ඈත එපිට ගම්මානෙන් නැග එන

145 23 27
                                    

ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඩ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවේද
ඇය නිදි නොමැති පැලේ

මලානිකව හද එලිය ගාලා එන
අම්බලමක හෙවනේ
බලා හිදිමි ඔබ හිදින විමන් දොර
දැල් වෙන එලිය බදේ

වේදනාව නෙතු අගට ගලලා
ඉකිලන නිහඩ රැයේ
නිල නුවන් තරු කැට බොද වෙනවා
කාටත් හොර රහසේ

සින්දුවේ මුල් පද හතරෙන් කියන්නේ කවියාට ඈත ගම්මානේකින් බටලි හඩක් ඇසෙන බවයි. මේ හඩ නිසා ඔහුට මතකයට නැගෙන්නේ ඔහුගේ භාර්යයාව හෝ පෙම්වතිය වීය හැකි යයි සිතිය හැකිය. මෙහිදී බටලී හඩ ඔහුව ඉතාම සංවේදී තත්වයකට පත් කරයි. බටලි හඩ සමග ඇයගේ දුක තැවරී එනවාදෝහෝයි ඔහුට මෙහිදී සිතේ.

දෙවන කවියේදි පවසන ලෙස මේ කවිය සිටින්නේ පාලු අම්බලමකය.. අමාවක දවසකට අසන්න දිනයක් වීම නිසාදෝ එදින හද එලිය එන්නේ මදවය. එහිදී ඔහු මේ කාන්තාව ගැන බලාපොරොත්තු තබාගෙන ඇති බව මෙහිදී කවියා කියයි.. විවාහ අයෙක් නම් බලාපොරොත්තු තැබීමක්‌ නොමැති නිසා මේ ඔහුගේ පෙම්වතිය බව අපට පැහැදිලිය.

අවසන් කවියෙන් කියවෙන්නේ ඔහුට ඇය ගැන මතකය පවා ඉතා වේදනාවක් බවයි. කුමක් හෝ සිදුවීමක්‌ නිසා ඔවුන් අතර යම් දුක්කිත දෙයක් සිදු වීමෙන් දෙපාර්ශවයම දුක් විදින බව කියවේ.

මෙහිදී අපට මෙලෙස අනුමානයක්ද ගත හැක.. ඈත එපිට ගම්මානෙන් නැග එන බටලි හඩ පැමිණෙන්නේ එහා ගමකින්ය. එහිදී කවියා එය ඉතාම දුක් බර එකක් වේද කියා ඔහුගෙන්ම විමසයි. හේතුව මෙහි සදහන් වන ඇය ඒනම් ඇගේ පෙම්වතිය නිදි නොමැති පැලද බටලි හඩ එන ගමේ එකක් ලෙස මා අනුමාන කරමි.මෙහි කවියා ඊට එහා ගමේ වීය හැකිය.මාගේ දැක්‌මට අනුව ගම් දෙකක අරවූලක්‌ නිසා හෝ කුල බේදයක් වීම නිසා හෝ මොවුන් දෙදෙනාගෙ සම්බන්දයට කැමැත්තක් ලැබී නැත.එ අනුව කවියා මේ ගමේ ඇති අම්බලමක හිද ගෙන ඔහුගේ පෙම්වතිය ගැන සිතයි. බොහෝ විට ඈත අතීතයේ මේ අම්බලම් තනා තිබුනේ පය්න් ගමන් යන්නන්ගෙ වීඩා නිවා ගැනීමටයි.. එවන් අම්බලම් බොහෝ විට ගව්වෙන් ගව්ව පිහිටා තිබෙන්නට ඇත. ඉදින් මේ කවියේ දැක්වෙන කවියා හිදගෙන සිටින අම්බලම බොහෝ විට තිබෙන්නට ඇත්තේ අසල ගම යාබදව වීය හැකිය. ඉදින් ඔහුට ඇය නොමැති පාළුව කෙතරම්ද යන්න කීවතෝත් ඔහු අම්බලමේ සිටින්නේ මලානික හද එළියක් වැටෙන අවස්ථාවකයි.. මලානික හද එලිය වැටෙන්නේ බොහෝ විට අමාවක ආසන්නයේය.. මේ නිසා කවියාගෙ ජීවිතයටද කළුවර වැටි ඇති ආකාරය රචකයා පෙන්වා දි ඇත. ඇය මතක් වීමෙන් කවියාගෙ නෙතට කදුළු ගලන අකාරයට තරු කැට පවා බොද වී පෙනෙන බව කවියා පවසයි.. කාටත් හොර රහසේ ඔහු සෙමෙන් ඉකිලයි.. පිරිමින් බොහෝ විට කාන්තාවන් ඉදිරියේ හැඩිමට අකමැත්තක් දක්වයි.. එය ඔහුගේ පෞරුශයට හානි වීය හැකි යයි සිතායි.. මේ නිසා කිසිවෙක්ට නොඇසෙන නොපෙනේන පාලු රාත්‍රියක ඔහු ඇය වෙනුවෙන් ඉකියක් නිදහස් කරයි..

-නයෝ-

කවිය කවිය කීවට සින්දුව හොදේ
හිතුන එකක් ලිව ඔන්නොහෙ මට හිතුනේ ඕක ඔයාලට හිතුන එකත් කොටන් යන්න මේක පහක් බැලුවොත් හොදටම ඇති මට.. දැන් කාලේ මේවා අහන අය අඩුයි.. ඒනම් කියෝලා මොනා හරිම දායි කියලා හිතනවා

පහලින් තියෙන්නේ සින්දුව

සුරන් නැලවූ සුයාමය Where stories live. Discover now