Chapter 3

1.6K 68 9
                                    

ඉරිදා කියන්නෙ කෙල්ලගෙ නිවාඩුව.. ඒක නිසාම කෙල්ල ටිකක් වෙලා නිදාගත්තා.. කෙල්ලට ඇහැරුනේ ඇගට දැනුන සීතලට.. ඇස් ඇරලා බලද්දි කෙල්ල දැක්කෙ බ්ලැන්කට් එක එහෙමෙහෙ වෙලා කෙල්ලගෙ මුළු ඇගම එළියෙ කියලා.. ටේව පැත්තකට කරපු මීසු ඇදෙන් බැස්සෙ මූණ රතු කරගෙන.. බිම තිබ්බ ටී එක ලොන්ඩ්‍රි බකට් එකට දාපු මීසු ටවල් එකත් අරන් බාත් රූම් එකට රිංගුවා..

වැඩි වෙලාවක් නොගෙන වොශ් එකක් දා ගත්ත මීසු පොඩි බබෙක් වගේ කොට්ටයක් බදාගෙන නිදාගෙන ඉන්න කොල්ලටත් ඇහැරවලා කිචන් එකට ආවා.. සැන්ඩ්විච් එක්ක ටී හදලා පැත්තකින් තියලා උදේට කෑමත් ලෑස්ති කරද්දි කොල්ලා ඇවිත් පැන්ට්‍රි එක උඩින් වාඩි උනා..

"ලයිබ්‍රි යන්නෙ කීයට වගේද??"

"කාලා යමු නූනා.."

කොල්ලා කිව්වෙ කෙල්ල කපලා පැත්තකින් තියපු කැරට් කෑලි දෙක තුනක් කටට දා ගන්න ගමන්..

කාලා බීලා ඉවර කරලා දෙන්නම ලෑස්ති උනේ ලයිබ්‍රි එකට යන්න.. කෙල්ල ක්ලෝසෙට් එක ඉස්සරහට වෙලා ඇදුමක් තෝර තෝර ඉද්දි කඩාගෙන බිදගෙන රූම් එකට ආවෙ ටේ..

"කෝ මං තෝරන්නම්.."

කොල්ලා කියද්දි මීසු කටත් බෙරි කරගෙන පැත්තකට උනා.. සුදු පාට අත් නැති බ්ලව්ස් එකකට කළු පාට ශෝට් ස්කර්ට් එකක් සිලෙක්ට් කරපු ටේ කෙල්ලට රවලා රූම් එකෙන් එළියට ගියා..

සිල්ක් බ්ලව්ස් එක දිහා බලපු කෙල්ලගෙ කට කොනකට චූටි හිනාවක් ආවා.. කෙල්ල ලෑස්ති වෙලා එළියට එද්දි ටේ සෝෆා එකේ වාඩි වෙලා ඉදියෙ.. කෙල්ල දිහා බලපු කොල්ලා රවාගෙන එළියට ගියා.. කෙල්ලත් කට කොනකින් හිනා වෙලා කොල්ලගෙ පිටිපස්සෙන් අපාර්ට්මන්ට් එකෙන් එළියට ගියා.. ලිෆ්ට් එක එනකන් නතර වෙලා උඩ බල බල ඉන්න ටේ දිහා බැලුවම මීසුට හිනා යන්න ආවත් මීසු තොල් තද කරගෙන ලිෆ්ට් එකට නැග්ගා..

කාර් එක ළඟට යනකනුත් ටේ මීසු දිහා බැලුවෙවත් නෑ.. මීසු ටේ කියපු බ්ලවුස් එක ඇදන් ඉදියෙ නැති එක තමයි හේතුව කියලා මීසුට තේරුනා.. මීසු කාර් එකට නැගලා බෑග් එක පිටිපස්සෙන් තිබ්බා..

"ආව්ව්ශ්.. අද ඇයි මෙච්චර රස්නෙ.."

තමන්ටම මුමුණගත්ත කෙල්ලට කළු පාට ජැකට් එකේ ශිපර් එක පන්නලා ජැකට් එක ගැලෙව්වා.. කොල්ලා මීසු දිහා බලන් ඉදියෙ කටත් ඇරගෙන.. ටේගෙ මූණට හිනාවක් ආවෙ ජැකට් එකට යටින් කෙල්ල ඇදන් ඉදපු බ්ලවුස් එක දැකලා..

Bad Night / onhold /18+Donde viven las historias. Descúbrelo ahora