0️⃣3️⃣ කොටස 🥀

351 62 9
                                    

සර්ට කොහෙන්ද මගේ නම්බර් එක්..
අනික මගේ අත පිච්චිලා කියලා සර් දන්නේ කොහොමද ?

මට මේ ඔක්කොම ප්‍රශ්නයක් වෙද්දී , මං තාමත හිටියේ අදහා ගන්න බැරිව..

මං හෙමිට අතේ ඒ ක්‍රිම් ගාගත්තේ පහු වුනොත් ඕ මනුස්සා මෙතනට ඇවිත් පිස්සුවක් නටන්න බැරි කමක් නැති නිසයි..

*********

#යසස්

යසස්  උදැසනම කාර්‍යාලයට පැම්ණියේ ව්‍යාපෘතියක් සදහා නව ගිවිසුමක් අත්සන් කීරිමට අද දවස යොදා  ගෙන තිබුන නිසාවෙනි.

නමුත් නොසිතු විදියට අදාල පාර්ශ්වයේ අය මෙහි පැමිණිමට නොහැකි බව දැන්වු හෙයින් තමා වෙනුවට විනුෂ එහි යැවිමට ඔහු තිරණය කර ගත්තේ ,
එහි ගියොත් දින දෙකක්වත් ඒ සදහා ආයතනයේන් පමණක් නොව මේ නගරයෙන් පවා පිටවී ඉන්න සිදුවන නිසයි.

යසස්ට මොකක්දෝ හේතුවකට ඒ සදහා හිත් දුන්නේ නැත.
ඒ නිසයි විනුෂ ඒ වෙනුවෙන් ඔහු පිටත් කල හැරියේ..

අවශ්‍ය ලියකියවිලි හා උපදෙස් ලබා දී විනුෂ පිටත් කල ඔහු මේසය මත ඇති පරිඝණකටය දැස් යැව්වේ උදැසන පටත් තම දෑස වෙහෙසකර වූ  රුව සොයන්නයි.

නැත ....
පෙනෙන මානයේවත් ඒ රුවේ සේයාවක් නැත..

උදෑසන නවය පමණ වනතුරුත් ඒ රුව නොමැති වෙද්දී , ඔහුට දැන ගන්න හැකි වුයේ ඔහු ආයතනයේවත් නැති බවක්ය.

#යුවින්

එක දිගට නාද වෙන තම දුරකථනයේ ශබ්දය යුවින්ගේ සුව නින්දට බාධාවක් වී අවසන්..

නිදි ගැට කඩමින් අඬවන් දැසින්ම අතපත ගා දුරකථන සොයාගත් ඔහු එය සවනට ලං කර ගත්තේ ඇමතුම කාගෙන්ද කිවා වත් නොබලමයි..

නමුත් .....
එහා පසින් ඇසුන හඬ මුළුමනින්ම පාහේ ඔහුගෙ නින්ද තුරන් කරන්න සමත් වු විය.

" අවිනාශ්  !! "

" ස..ර් "

යුවින්ට කැඩි කැඩි අකුරුවලි යන්තමට ඒ  වචනය පවසාගන්න හැකිවිය

" ත| මු | න්  අද වැඩට එන්නේ නැද්ද ? "



" ස..ර්  මං අ..ද  නි වා ඩු  ග.."

තිවෘර 🥀 Where stories live. Discover now