"මේ ජන්කුකී.මගේ පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවා.." ජිමින් මාව එයාගෙ යාළුවන්ට හඳුන්වා දුන්නා."කොහොමද ඉතිං.."මොකුත් නොකියා ඉන්න එක හොඳ නැති හින්දාම මාත් හිනා වෙලා කතා කළා.
වෙලාවකට ජිමින් මහා ඇණයක්.මං ආස පැත්තකට වෙලා ඉන්න.ඒත් මිනී මාව හැමතැනම ඇදගෙන ගියා.එයා මං වගේ නෙවෙයි.මේ පාර එයා මාව එයාගෙ ඩිපාට්මන්ට් එකටම ඇදගෙන ගියා.
"හොඳයි...මං කිම් ටේහියුන්....."
එතන හිටපු මිනී උස සුදු කොල්ලෙක් මාත් එක්ක හිනා වුනා.හැබැයි ඒ හිනාව නම් මට ඇල්ලුවෙ නෑ.ප්ලේ බෝයි ටයිප් වගේ.පුදුමයක් නෑ ජිමින් අඳුරන සේරම වගේ ඔහොමමයි.ඒත් ඇයි මට මේකාව කොහෙ හරි දැකලා පුරුදු?
වෙන්න බෑ.....කිම් කියලා නේද කිව්වේ...?
මම ඇස් දෙක ලොකු කරන් මිනී දිහා බැලුවෙ මං හිතන දේ හරිද අහන්න.
"ඔව් ඔව්...මේ කිම් ජූන් හෝගෙ පුතා. ප්‍රසිඩන්ට්ගෙ පුතණ්ඩියා තමා..."මිනී මගෙ කනට කෙඳිරුවා.
ඔහෝ...මිනීටත් ඉන්නෙ යක්ෂ යාළුවො..එහෙනම් මේ රටේ ඔටුන්න හිමි කුමාරයා මිනීගෙ යාළුවෙක්.මං සමච්චලේට හිනා වෙමින් මිනී දිහා බැලුවා.
ඒත් මිනී හිටියෙ ටේගෙ අතින් අල්ලන් හිනා වෙවී කතා කර කර.මිනී මට වැඩිය ගොඩක් සෝෂල්.එයා නොදන්න කෙනෙක් යුනි එකේ නැතුව ඇති.එයා හැමෝම එක්කම හරිම එකතුයි.එයාගෙ හුරතල් වගේම සෙක්සි හැසිරීම නිසාම කෙල්ලෝ අතරෙ වගේම කොල්ලො අතරෙත් හරි ප්‍රසිද්ධ මාවත් එක්ක පිස්සු වට්ටලා.
හ්ම්...... මාත් එක ඒකපාර්ශ්වික ආදරේක තනි වුනේ මගෙ මිනී නිසා.දැක්කනේ එයා මාව එයාගෙ යාලුවන්ට ඉන්ට්‍රඩියුස් කරපු විදිහ..
මේ ජන්කුකී.මගේ පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවා...
ඉතිං ඒ විදිහට තමා අපි අතරේ දෛවය ලියවුනේ.මගෙ හිතේ එයා ගැන යාළුවෙක්ට එහා වුනාට මිනීට අනුව මං....
එයාගෙ පොඩි කාලෙ ඉඳන් හොඳම යාළුවා..!
____________________________
●.නිකන් කම්මැලිකමට ලිව්ව චුටි කතාවක්..ඔයලත් කියවන් යන්න.බලමු අද දිලා ඉවර කරන්න..
ම්... හැම කතාවකම වගේ ඉතිං මං කියන එක මේකෙත් කියන්නම්..🥲
" ඔයාලා හිතන කතාව නෙවෙයි..🥲 මේකත් සාමාන්‍ය නෑහ්..🥲 මොනා හරි ගෙසින් තියේ නම් කියන් යන්න..🥲 ඒත් ඉතිං ඒවා හරියයිද දන්නෑහ්🙂"
ඇයි අප්පා මං මේම...? 🧏♀️💁♀️🤦♀️