ᶜʰᵃᵖᵗᵉʳ 02

202 20 23
                                    

සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග ලැබුන දිගු නිවාඩුවන් පසුව උසස්පෙළ සුදුසුකම් ලැබූ සිසුන් සදහා පාසල් ආරම්භ වන දවස අදයි...

ඉතින් අද තමා මම පාසලට යන පලවෙනි දවස...ශිශ්‍යත්වයෙන් පසු පාසලේ මේ වෙනතුරු පැමිණි නිසා නුහුරු බවක් දැනුනෙම නැ....මම උසස්පෙළ සදහා තෝර ගත්තේ ජෛව තාක්ෂණය ( bio tec ) විෂය ධාරාව...

මුලින් තැතිගැන්මක් තිබුනු අතර මා සමග සිටි යහලුවෙකුවත් ඒ විශය තෝරා නොගත්ත නිසා එය තව දුරටත් හිතට දැනුනි... නුවර ප්‍රදාන පෙලේ පාසලක්‌ නිසා උසස් පෙළ සදහා ළමයි අපේ පාසලට එන නැබුරු තාවය වැඩි...
මා හට අලුත් යහළුවෙක් හමුවෙයි යන බලාපොරොත්තුව හිතේ කොනක ලියවිලා නොතිබුනාම නොවෙයි...

කෙසේ නමුත් මම මගේ තෝරාගැනිම කිසි දෙයකින් අත්හරින් නැති හේතුවෙන් අනිවාරයෙන්ම එය කරන බවට හිතේ තදටම ලියාගෙන පාසල් යන්න තීරණය කලා.....

හැමදාමත් වගේ අදත් මම පරක්කුයි... ප්‍රදාන ගේට්ටුවෙන් ඇතුළු වුනේ අලුත් සිසුන් පිළිගන්න තිබෙන වැඩටසටහන ආරම්භ වී නොතිබෙන්න යැයි ප්‍රාර්ථනා කරමින්...

මම ප්‍රධාන ශාලාවලට ඇතුළු වෙනවත් සමගම හැම අසුනකම වගේ ළමයින් ඉදගෙන හිටියා...නොදන්නා මුහුණු අතරේ දන්න හදුනන මුහුණු තිබ්බේ ඉස්සරම තිබුන අසුන් පේලි වල...

මා පිටුපසට හැරෙනවත් සමගම මට වඩා වයසින් වැඩිමහල් ශිෂ්‍ය නායිකාවක් එහායින් වෙන්නට තිබුන හිස් අසුනටකට ඇගිල්ල දික් කල පසු මම එතනට ගොස් ඉදගත්තේ දන්න එක් අයෙකු හෝ සිටි යන බලාපොරොත්තුවෙන්...

තියන වාසනාවටද මන්දා හැමතැනම තිබ්බේ අලුත් මුහුණු....

ටික වෙලාවකින් වැඩටසටහන ආරම්බ වුවත් එහි සිදු කරන කම්මැලි සහගත කතාවන් වලට අවදානය යොමු කිරීමට මට කිසිසේත් අවශ්‍ය නොවුනි...

මා වාඩි වී සිටියේ අවසාන පේලියේ වුවත් මට ඉදරිපස පේලියේ සිටින ළමුන් හොදින් පෙනුනා...

ඔව්.....

මම ඇයව දකින පළමු වතාව....

මට ඒ මොහොතේ එතන හිටපු අනිත් ළමයින්ගෙන් ඇයව පමණක් කැපී පෙනෙන්නට හේතු වුනේ අනිත් අයට නොතිබෙන ඇයට පමණක් තිබෙන ඒ උත්යොගය නිසාවෙන් බව මට හැගුණි...

උරහිසෙන් මදක් පහලට දික් වුනු ඒ ලාවට කැරලි ගැහිලා තියන කොණ්ඩය ඇය දෙපස සිටි යහලුවන් දෙදෙනා සමග මාරුවෙන් මාරුවට කතා කරනා වාරයක් පාසා දෙපැත්තට සැලුනේ ඇයට අමුතුම ආකාරයේ සුන්දරත්වයක් ආරෝපණය කරමින්...

මම බොහෝ වෙලාවක්‌ ඇ දෙස බලා සිටිය බව හැගුනේ වැඩසටහන නිමා වී හැමෝමගේම අත්පොළසන් හඩින් මම පියවී සිහියට එන විටයි...

හැමෝම සංවරව නැගිටුනත් ඇය දගකාර කමින් මෙන්ම ඒ දිලිසෙන බෝල ඇස් වටපිටා වෙ තියන සැරසිලි වලට යවමින් සිටින අයුරු දුටු මා හට සිහින් සිනහවක් යා වුනා..

'හුරතල්....'
කියා මට මිමිනුනේ නොදැනිමයි....

එත් එක්කම වගේ ඇය පිටුපස හැරුනෙ වටපිටාවෙ සිටින වෙනත් අයට වඩා ඇයව මට තව දුර‍ටත් කැපී පෙනෙද්දී.....

පළමු වතාවට මම ඒ දිලිසෙන කොපි පාට දෑස් දැක්කා...

අපි දෙදෙනාගේ ඇස් මොහොතකට යා වුණා..
හරියට.... හරියට මුළු ලෝකෙම එක මොහොතක නතර උනා වගේ...

ඒ හීනි ඇස් පිහාටු කොපි පාට ඇස් වලට ගොඩක් දුර‍ට ගැලපුනා කෙනෙක් බලලා නැවතත් හැරිලා බලන විදියට ඒ ඇස් එච්චරටම ලස්සන උනා...

මට පුලුවන් කමක් තිබුනේ නෑ ඒ ඇස් දිහා තවත් බලන් ඉන්න...මම එක්ශනයෙන් වෙනතක බැලුවේ ඇයි ද යන්න මට හිතන්න ඕනිකමක් තිබුනේ නැ....

මම හිතනවා ඇය මම එසේ කරනවා නොදකින් ඇති බව...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඊයේ දෙන්න හිටපු චැපිය 🥲
Delete උන නිසා ඔක්කොම ලේප්ට්...
Comment එකක් දාගෙන යන්න..🌝
පරිස්සමෙන් ඉන්න
බායි 👀♥️

To My Moonflower 🤍🌙||Gl|| On GoingWhere stories live. Discover now