අද තමා කුකී තේහ්‍යුන් එක්ක මුදු තෝරන්න යන්නෙ..කුකී ලැහැස්ති වෙලා සාලෙ සෝෆා එකට වෙලා ඉදගෙන හිටියෙ තේහ්‍යුන් එනකන්..💙 කුකී..තේහ්‍යුන් එක්ක ගිහින් හැම තැනම තනියම ඇවිදින්න එපා..තේහ්‍යුන් එක්කම ඉන්න ඕනෙ හොදද..
🐰හරි අම්මා..
අම්මගෙයි පුතාගෙයි කතාව නැවතුනෙ තේහ්‍යුන්ගෙ කාර් එකේ සද්දෙ ඇහිලා..මිසිස් ජියෝන් කුකීව එක්කගෙන එලියට යද්දි තේහ්‍යුන් කාර් එක ලඟට වෙලා හිටගෙන හිටියා..
මිසිස් ජියෝන් කුකීගෙ අත අල්ලගෙන තේහ්‍යුන් ගාවට ඇවිදගෙන ගියා..💙 එහෙනම් පුතාලා දෙන්නා පරිස්සමෙන් හොඳද..
🐯 හරි අම්මා..බයවෙන්න එපා මම කූව ඇස් දෙක වගේ බලාගන්නම්..
💙 මම ඒක දන්නවා පුතා..කූ හියුන්ගිට කරදර කරන්න එහෙම එපා..
🐰 හරි අම්මා..මම කලදල කලම්නැ..
💙 මගෙ හොඳ පැටියා...
කියපු මිස්ස් ජියෝන් කුකීගෙ ඔළුව අතගෑවා..
🐯 එහෙනම් අපි යමුද කූ...
🐰 හලි හියුන්ගි..
🐯 එහෙනම් නගින්නකො කාර් එකට..
තේහ්‍යුන් කිව්වෙ කුකීට නගින්න කාර් එකේ දොර අරින ගමන්..කුකී හිමින්සැරේ කාර් එකට නැගලා ඉදගත්තා..
🐯 එහෙනම් අපි යනවා අම්මා..
💙හරි පුතාල පරිස්සමින්..
තේහ්‍යුන් මිසිස් ජියෝන්ටත් කියලා කාර් එකට නැගලා කාර් එක ජියෝන් ගෙදරින් එලියට ආවා..
කාර් එකේ විනාඩි ගානක් යනකම් තිබුනෙ දැඩි නිහඩ තාවයක්..නිහඬතාව බිද දාලා තේහ්‍යුන් ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගත්තා..