ඒ ෆොරිනර් වැලි ගොඩෙන් නැගිටින්න හදනකොට මම දැක්කේ එයා ජන්ග්කූක් වගේ හොඳට බොඩි බිල්ඩින් කරපු කෙනෙක් කියලා. එයාට ජන්ග්කූක්ට වගේ බොක්සිං පුලුවන්ද කියලා මගේ හිත වෙනම හිතන්න පටන් ගන්නකොට මගේ හිත මට බැන්නා මම කියවගෙන ගිය එකට. ඒ මනුස්සයාට සොරි කියලා එතනින් එන්නේ නැතුව මම ඒ මනුස්සයාව පාගගෙන යන්නත් ප්ලෑන් කලා.
ඒ මනුස්සයා වැලි ගොඩෙන් නැගිටලා මගේ ගාවට එනවා කියන්නේ මගේ කට නිසා මෙතන ලොකු රණ්ඩුවක් පටන්ගෙන අන්තිමට මම අතක් පයක් කඩාගෙන හොස්පිට්ල් බෙඩ් එකක් උඩ නවතින වැඩක් වෙනකොට මම ඒ මනුස්සයාව නොදැක්ක ගානට එතනින් එන්න හදනකොටම ජන්ග්කූක් වාහනෙන් බැහැලා එනගමන් මම ඉන්න පැත්තට ආවා.
' දැන් ගහයි මට '
මමත් එහෙම හිතලා එතනම හිටගෙන හිටියේ ජන්ග්කූක් බෙස්ට් බොක්සින්ග් ප්ලේයර් කෙනෙක් නිසා. ජන්ග්කූක් ආපු ගමන් මා නොදැක්කා වගේ ටේයුන් ඉන්න පැත්තට ඇවිදගෙන යනකොට මම ඉස්සෙල්ලා හිතුවා වගේ ඒ මනුස්සයාව මග ඇරලා ආවේ ඒ මනුස්සයා කියවන කිසිම දෙයක් ගනන් ගන්නේ නැති වෙනකොට ඒ මනුස්සයා කියවන දේවල් මට ටිකෙන් ටික ඇහෙන්නේ නැති වුනා.
මමත් ඉක්මන් කරලා ජන්ග්කූක් පිටිපස්සෙන් ඇවිදගෙන ගියේ ජන්ග්කූක්ට හිතෙන් බනින ගමන්. ඇයි මේ මනුස්සයාට හිමින් යන්න බැරි. මේක ඉමර්ජන්සි මෝමන්ට් එකක්වත්, ජන්ග්කූක්ගේ කම්පනිවත් නෙවෙයි එයාට මෙච්චර වේගෙන් ඇවිදින්න. මම ජන්ග්කූක්ට හිතෙන් බනින ගමන් ඇවිදගෙන යනකොට ජන්ග්කූක්ට කෝල් එකක් ඇවිත් එයා කෝල් එකට ආන්සර් කරන ගමන් ආයෙත් කාර් පාර්ක් එක පැත්තට ගියා.
මම ජන්ග්කූක් යන දිහා බලාගෙන ඉක්මනින් ටේයුන් ගාවට ගියේ දැන් මම ටේයුන් ගාවින් ඇවිත් විනාඩි දහයක් විතර වෙන නිසා. මම යන ගමන් බලාගෙන හිටියේ ටේයුන් ඉන්නවාද කියලා. ඒත් ටේයුන් ඉන්න තැන මැට් එක හිස් වෙනකොට මම බකට් එක පැත්තකින් තියලා ටේයුන්ව හොයන්න පටන් ගත්තා. ගාර්ඩ්ස්ලා දෙන්නාත් නැතිවෙකොට මට ටේයුන් ගැන බයක් දැනුනා. මම ඈත බැලුවේ පාර්කින්ග් එකේ අපේ වාහනේ පේනවාද බලන්න. අපේ වාහනේ පාර්කින්ග් එකේ ඉස්සරහින්ම තියෙනකොට මගේ හිතේ බය ටිකක් අඩු වුනේ එයාලා කොහෙවත් ගිහින් නැතුව ඇති කියලා තේරුම් යනකොට.
මම එහෙමම මිනිස්සු ඉන්න රැල්ල එන පැත්තට ගියේ ඒ පැත්තේ වත් ටේයුන් ඇති කියලා හිතාගෙන. මම පොඩි ළමයි පේරන්ට්ස්ලා කියලා හිතන්න පුලුවන් කට්ටිය මැද්දේ යන ගමන් ටේයුන් පේන මානෙක ඉන්නවාද කියලා බැලුවේ ටේයන්ව ගාර්ඩ්ස්ලා එක්ක තියලා ශෙල්ස් එකතු කරන්න ආව එකට.
මම ටිකක් ඉස්සරහට ඇවිදගෙන යනකොට මම දැක්කා කලුපාට ෆුල් සූට් ඇඳපු ගාර්ඩ්ස්ලා දෙන්නා ට්රව්සර් නවාගෙන ටේයුන් එක්ක වතුරේ බැහැලා ඉන්න හැටි. මම ආවා කියලා දැකලා වෙන්න ඇති ටේයුන්ව අල්ලගෙන හිටිය ගාර්ඩ් ඇරෙන්න හිටිය අනිත් කෙනා කියන්න ඇති. ඒ ගාර්ඩ්ත් මාව දැකලා කෙලින් වෙනකොට ටේයුන්ත් මගේ දිහා හැරිලා බැලුවා.
"ලොකු පපා"
" ටේයුන් "
"ලොකු පපා ගියේ කොහෙද ? "
" ලොකු පපා ශෙල්ස් එකතු කරන්න ගියා බබා"
"මටත් දෙනවද ?"
"බබාට නොදී මම මොනවා කරන්නද? "
"අප්පා ආවේ නෑනේ ලොකු පපා? "
"අප්පා තව ටිකකින් එයි."
"ලොකු පපා අපි රැල්ල පාගනවා."
"ඇයි ලොකු පපා එනකන් හිටියේ නැත්තේ ?"
To be continued...
YOU ARE READING
Zero O' Clock | Jin Centric
Fanfiction" මම හිතුවේ නෑ ටේයුන් මං ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා. මම හිතාගෙන හිටියේ ඔයා මාව දකින්නවත් කැමති නැති වෙයි කියලා. ඒත් ඊට වඩා හුඟක් වෙනස් දෙයක් ටේයුන් ඇත්ත කියන්නේ. මම හිතාගෙන හිටියේ ඔයා මාවත් සීයා පපාව අයින් කලා වගේ අයින් කරන්න ඇති කියලා. ඒත් ඔයා මට...