පුර හද අහසටම මුදුන් වී ඇත ..මාලිගාවෙ උද්‍යානයෙ විශාල මේපල් ගහ මුල කළුවරට මුවා උන සෙවණැලි දෙකක් .. මේ ගැන දන්නේ කුමරියගෙ සමීපතම සේවිකාව වුන නූරි පමණක් ම විය . මේ වෙද්දි නූරිත් මාලිගාවෙ උස කුළුනෙ කවුලුවක් මත සිටියෙ කරදරයක් දැනුනොත් ලන්තෑරුම් එළියෙන් සංඥා කරන්න සුදානමින් ...
මේපල් ගහ යට සිටි සෙවනැලි වලින් එක් අයෙක් තාමත් ඉකිබිඳුම නැවතීමට අසාර්ථක උත්සාහයක. අනෙක් පුද්ගලයා ඇගෙ කණ ලග කොදුරමින් ඇයව සැනසීමට උත්සාහ දරයි..
"අඩන්න එපා මගෙ වස්තුවේ.."
නැවතත් ඔහු මුමුණයි ..
"ඇයි මට මෙහෙම කරන්නේ..?"
නොනවතින කදුළු බිංදු පිරිමින් ඇය කතා කලා ...
"තේරුම් ගන්න ගුමී .. මට යන්න වෙනව "
"ඇයි ඔයාට යන්න වෙන්නේ.."
හැඩි දැඩි තරණයාගෙ උරහිස මත හිස තබා දෑස් එක එල්ලේ බලමින් ඇය විමසයි ..
"ඔයා දන්නවා නෙ හේතුව."
කදුළු පිරුනු දෑස් මග හරිමින් ඔහු උත්තර සපයයි.."මං තවමත් මෙහෙ හිටියොත් ඔයාගෙ අප්පගෙ හිරකාරයෙ-"
"නෑ , එහෙම වෙන්නෙ නෑ!!"
තරුණයාට බාධා කරමින් කදුළු පිරුනු ඇස් ඇති තැනැත්තිය කෑගැසුවාය.."මං මේක ඔයාට කලිනුත් කිව්වා නෙ මගෙ අප්පට කතා කරන්න, අප්පා තේරුම් ගනි ..ඔයා ආයෙත් ඒගොල්ලන්ගෙ-"
ගුමී තම සතුරු රාජධානිය වෙතට ඇගිලි දික් කලා .. "-ඔත්තුකාරයෙක් විදියට වැඩ කරන්නෙ නෑ කියලා පොරොන්දු වුනොත්..අප්පා ඔයාට සමාව දෙයි..""ඔයාට තේරෙන්නේ නෑ ගුමී .. ඕක ඔයා කියන තරම් ලේසි දෙයක් නෙවෙයි.."
"මොකද නැත්තේ.. උත්සාහ කරමුකෝ. මං කතා කරන්නම් ඔයා වෙනුවෙන්.. මගෙ හිත රිදෙන දෙයක් අප්පා කවදාවත් කරන්නේ නෑ.."
"ඒත් මං ඔයාල හැමෝම රැවැට්ටුවා..ඔයාගෙ අප්පායි .. අනිත් හැමෝම තාම හිතන් ඉන්නේ මං කුමරියට කඩු හරඹ,දුනු හරඹ පුහුණු කරන්න ආපු නාකි සොල්දාදුවා කියල .. මාව සැක කරන අයවත් දන්නෙ නෑ ඔයාලගෙ හතුරු රජු මගෙ මාම කියල .. "
"ඒත් මං ඔක්කොම දන්නවනේ.. මං තේරුම් කරල දෙන්නම් අප්පට .."
"ඔයත් හැමදේම දන්නෙ නෑ ගුමී..
වරදකාරී හැගීමෙන් තරුණයා බිම බලාගෙන සිටියි..
"කියන්න එහෙනම් මං නොදන්න දේවල්.."
"මේ එකට වෙලාව නෙමෙයි.."
"වෙන වෙලාවක් නෑ .."
ඇය දිගින් දිගටම ගලන කදුළු පිහමින් කියයි..තප්පර ගානක් නිහඩවම හිටි ඔහු අවසානයේ මුව විවර කරයි.."මං මෙහෙට ආවෙ... ඔයාගෙ මාලිගාවට..මාව එව්වෙ..". තවමත් තෙත් උන දෑස් විශාල කර ඇය ඔහු දෙස බලා සිටි..".. ඔයා ..ඔයාව මරන්න.."
පුදුමෙන් විසල් උන දැස් මතින් ඇගෙ කට කොනින් සිනහවක් ඇදි ගියා..
"ඒත් ඔයාට බැරි උනා.."
"ඔව්."
"ඇයි..?""ඇයි.." තරුණයා උත්තරයක් සේවීමට උත්සාහ කරයි.." ඔයා දන්නව ඇයි කියල .."
" නෑ මං දන්නෙ නෑ ඇයි කියලා.. කියන්න මට .."
මේ වන විට ඇයට සත්තකින්ම තරහ උඩු දුව ගොස් ඇත..
"මං ඔයාව දැකපු දවසෙ ඉදන් ම ඔයාට ආදරෙ කලා .. " තවමත් ඇය එක එල්ලේ බලා සිටි.." මං... මං දිගටම උත්සාහ කලා මගෙ රාජකාරිය කරන්න.. "
"අහ්.." තරුණයා පැවසු දෙය ඇයට විශ්වාස කල නොහැකි කොහෙත්ම..
"මුලින්ම මං ඔයාගෙ පුහුණු වීම් වලදී ඒක කරන්න හැදුවෙ ... ඒත් ගොඩක් වෙලාවට අපි වටේට සෙබළු හිටිය..ඒ නැතත් ඔයා කොච්චර හොඳ ශිෂයාවක් උනාද කියනව නම් ඔයාගෙ ගුරුවරයා හැටියට මට ඒක ඒ වෙලාවෙදි කරන්න හිත හදාගන්න බැරි උනා.."
"ඊට පස්සේ.."
මෙතරම් වෙලා සිදුවු දේවල් මග හැර තරුණයාගෙ මුවට සිනහවක් ආවෙ දැන්ය .. "පොකුණ ලග වෙච්ච දේ ඔයාට මතකයි නේද..?"
කුමරිය ගෙ මුවටද සිනහවක් ඇදි ගියාය.."ඔව් මොකද නැත්තේ.."
"අනේ ජන්කුක් කොහොමද ඒ දවස අමතක වෙන්නේ.."ගුමී එසෙ පවසමින් නැවතත් විසල් තරුණ උරහිසට මුවා විය...
______________________ 🌒❤️
හායි.🤗
කෝමද ඔයාලට 👻
ඔන්න අලුත් කතාවක් එකක් ආවා ..🤗 වෙනස් කතාවක් වෙයි ..ඔයාලට .. intro එකක් නැතෝ ...
කොපි කරලා වත් ගත්ත අදහසක් නෙමෙයි මේක මගෙම අදහසක් ඉතිං ඔයාල මේක කියවයි කියල බලාපොරොත්තු වෙනවා.. 🥺🌹කමෙන්ට් වෝට් කරන්න 🥺
බායි... 🧚
📝 ChocoBunny 🍫🐰✨
YOU ARE READING
🌑°Once upon a time °🌑
Historical Fictionපරම්පරා ගණනක් පුරා පැවත ආ යුද්ධයක්... මහළු වෙස් ගත් රහස් මෙහෙයුමකට එන තරුණයෙක් ... සතුරු රාජධානිය විරුවෙකුට පෙම් බැඳි කුමරියක් ... "••එකොමත් එක කාලෙක••" Cover by : @G_yeni Start date: 2022 .sep .25