_______________#යසස්...
ක්ලබ් එක තිබුණේ ඝෝෂාකාරී හඩක්.. ඒකත් මගේ ඔළුවට කරදරයක් වෙද්දි මං එතනින් එලියට ආවේ තවදුරටත් ඒ සද්දේ දරාගන්න බැරි හින්දමයි...
වැනි වැනි ආව මං කා එකට නැංගේ මට ආව දුරකථන ඇමතුකට කවුද කියලවත් බලන්නේ නැතුව සම්බන්ධ වෙන ගමන්...
" Hello බොස් "
" ක්..ක..වු ද ? "
" බොස් මේ මං , අර උදේ බොස් දුන්න වැඩේ ගැන කියන්න කතා කරේ "
" හ්ම් , "
අමුතු බයක් හිත පුරා දුවද්දි මං තව ෆෝන් එක කනට තද කර ගත්තේ ඒ පැත්තේන් ඇහෙන දේ හරියටම අහගන්න ඕනි නිසා...
" බොස් කීව කෙනා තමා මෑන් ... නම මො..ක..ක්..ද කිවේ ???
ආ .. හරි මනුෂ.... උෟ එක්ක තව එකෙක් බොස් කිව විදිහට ඉදලා තියනවා , හැබැයි මීට අවුරුද්දක් දෙකකට කිට්ටුව ඇක්සිඩන්ට් එකකින් ඌ නැති වෙලා කියලා තමා වටේ කට්ටිය කියන්නේ ..... "හිතට දැනුන බරට හේතුව මේක වෙන්න ඇති...
ඒ බර හිතට වගේම ගතටත් දැනෙද්දි මං ඇස් පියාගෙනම සිට් එකට බර වුනා...' ඔක්කෝටම වඩා බොස්, මූ ළඟදී ආයිම ඇවිත් මේ විස්තර ළඟ පාතින් හොයලා තියනවා '
ෆෝන් එක කට් වෙන්න මොහොතකට කලින් එහා පැත්තේන් ඇහුන ඒ වචන ටික ආයේ ආයේ මගේ කන් වල දෝංකාර දුන්නා....
දන්නේ නැ කොහොම ගෙදර ආවද කියලා ...
කලර් ලයිට්..... ටැෆික් පොයින්ට්...
කිසි දෙයක් මතක නැ, මතක විදියට දෙතුන් තැන හැප්පෙන්න ගියා...ආව ගමන් කලේ ඔහේ ඇදට වැටුන එක.' ඇයි යසස්... ඇයි මේ. ? ' මගේ හිතෙන් මං අහපු එකම ප්රශ්නය .
ඇයි මට මෙච්චර දුක... ඇයි මගේ දෙයක් නැති වෙන්න යන හැගිම්ක් දැනෙන්නේ ..?
මං මගේන අහපු ප්රශ්න වලට උත්තර නැති වෙද්දී , කාමරේ තිබුණු මිනි ෆ්රිජ් එකේ බියර් කැන් දෙක තුනක් හිස් වෙලා ගියා..
#යුවින් ...
අදට දවස් දෙකක්.. එදා යසස් සර් මාව දාලා ගියාට පස්සේ මං තවම දැක්කේ නැ..