Third

171 39 15
                                    

ඔයා මගෙන් ඉල්ලන්නේ සතුටින් ඉන්න ද ටේහ්යුන්ග්?

මං මගේ ඉස්සරහින් තිබුණු ග්‍රෙව් ඒක උඩින් සුදු රෝස මල් තියන ගමන් එයාගෙන් සද්දෙන් ඇහුවා...

මං දන්නවා එයාගේ උත්තරය!

ඇත්තටම ඔයා මට ආදරේ කරා ද? හරියට බෝයිෆ්රෙන්ඩ් කෙනෙක්ට වගේ? ඔයාට ඕනේ උනා ද මගේ අතෙන් අල්ලාගෙන මාව හැමතැනම එක්කන් යන්න,මාව කිස් කරන්න..? අනික් හැමෝම එයාල ආදරේ කරන කෙනා එක්ක කරන හැමදේම මාත් එකක් කරන්න ඕනේ උනා ද ඔයාට

මං විශ්වාස කරනවා එහෙම නොවෙන්න ඇති කියලා කිම් ටේහ්යුන්ග්..

ඔයා විශ්වාස කරත් නැතත් මං අද හිර වෙලා.. අවසානයක් හා ආරම්භයක් නැති කතාවක.. මං දන්නේ නෑ මෙතනින් පස්සේ මේකේ මොනවද ලියන්න ඕනේ කියලා.. ආරම්භයක් දුන්නත් ඒ ආරම්භය මේ කතාවේ අවසානය ද කියල මට මොහොතකට හිතුනා ටේහ්යුන්හ්!

ඔයා වගේ මට කතා ලියන්න බෑ! ඒ නිසා මං වැරදි ආරම්භයක් දෙන්න ඇති.. ඒ වගේම මට සාර්ථක අවසානයක් මේ කතාවට දෙන්න බැරි වෙයි.. මොකද මේ කතාව ලියන්න මට හීන බලාපොරොත්තු හේතු දුන්නු කෙනා මං මේක ලියන්න කලින්ම මාව දාලා ගියපු නිසා..

මට බයයි මගේ පාඨකයෝ මේ කතාවට අකමැති වෙයි කියලා..

එත් මට කරන්න දෙයක් නෑ ටේහ්යුන්ග්! ඔයා බලාපොරොත්තු වුණේ මේ කතාව මේ ලෝකේ හැමෝම දැනගන්න!

එත් කාටවත් දැනගන්න මමවත් තාම ඒක දන්නේ නැත්නම් මං කොහොමද තවත් කෙනෙක්ට ඒක මෙහෙමයි කියලා කියන්නේ?

හැමදේම දැනගෙන හිටියේ කිම් ටේහ්යුන්ග් විතරයි!

මං දැනන් හිටිය දේවල් වලින් මට බැරි වුනා කතාවක් ගොතන්න!

සමාවෙන්න!

මං එයාගේ ග්‍රෙව් ඒක ලගින් ඉදගත්තා! මට මහන්සි කියලා එයාට පෙනන්න මට ඕනේ උනා! ඔයා මට ඔයාගේ හදවත දීලා ගියාට මං හිතන්නේ නෑ මට තවත් වැඩි කාලයක් ජිවත් වෙන්න පුළුවන් වෙයි කියලා.. මොකද ඔයාගේ හදවත වුනත් හුගක් ශක්තිමත් නෑ මං මේ වෙද්දීත් අත්හැරලා තියෙන ජීවිතේ වෙනුවෙන් ගැහෙන්න..

හැමදේම හොද විදියට වෙයි කියලා ඔයා මුල ඉදන් බලාපොරොත්තු උනත් හැමදේම නරක විදියටමයි වුණේ කිම් ටේහ්යුන්ග්..

ඔයා ගිහින් දැනට මාස තුනක් වෙනවා!

එත් කිසිම දෙයක් වෙනස් වෙලා නෑ!

අඩුම මං බලාපොරොත්තු වුනා! මට ඔයා ගැන රසාස්වාදය ගැන තියෙන හැගීම් වෙනස් වෙයි කියලා!

එත් තවමත් මට තියෙන්නේ ඒ ගැන මට වචනයෙන් විස්තර කරන්න බැරි හැගීමක්!

රසාස්වාදයට මං ආදරේ කරේ නෑ!
කිම් ටේහ්යුන්ග්ට මං ආදරේ කරෙත් නෑ!
ඒ දෙන්නා අතර තිබුනු බැදීම නිසාම වෙන්න ඇති මං ඒ දෙන්නටම ආදරේ කරේ නෑ!

එත් ඔයා ඒක තැනකදී හරි කිම් ටේහ්යුන්ග්!

ඔයා හරි! ඔයා හරි!

මමත් බලාපොරොත්තු වෙනවා මේ ශිත ඍතුව අවසානෙදි වසන්තය එන්න එපා කියලා! මං බලාපොරොත්තු වෙනවා මට ඒ වසන්තය දකින්න ජිවත් වෙන්න නොලැබෙයි කියලා!

මොකද නව ආරම්භයක් මට ඕනේ නෑ!

මට ඕනේ නෑ අයෙත් සැරයක් නව බලාපොරොත්තු ඕනේ නෑ..

මට ඕනේ උනේ එකම දෙයයි! මට තේරුනෙත් එකම දෙයයි!

මට ඕනේ දීර්ඝ නින්දක්‌! මට මහන්සි!

Waiting for the spring | Taekook √Where stories live. Discover now