බලන් හිටියත් හොදම කාලය එනකම්
තවත් මොහොතකට කාලය නැවතුනා නම්
හෙට දවස උදා නොවි
මං ප්‍රර්ථනා කරනවා හැමදාම...බලන් හිටියත් වසන්තය එනකම්
තවත් දවසකට මේ ශිත කාලය තිබුනා නම් මොහොතකට හරි හිම දිය නොවී!
මං ප්‍රර්ථනා කරනවා හැම මොහොතේම...මං බලන් ඉන්නවා හැමදේම හොදින් වෙනකම්
එත් අයෙත් තත්පරයක් මේ හැමදේම හොදින් නැති මොහොතේ ජිවත් වෙන්න පුළුවන් උනා නම්!
මං ප්‍රර්ථනා කරනවා ඒ හැගීම තවත් විනාඩියක් විදගන්න ඉඩක්!ඔයා හරි නම් මගේ ලගින් ඉන්න ඕනේ නැති වුනත් මට ඕනේ උනා ඔයා හැමදාම මගේ ලගින් ඉන්නවා දකින්න!
එත් ශිත ඍතුව අවසානෙදි හැමදාම වසන්තය ආවා
මං තාමත් ප්‍රර්ථනා කරනවා ඔයා මගේ ලගින් හිටියා නම් කියලා ජන්කුක්...මං ඔයාට ආදරේ කරා! මෙහෙමයි කියලා ඉවර කරන්න බැරි තරම්.. මං ඔයා වෙනුවෙන් ජිවත් වුණේ ජන්කුක්! එත් පුදුමාකාර විදියට මගේ හදවත තව දුරටත් ඔයා වෙනුවෙන් ගැහෙන ඒක නතර වෙලා ජන්කුක්... හැමදේම වෙනස් වෙලා...
වසන්තය ඇවිත් වගේම මට යන්න කාලය ඇවිත්.. මට සමාවෙන්න ජන්කුක්.. එත් පරිස්සමින් ඉන්න.. මට හැමදාම ඕනේ උනේ එච්චරයි! ඔයාගේ සතුට! ඔයගේ හිනාව දකින්න! ඒ හිනාව වෙනුවෙන් මං මගේ හැමදේම පරිත්‍යාග කරන්නම් ජන්කුක්.. පුළුවන් නම් හිනා වෙන්න... හදවතින්ම...
මට තවත් බොරු බලාපොරොත්තු උවමනා නෑ ජන්කුක්! මං තව දුරටත් බලාපොරොත්තු වෙන්නේ නෑ ආයෙත් සැරයක් ඔයාගේ ජීවිතේට එන්න! මං බලාපොරොත්තු වෙන්නේ නෑ..
හැමදේම මට නොතේරීම වෙමින් තිබුනා ජන්කුක්! ඒකත් වේගෙන්!
මට ඕනේ මං නැතිව ඔයා සතුටින් ඉන්න! ඒක ඉල්ලන්න බැරි තරම් අසාදාරණ දෙයක් නොවේවි කියලා මං ප්‍රර්ථනා කරනවා...
ඔයාට හිතෙනවා නම් ඒක අසදාරණයි කියලා..
මතක තියාගන්න ජන්කුක්! මේ ලෝකේ කිසිම දෙයක් සාදාරණ නෑ!
ඒ නිසා අසාදාරණ වුනත් මගේ ඉල්ලීම ඉටු කරන්න...
~Kim Taehyung~