🥀Chapter 30🥀

678 158 45
                                    

ජන්කුක්ගේ දෙමව්පියන්ගේ මැන්ශන් එක ළග නැම්ජූන් වාහනය නතර කරද්දි හැකි විගසින් කාර් එකෙන් බැසූ ජින් මැන්ශන් එක තුළට ගියේ නැම්ජූනුත් කලබලයෙන් පිටිපස්සෙන් පැමිණෙද්දි.

යුන්ගි ඔහුගේ කැමැත්තෙන්ම මිනීමැරුමක් සදහා පොලීසියට භාර වූ බව දැනගත් වහාම ජින් පැමිණියේ ජියෝන් මැන්ශන් එක සොයායි. මැන්ශන් එකේ සෝෆා එකට වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න මිසිස් ජියෝන්ව දුටු ජින් ඔහු අසළට ගියේ කලබලයෙන් වගේ

"ආන්ටි...ආන්ටි...ආන්ටි!!!...."

තමන්ගේ තුන්වෙනි උත්සහයෙන් පියවි සිහියට ආපු මිසිස් ජියෝන් ජින් දෙස බැලුවේ ගැස්සිලා ගිහින්.

"එයා කෝ..."

"ක...කවුද පුතේ..."

"ඩෝලි...ඩෝලි කෝ ආන්ටි..."

"එයා ඊයේ ඉදන්ම කාමරෙන් එළියට ආවේ නෑ පුතේ...වුන දේවල් එක්ක එයත් ඇත්තේ ගොඩක් ශොක් එකෙන්...."

මිසිස් ජියෝන් එහෙම කියද්දි දෑස් විසල් කරගත් ජින් උඩ තට්ටුවට ගොස් එක් කාමරයක් ළග නතර වුණා.

"ඩෝලි...ඩෝලි මේ දොර අරිනවා...කියන දේ අහලා මේ දොර අරිනවා ඩෝලි...."

ජින් දොරට තට්ටු කරන ගමන් කෑ ගහනවා දුටු මිසිස් ජියෝනුත් මිස්ටර් ජියෝනුත් නැම්ජූනුත් එතනට ගියේ කලබලයෙන් වගේ.

"ජූන් මේ දොර කඩන්න උදව් කරන්න...."

ජින් කලබලයෙන් එහෙම කියද්දි නැම්ජූනුත් පැමිණ දොරට කීප වතාවක්ම වේගයෙන් ගැහුවේ ඔවුන්ගේ උත්සහය වාර තුනකින්ම සාර්ථක වෙද්දි.දොර ඇරගෙන ඇතුළට ගියපු සියලු දෙනාම පුදුම වුනේ ඔවුන් දැක්ක දේ ජින් ඇරෙන්න අනෙක් සියල්ලම බලාපොරොත්තු නොවුනු දෙයක් වුන නිසා.

කාමරේ ඇද ළග වාඩි වෙලා කොණ්ඩයත් අවුල් කරගෙන සිටි හෙයිසු එක් පිහියකින් තමන්ගේ අත්වල රටාවකට සීරීම් කරමින් සිටියේ ඇයගේ රුධිරය පොළොව තෙත් කරද්දි.ඇයගේ දෙපාවලින් පවා තැනින් තැන රුධිරය ගලාගෙන ගියා.ගැඹුරු හුස්මක් හෙලූ ජින් හෙමිහිට ඇය ළගට ඇවිදින්න ගත්තේ යුන්ගි පොලීසියට භාර වීමට පෙර ඩෝලි තමන් ඉදිරියේ හැසිරුන ආකාරය ගැන ඔහුට පැවසූ ආකාරය සිහි කරමින්.

𝐇𝐢𝐝𝐝𝐞𝐧 𝐒𝐨𝐮𝐥 [𝐓𝐊 || 𝐘𝐌] ✓Where stories live. Discover now