02 - MAMA 💜️

58 10 7
                                    

"MAMA" BY J HOPE

(ALBUM :- WINGS)

2006 වසරට මන් අද කාලය තරණය කරනවා.. කොහොමද කියන්නේ ඒ කාලේ ගැන.. ඒක නර්තනය ගැන මන් උමතුවෙන් ජීවත් උන කාලයක්.. ඉතිං නැටුම කියන හීනේ ඇතුලේ විතරක් මම ජීවත් උන කාලයක්.. ඉතිං ඒ හීනයට යන පාරේ ගොඩක්ම හිර උනේ මගේ අම්මා.. නෑ.. නොදැනුවත්වම මන් හිර කලේ මගේ අම්මව.. ඔව්.. අම්මේ මන් මේකට ආසයි කිව්වම මොන දෙයක් කරලා හරි අපිට ඒ දේ අරන් දෙන්න අපේ අම්මා දෙපාරක් හිතන්නේ නෑ එහෙම නේද..

ඒත් විශ්වාසයක් නැති මගේ හීනය ගැන තාත්තා කිසිම කැමැත්තක් තිබුණේ නෑ.. ඒක වැරැද්දක් නෙමේ.. මේ තරඟකාරී කලා ලෝකේ තැනක් හදාගන්න ගිහින් මන් විඳවයි කියලා තාත්තා බය වෙන්න ඇති.. ඒත් මගේ අම්මා ඒ කිසිම දෙයක් සැලකුවේ නෑ.. මොකද මගේ හීනේ මටත් වඩා ලස්සනට දැක්කේ එයා වෙන්න ඕන.. මම මෙතනට යනවා කියන අධිෂ්ඨානය අම්මා තවත් විශේෂණ පද එක්කම දකින්න ඇති.. ඒත් ඒ ලස්සන හීනය අම්මා දැක්ක විදිය වත් එයා ඒ වෙනුවෙන් කැප කරපු දේවල්වත් මන් එදා දැක්කේ නෑ.. ඉතිං අම්මා මගේ හීනයට යන විවෘත නැති දීර්ඝ මාවත විවෘත කෙටි මාර්ගයක් කරන්න තීරණයක් ගත්තා.. ණය බරෙන් මිරිකෙන අපේ පවුල වෙනුවෙන් මගේ හීනය වෙනුවෙන් එයා නිවසින් බැහැරව සේවය කරන්න තීරණය කලා.. ඉතිං ඒ වේදනාව ඒ කැපවීම නොදකින්නම මන් මගේ හීනයේ උමතුවෙන් පසු උනා..

මට මතකයී.. මගෙ අහිංසක අම්මා මට කතා කලා.. " හෙලෝ..." ඒ කටහඬ පැහැදිලි.. ඒත් ඒක කැඩුන බෝලයක් වගේ.. ඒ කටහඬ මහන්සිය වේදනාව තනිකම ඒ හැමදේම එක්ක කැඩෙන බව මට දැනුනා.. ඔව් මගේ අම්මාගෙ ශක්තිය මට ඇහුනේ වේදනාවක් එක්ක.. එයාට ගොඩක් තනිකම වේදනාව දැනෙන්න ඇති නේද.. මන් හිතුවා.. ඉතිං අම්මේ ඔයා දන්නවද මන් එදා හිතාගත්තා.. අධිෂ්ඨානයක් ඇති කරගත්තා.. සහ මම පොරොන්දු උනා.. මොකක්ද දන්නවද ඔයාගේ මේ අද ඉන්න පුතා වෙනවා කියලා..

ඉතිං අම්මේ.. දැන් ඔයාට පුළුවන් ඒ ඔයා දැක්ක හීනය හැබැහින් දකින්න.. ඔව්.. ඔයාට පුළුවන් හැම බරක්ම මට දෙන්න.. තවත් ඔයා දුක් විඳින්න ඕන නෑ.. ඔයාගේ පුතා ඔයාට ඉන්නවා..
ඔයාගේ පරාර්ථකාමී බව නිසා මන් අද මෙතන ඉන්නවා.. මොකද ඔයා තමයි මට මෙතනට එන්න ශක්තිය දුන්න කෙනා.. ඉතිං ඔයාට දැන් මේ පුතාව විශ්වාස කරන්න පුළුවන්.. ඔයාට හිනාවෙන්න පුළුවන්.. මොකද තවත් කිසිම දුකක් වේදනාවක් ඔයාට නොදැනෙන්න වග බලාගන්නම් අම්මේ.. ඒ වගේම මට සමාවෙන්න අම්මේ.. ඔයා දැක්ක මන් නොදැක්ක ඔයාගේ දුක වේදනාව වෙනුවෙන්.. ඉතිං අම්මේ.. කොච්චර කිව්වත් මට මදී.. ස්තූතියි අම්මේ.. මගේ ඇට ලේ මස් නහර ඒ හැමදේම ඔයා.. මොකද ඒවා මගේ ඇඟේ තිබුණා උනත් ඔය ශක්තිය නැත්නම් ඒ කිසිම දෙයකින් ඇති වැඩක් නෑ..

PRECIOUS GIFT 💜️ Where stories live. Discover now