Episode 3

17 2 0
                                    

"මොකක්....?"

හැමෝම එක පාරට ඩොක්ටර් දිහා බැලුවා.

"ඒක වෙන්න බෑනේ ඩොක්ටර්. ආයේ පාරක් බලන්නකෝ." Jin  ඩොක්ටර්ගෙන් ඉල්ලුවා .

"එයා මැරිලා.නාඩි වැටෙන්නේ නෑ" ඩොක්ටර් නැවතත් කීවා.

"මේක ලොකු පශ්නයක්. ඉස්කෝලෙ කෙනෙක් මැරිලා." RM  කීවේ ඇය දෙස බලමින්.

"මන් හිතන්නේ පොලිසියට කතා කරන්න වෙයි. අන්තිමට එයාව දැක්කේ ඔයාලා නිසා ඔයාලටත් මේකට සම්බන්ධ වෙන්න වෙයි.මම ප්‍රින්සිපල් හම්බෙලා කතා කරනකම් ඔයාලා ඔහොම ඉන්න." ඩොක්ටර්  දොරත් වහගෙන යන්න ගියා.

"ඇත්තටම එයා මැරිලා ද suga?"

J-hope ඇය දෙස බලමින් කීවා.

"මන් දන්නේ නෑ  j-hope .සමහරවිට අපි පරක්කු වැඩි වෙන්න ඇති."

"මේ බලන්න ඇගේ බෙල්ල ඉරි තලලා. එයාට මොන වගේ ලෙඩක්ද තිබිලා තියෙන්නේ හරිම අමුතුයි." Vඅනිත් අයට ඇගේ බෙල්ල පෙන්නන ගමන් කීවා.

"මටනම් බලන්න ඕන්නෑ. ඕක දැන් මිනියක් පැත්තකට වෙලා ඉමු අපි . " suga කට්ටියවම පැත්තකට අරන් ගියා.

Jimin ,  jungkook ට  එතන තිබ්බ ඇටසැකිල්ලක් පෙන්නනවා.

"අය්යෝ jimin ඕවාට ඇගිලි ගහන්න එපා." Jungkook අවවාද කරා.

හැමෝගෙම අවධානය ටිකකට වෙනස් වුනේ jiminගේ  පිස්සු වැඩ නිසා.

මේ අතරේ මෙයාලා කවුරුත් නොදන්න සිදුවීමක් වෙනවා.අර කෙල්ලට ටිකෙන් ටික පණ එනවා. ඇගිලි, අත් ,කකුල් ටිකෙන් ටික හොල්ලන්න ගන්නවා.හැබැයි කවුරුත් ඒක දැනන් හිටියේ නෑ.

"ඒයි junkook  මට ඔතන තියෙන වතුර එක පොඩ්ඩක් ගේන්නකෝ." V ඉල්ලා සිටියා.

වතුර බෝතලේ තිබ්බේ  මැරුණු කෙල්ල හිටපු ඇද ගාව .jungkook  වතුර බෝතලේ ගන්න යද්දි එක පාරට ඒ කෙල්ල නැගිටලා ඇද උඩ වැඩි උනා.

"ආආආආආආආආආආආආආආආආආ"

ඒක ගේන්න ගියපු   jungkook එක පාරට කෑ ගහගෙන දුවන් ඇවිත්  jiminගේ අත් දෙක උඩට නැග්ගා.

"මේ මොකද junkook .කවුහරි දැක්කොත් හිතයි කපල් එකක් කියලා."
කට්ටිය සිනා සෙමින් කීවා.

THE ZOMBIE SCHOOL ( BTS )Where stories live. Discover now