"නැගිටින්න බෝදි....."
"බෝදි නැගිටින්න..."
"නැගිටපා.....න් බෝදි...."
"වන්ග් යීබෝ.... මං මේ අන්තිම වතාවට කියන්නෙ නැගිටපන්...."
අයිෂ් මොන මලකරදරයක් ද. අදත් උදේ පාන්දරම පටන් අරං...
මං ඇස් දෙක පොඩි කර කර හෙමිහිට ඇදෙන් නැගිට්ටා...
"අනේ මං දන්නෑ බෝදි.. අවුරුදු දෙකක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නේද... දැන් බලන්න වෙලාව කීයද කියලා.. මරු නැගිටින වෙලාව..."
අපොයි අදත් සුපුරුදු පරිදි පරණ තැටියම වාදනය කරන්න පටන් අරං...
"චහ්.. චන්ගා... තව චුට්ටක් නිදාගන්න දෙන්නකෝ... තාම එලි වෙලත් නෑනේ..."
මං ආයෙමත් බ්ලැන්කට් එක යට ගුලිවෙනකොට.. බ්ලැන්කට් එක ගුවන් ගත වෙනවා දැනුනා...
"එලිවෙලා නෑ.... එලිවෙලා නෑ... බලනවා වෙලාව දහයත් පහුවෙලා..."
"අනේ ඉතිං ඊයෙ රෑ බර වැඩ කරලා මට මහන්සියි..."
"අනේ මේ බෝදි... ඔය ඉතිං හෙලුවැලි පස්සත් එලියෙ දාන්.. අනේ මන්දා කොල්ලෝ... නැගිටින්න නැගිටින්න... තව ටිකකින් පොඩි නසරානියා දුවගෙන එයි මමා කුක්කු ගාගෙන..."
"ඔයානේ ඉතිං රෙද්ද අල්ලා විසික් කලේ..."
"ආ...ව්....."
ඇදේ ඉදගන්න ගිය මම දැනුන වේදනාවට කෙඳිරි ගෑවුනා..
"අනේ මැණික රිදෙනවද..."
"රිදෙනවද.. අහන ලස්සන ඔයා ඊයෙ මාව කෑවා චන්ගා...."
මාව පරිස්සමට වඩාගෙන බාත්රූම් එකට යන චන්ගාට මං චෝදනා කලා...
"ආ.... දැන් මං වැරදි එහෙමනේ... එතකොට කවුද දන්නෑ පාඩුවෙ හිටිය මාව අවුස්ස ගත්තෙ..."
චන්ගා මගේ නහයට තට්ටුවක් දාමින් අහනකොට මං ලැජ්ජාවට මූණ චන්ගාගෙ ගෙලේ හංග ගත්තා...
මාව වොෂ් කරලා ඇදෙන් තියපු චන්ගා මගේ අතට චොක්ලට් මිල්ක් පැකට් එකක් දුන්නා..
"දැන්නං ඕවා බොන එක අඩු කරන්න වෙයි බෝ...."
චන්ගා තරවටු හඩකින් කියනකොට...