Episode 04🥀 ( END )

90 19 14
                                    

තවත් වෙලා නොගෙන ටේ දුවගෙන ගියේ සු ගාවට . සූව තමන්ගෙ අත් වලට ඇදලා ගත්තු ටේ එක පිට එක කෙල්ලගෙ කම්මුල් වලට තට්ටු කළේ  කෙල්ල හිටියෙ සිහියෙන් නොවුණු නිසා .

Tae : ස්...සූ... ඇස් අරිනවාහ්...

එක අතකින් කෙල්ලව අල්ලං හිටපු ටේ අනිත් අතින් බැලුවෙ කෙල්ලගෙ ලේ ගලන අත . තමන්ගෙ ලේන්සුව ඇදලා ගත්ත කොල්ලා ඒකෙන් කෙල්ලගෙ අත ගැට ගැහුවෙ කොල්ලට ඇඩෙන ගමන් .

Soo : ට්...ටේ

Tae : ඉවසන්න සූ.... මං හොස්පිටල් අරං ය..යන්න්ම්...ඔ..ඔයාව

ටේ කෙල්ලවත් උස්සගෙන නැගිටින්න හදද්දි සූ එපා කිව්ව නිසා කොල්ලා ආපහු ඉද ගත්තෙ කෙල්ලව තවත් ලං කර ගෙන .

Soo : මි...යානෙ... ටේ

Tae : සූ... ඇයි මට ත්..තවත් ..රිදවන්නෙ...

Soo : මාව... මේ ලෝ...ක්..කෙට ව්..වැඩක් ..නැහ් ටේ.. හැමෝම... දුක් විදින්නෙ මං ... න්..නිසා නම්...

කෙල්ල කිව්වෙ කොල්ලගෙ අත තදින් අල්ල ගන්න ගමන් . ඒත් එක්කම ටේට ආපු කැස්ස නිසා කලින්ට වඩා ලේ ගොඩක් පිට උණේ , කොල්ලගෙ තොල් අග ලේ බිංදු කීපයක් නතර වෙන කොට . සූගෙ අතෙන් වෑහුණ ලේ සූ ඇදගෙන හිටපු සුදු පාට දිග ගවුම පුරා සිතුවම් ඇදලා තිබ්බා . කෙල්ල දිහා බලං ඉදපු ටේ නොනවත්වා කහින ගමන් හුස්ම ගන්නෙවත් නැතුව ඉඩ දුන්නෙ එයාගෙ කදුළු වලට වැටෙන්න... මේ හැම දෙයක්ම ටේගෙ තුරුළට වෙලා බලං හියපු සූ ට අඩන්න ශක්තියක් තිබ්බෙ නෑ . ඒත් කෙල්ලගෙ ඇස් වලින් නොනවත්වා ගලපු කදුළු ටේගෙ ඇදුම තෙත් කරද්දි ටේගෙ කදුළුත් අලුත් වෙන්න මහ වෙලාවක් ගියේ නෑ .

Tae : සූ.... චෙ..බල්.. අඩ්..න්න එපා..

Soo : ට්ටේ... මට ... මහ..න්සී... මං ... දැ..නටමත්... ගොඩක් ද්..දුර ආවා...

ඒත් එක්කම ආපහු කැස්සක් ආව ටේගෙ කටෙන් වගේම නහයෙ නුත් ලේ එන්න පටන් ගත්තේ ටේ සූව තවත් එයාට ළං කර ගද්දි .

Soo : ට්...ටේ

ඒත් එක්කම කෙල්ල දිහා බලපු ටේ එක අතකින් එයාගෙ හදවත තද කරලා ඇල්ලුවේ එක පාරට දැනුන වේදනාව නිසා. ටේගෙ අත් අතර ඉදපු කෙල්ල හිමීට එයාගෙ අත ටේගෙ කම්මුලකින් තිබ්බෙ ටේගෙ ඇස් දිහා බලන ගමන් මයි ..

Prim Rose Petals || 4 Parts || Sinhala ✅Where stories live. Discover now