටික මම අස් කරා.
යුන්ගි ජන්ග්කුක් කාමරේ ඇවිදින අතරේ  ජන්ග්කුක්ගේ ඇදුම් එයාගේ ක්ලෝසෙට් එකට අස් කරලා එළියට එන ගමන් කිව්වා.

හියුන්ග් ස්තූතියි.

ඔහ් ජන්ග්කුක් ස්තූති කරන්න එපා.ඔයා චෙන්ජ් වෙලා එන්න.තුවාල වලට බෙහෙත් දාන්නත් ඕන ..මම බොන්න මොනාහරි හදන්නම්.

ජන්ග්කුක් ව කාමරේ තනි කරපු යුන්ගි පහළට ගිහින් කිචන් එකට ගියා.රෑ වෙනකන් ජන්ග්කුක් එක්ක කතා කර කර හිටිය යුන්ගි රෑ වුනාම ජන්ග්කුක්වත් එක්කන් ජින්ගේ ගෙදරට ගියා.

You And IWhere stories live. Discover now