💖 *ඔය දෑස්*💖
- කුමරියේ නුඹ මට මහමෙරකී -
03 වෙනි කොටස
*****************************
*" බබා....ඔයා එනවා නේද අපේ පාටි එකට....."*
බිග් මැච් එක අද උත්පලලා දිනපු නිසා හැමෝටම උත්පලලාගේ ගෙදර පාටි එකක්.
*" අනේ....මට එන්න වෙන්නේ නෑ උත්පල.....රෑට අපේ අම්මා තනියම මට කොහෙවත් යන්න දෙන්නේ නෑනේ...."*
චාතුර්යා කිව්වේ බොහොම දුකින්. චාතුර්යාත් බොහොම ආසාවෙන් හිටියේ මේ පාට් එකට යන්න. ඒත් චාතුර්යාගේ අම්මා චාතුර්යාට තනියම පාටීස්වලට යන එක තහනම් කරලා තිබුනේ.
*" අද පාටි එක ඉස්කෝලේ මිස්ලා...සර්ලට නම් කිව්වේ නෑ....යාලුවෝ ටිකට විතරයි කිව්වේ. ඒත් අවුලක් නෑ චතූ ඔයා අම්මත් එක්ක එන්න......"*
උත්පල තමා සතුටුවෙන හැම මොහොතකම චාතුර්යාත් තමාත් එක්ක ඉන්නවා දකින්න ගොඩක් ආස කරා.
*" අනේ.....එහෙම බෑ උත්පල....ඔයා මං නැති වුනාට කමක් නෑ....හොඳට පාටි එක එන්ජෝයී කරන්නකෝ......"*
*" ඒත් මැණික....."*
*" ඇයි දැන් ඔය ඒත් මේත් ගාන්නේ...."*
*" මගේ සතුට ඔයා චතූ....ඔයා නැති තැන මට ඇති සතුටක් නෑ....."*
*" හාකෝ......මං නැති වුනාට කමක් නෑනේ......මල්ෂා එනවා ඇතිනේ පාටි එකට....."*
මල්ෂා කියලා කියන්නේ උහ්පලගේ පොඩි මාමාගේ දූ.
උත්පලගේ අම්මා රම්‍යා මිස්ගේ තියෙන ලොකු බලාපොරොත්තුවක් තමයි කවදා හරි මල්ෂායි උත්පලයි එකතු වෙනවා දකින එක.
මල්ෂාගේ අම්මයි තාත්තායි දෙන්නම ඩොක්ටර්ස්ලා. පවුලේ හිටිය එකම දරුවා තමයි මල්ෂා.
*" ඔවු මල්ෂා නම් ඒවි තමයි...."*
*" ආහ්....එහෙමද මහහ්තයෝ......එහෙනම් ඔයාට මං නෑ කියලා අඩුවක් දැනෙන එකක් නෑනේ...."*
චාතුර්යා එහෙම කියලා ෆෝන් එක කට් කරා.
උත්පලට නම් හරිම පුදුමයි මෙච්චර වෙලාවක් හොඳට කතා කරකර හිටපු කෙල්ල ෆෝන් එක තිබ්බ විදිය.
*" ඔයා කොහෙද උත්පල මෙච්චර වෙලා හිටියේ..... මම හැමතැනම හෙව්වා ඔයාව.....මේ ලස්සනයි නේද මගේ ඇඳුම......"*
උත්පල දැකපු ගමන්ම මල්ෂා උත්පලගෙ අතකිනුත් අල්ලගෙන එහෙම ඇහුවා.
උත්පලට පෙන්නන්න බැරි වුනේ මල්ෂා කරන මේ වගේ වැඩ තමයි. මල්ෂා තමාට බලෙන් ළංවෙන්න හදනවා කියලා උත්පලට හිතුනා.
ඒත් උත්පල කවදාවත් කැමති වුනේ නෑ චාතුර්යා ඇරෙන්න වෙන කෙනෙක් තව කෙනෙක් තමාට ළංවෙනවා දකින්න.
" හොඳයි වෙන නැත්නම්"
උත්පලට හිතෙන්නේ එහෙම කියන්නයි. ඒත් උත්පල එහෙම කියන්න ගියේ නෑ. මොකද ඒකෙන් මල්ෂාගේ හිත රිදෙන්න පුලුවන් නිසා.
මල්ෂා පුලුවන් තරම්ම මල්ෂා ළඟින්ම ඉන්න උත්සාහා කරා.
මල්ෂා අද පාටි එකේදී හැසිරුණේ උත්පල කියලා කියන්නේ හරියට තමාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා කියන්න වගේ.
*" උ/බ නම් හරිම නරකයි උත්පල....."*
විශාල් උත්පලට එක පාරටම එහෙම කිව්වා.
උහ්පල පුදුම වෙලා වගේ විශාල් දිහා බැලුවේ විශාල් කියන්නේ මොක්ක්ද කියලා හරියටම තේරුම් ගන්න බැරුව.
*" උ/බ චතූට බූට් එක තියලා.....ඒ පාර මේකි එක්ක යාලුවුනා නේද....?"*
විශාල් එහෙම ඇහුවේ විහිලුවට වගේ.
*" තො/ට පිස්සුද යකූ....චතූ කියලා කියන්නේ මගේ පණ...."*
උත්පල විශාල්ට එහෙම කිව්වම මල්ෂාගේ මූණ නිකන් විදුලියක් කෙටුවා වගේ ඇදවෙලා ගියා.
*මතු සම්බන්ධයි.*
...................................................
✍️ *සචී*