වසරකට පෙර....
"යීබෝ... යීබෝ... පොඩ්ඩක් ඉන්නවාකෝ..."
කවුද බොලේ මේ හිමිදිරි උදෑසන මගේ නම කියලා සද්ද පුජාවක් තියන්නෙ.. මං හැරිලා බැලුවම දැක්කෙ දුවිලි අවුස්සගෙන කවුදෝ මගේ පැත්තට දුවගෙන එනවා.
'හප්පට සිරි යන්සි...'
මාරු වෙන්න විදිහකුත් නෑ. මාත් ගොනා වගේ හැරිලා බැලුවනේ.. අනේ ගොනෝ තොටත් බැරි වුනානේ ඒකිගේ ඝාන්ටාර කටහඩ අදුරගන්න... මං මටම බැන බැන යන්සි නම්කි එන දිහාට හිනාවෙලා හැරුනා..
"හහ්.. හ..හ් යී..ම් බෝ... හම්මෝ..."
මේකි නිකං මැරතන් එකක් දුවලා ආවා වගේනේ හති අරින්නේ. මේවා ඉතිං තනිකරම මවාපෑම.. මේ අඩි දෙකක් දුවන් ආවා කියලා තෙල් මෝලක් වගේ හති අරින්න ඕනද මං අහන්නෙ...
"හ්ම්..."
"අනේ.. මට උදව්වක් ඕන ඔයාගෙන්..."
මෙන්න මේක ඒ පාර මගෙ පපුවටත් ඇගිල්ලෙන් ඇන ඇන ඇඹරෙන්න පටන්ගත්තා.. හතිය කැලේ දැන්. හති දැම්මද කියලවත් හොයාගන්න බෑ.
අර ගිරිපුර ඇත්තෝ කාටූන් එකේ බොරලුගෙ බලු ඩයිනෝට හැදුන දරඟ පණු උදරාබාධය හැදිලා වගේනෙ මේ හෝන්තුව ඇඹරෙන්නෙ...
"ඇඹරෙන්නෙ නැතුව කියනවකෝ හලෝ මොකක්ද වෙන්න ඕන..."
"මේකයි..."
"ඕ.. මෝකද ඉතිං..."
"මේකයි.. හරිද..."
"ඕ... ඉතිං මෝකද..."
"මේකයි..."
"අනේ මේ යැංසි මගෙන් යංසේ ලියන විදිහ අහගන්නෙ නැතුව කියන්න ඕන දේ කියනවද.. මේචයි මේචයි ගගා ඇඹරෙන්නෙ නැතුව..."
ඇයි අප්පා මං වැරදිද මේ වසංගතේ කියන්න ඕන දේ කියන්නෙ නැතුව තෙපර බබා ඉන්නවා. අපිටත් වැඩ තියෙනවානේ.
"හරි හරි අයියෝ කේන්ති ගන්න එපා ඉතිං. මං චොක්ලට් මිල්ක්ශේක් එකක් අරං දෙනවා මේක මට කරලා දුන්නොත්..."
ම්... මිල්ක්ශේක්.... ඒකත් චොකෝ...... ලැට්....
"හරි ඉතිං කරලා දෙන්න හරි නැතුව ඉන්න හරි කියන්නකෝ මොක්කද වෙන්න ඕන..."
"මේකයි මට ශාන් එක්ක ඩේට් එකකට යන්න ඕන. එයාව කැමති කරලා දෙනෝත..."
ඔය කිව්වෙ... ඔය කිවවෙ... මට තේරුණා මේ එළහරකි හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා.. චොක්ලට් මිල්ක්ශේක් එකක් වෙනුවෙන් මගේ සූටි බූටි පොල් පැලේව මේකි එක්ක ඩෙට් එකකට යවන්න..
හහ් ඒවා හදේ නම්කි.."ම්.. හරි හරි මං බලන්නම්. හැබැයි මට මිල්ක්ශේක් එක අදම ලැබෙන්න ඕන හරිද..."
"ඕක මොකක්ද අනේ. දෙන්නං දෙන්නං..
හහ් ඔයාලා හිතන්න එපා මං මගේ චන්ගාව මිල්ක්ශේක් එකක් වෙනුවෙන් පාවා දෙනවා කියලා. ඒක මේ නිකං දෙන නිසයි ගන්නෙ...
"කෝ එන්න උම්මා..."
"හැ.. හැ.. හෑ.. ඊ.. කෙල ගාන්න එන්න එපා. ඊව්...පලකො ගෑනියේ යන්න..."
මේකිට නං පුදුම කුලප්පුවක් තියෙන්නෙ. බලං හිටහං මගේ චන්ගා එයි ඩේට් එකට මේන් කියලා. යැංසි වැස්සි...
.
.
.
.
.
🔰~Ama~