පසුදා ගෝර්යා රාජසභාව රැස් වූයේ බැරෑරුම් කරුණක් සාකච්ඡා කිරීමට.සැම අමාත්‍ය වරයෙක්ම බැරෑරුම් මුහුණුවරකින් යුක්ත වූ අතර ජීවිතයෙ පලමු වරට ගුමී කුමරිය ද එදින රාජසභාව හමුවෙ කතා කිරිමට නියමිතව තිබුණි..
සති හයකට මත්තෙන් කුමරියට යුධ පුහුණුව ලබා දීමට බදවාගත් මහලු සොල්දාදුවා අතුරුදන්ව ඇත.ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගැනිමට නොහැකි වූ කල්හි ඒ පිලිබඳ සෙවිමට වෙනම කමිටුවක් පත් කර ඇත.
"රජතුමනි කරුණක් ඉදිරිපත් කිරීමට මට අවසර.." රජුගේ ප්‍රධාන සෙනවි තනතුර දැරූ පුද්ගලයා කටහඩ අවදි කලේය.
"මුලසිටම අපි අවවාද කළේ කුමරියට යුධ පුහුණුවක් අවශ්‍ය නොවන බවයි ..එයට කන් දුන්නා නම් මෙවන් දෙයක් සිදු වන්නෙ නෑ.ඊලගට -"
ඒ අසල සිටි උප ප්‍රධාන සෙනවි උන වංයු සෙනවි තුමාට යමක් කෙදිරීය ..
"අවසර රජතුමනි ඊලගට අපි ඉල්ලා සිටියා කුමරියගේ ආරක්ෂක සෙබළුන්ට ඇගේ ආරක්ෂාව වෙනුවෙන් ඇගෙ අණ නොතකා හරින්නට ඉඩ දෙන්න කියල .එම බලය පැවරුවෙ නැති නිසා හුගක් වෙලාවට අපේ සෙබළුන්ට පිටතින් රැදෙන්න සිදූ උනා . කුමරිය ඒ ඔත්තුකාරයා එක්ක තනියම යුධ හරඹ කරනකල්..කුමරියගෙ ජීවිතය දැඩි අනතුරක-"
තමන් දෙසට යොමු වී ඇති කුමරියගේ ගිනි පිටවෙන ඇස් හමුවෙ ඔහු මදකට නිහඩ උනා ..ඒ සමගම රජුද තම කතාව ආරම්භ කලේය ..
"සිද්ධ වෙන්න තිබ්බ දේ ගැන කතා කරල ඇති වැඩේ මොකක්ද.දැනටමත් ඒක වෙලා ඉවරයි ආ ? සෙනවි .ඒකටද මම තමුන්ව ප්‍රධාන සෙනවි තනතුරෙ තියන් ඉන්නෙ? පොඩි ලමෙක් වගෙ හැසිරෙන්න එපා .අපි ඊලගට කරන්න ඕන දේ ගැන කල්පනා කරනවාආ !!.ගුමී මොනාද ඔයාට මේ ගැන කියන්න තියෙන්නේ.?..
"මගේ ගුරුවරයා හරිම හොද මහත්මයෙක් ,ඒ වගේම ඉතා දක්ෂ ගුරුවරයෙක්.මම හරිදේ කලාම මාව අගය කලා .මම පලවෙනි වතාවට වැරැද්දක් කලාම මට අවවාද කළා ..ආයෙම ආයෙම එය සිදු උනොත් මට බැන්න ". කතා කරන අතරතුරේ ඇගෙ උගුර රිදූම් දෙන්න පටන් ගත්තාය ..පෙරදින රැයෙ බොහො වෙලා හැඩු නිසා ඇය පැමිණිමට පෙර ඇය නූරිගෙ සත්කාරද ලබා ගත්තේය..
"ඒ මනුස්සයා ඔත්තුකාරයෙක් බවට ඔයාට සැක හිතුන අවස්ථා තිබුනද "
ගුමී මුව විවර කළේ වේගෙන් ගැහෙන හද වතත් සමගය .ඇයට සිය පියාට බොරු කීමට නොහැකි..නමුත් තම පෙම්වතා පාවා දියද නොහැකිය.."මට මෙතන ඉන්න ඕනම කෙනෙක් සමග සටන් කරන්න පුළුවන් තරම් එතුමා ඉගැන්නුවා "..රාජ සභාව තුල කසුකුසුවක් ආරම්භ විය."එතුමාත් කීප වතාවක්ම දුනු හරඹ වලදි මට පැරදුනා .."
තම දියණිය පැවසූ කරනු මද වෙලාවක් කල්පනා කල රජු නැවත ඈ දෙස බැලුවේය.. "ඔයා මගේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑ .ඒ මනුස්සයා ඔත්තුකාරයෙක් බවට පෙන ලකුණු ඔයා දැක්ක ද?"
ආයාසයෙන් උගුර පාදාගත් ගුමී නැවතත් ගැඹුරු හුස්මක් ගත්තාය .. "අප්පා,අප්පා හිතනවද ඔත්තුකාරයෙක් ඇවිත් තමන්ගේ සතුරු රාජධානියේ කුමාරිකාවකට යුධ පුහුණුවක් ලබා දෙයි කියල මේ තරම් හොදට.."
"ඔයාට ඔප්පු කරන්න පුළුවන් ද මෙ කියන දේවල්."රජතුමා ඇසුවෙ අවිශ්වාසයෙන් ..
"අනිවාර්යයෙන්ම මට පුළුවන්"_____________________🌒❤️
හායි...🤍
කාලෙකින් 😇
📝 ChocoBunny 🍫🐰✨
YOU ARE READING
🌑°Once upon a time °🌑
Fiction Historiqueපරම්පරා ගණනක් පුරා පැවත ආ යුද්ධයක්... මහළු වෙස් ගත් රහස් මෙහෙයුමකට එන තරුණයෙක් ... සතුරු රාජධානිය විරුවෙකුට පෙම් බැඳි කුමරියක් ... "••එකොමත් එක කාලෙක••" Cover by : @G_yeni Start date: 2022 .sep .25