[ ✎ 11 ]

399 147 25
                                    

"මොකක්..ඔයා කියන්නෙත් දැන් ජිමින් කියන්නෙ මං හිතින් මවා ගත්ත මනෝ විකාරයක් කියලාද.." මං හිනා වුනේ මූට පිස්සු කියලා හිතලා.

"නෑ..නෑ.ඔයා මවා ගත්තෙ නෑ.එයාලා මැව්වා..."ෂනූ කිව්වෙ කෑ ගහලා.මාවත් ගැස්සුනා.

"ඔයා මෙච්චර කල් ජීවත් වුන ලෝකය.ඒ සේරම දේවල් ඔයාගේ මනසෙ ඇන්ද දේවල්..."

"ඔයා ජිමින් හිටියා කියලා සාක්ෂි හොයන්න හොස්පිට්ල් එකට ගියා.ඒත් එහෙම කෙනෙක් හිටියෙ නෑනෙ.ඒ නර්ස්ලට මතකත් නෑනෙ.මොකද කවදාවත් එයා හොස්පිට්ල් එකට ගියෙ නෑ.කවදාවත් අනතුරක් වුනේ නෑ....."ෂනූ කියවන් ගියා.

"පොඩ්ඩක් ඉන්න..ඔයා කොහොමද කියන්නෙ අනතුරක් වුනේ නෑ කියලා..කිම් ටේහියුන්ගෙ කාර් එකට ජිමින්ව හැප්පුනේ. ප්‍රසිඩන්ට්ගෙ පුතාගෙ කා එකේ..."මම කෑ ගැහුවා.මොන විකාරයක්ද මේ..

ඒත් ෂනූ කලේ හොඳටම හිනා වෙන එක.එයා බඩ අල්ලන් හිනා වෙනවා.මට තරහත් ආවා.

"බලන්න ජන්කුකී එහෙම දෙයක් වුනේ නෑ. අඩුම බලන්න ටේහියුන්ග්ට ඒම එකක් මතකත් නෑ.මේ සේරම ඔයා මවා ගත්ත ඒවා දෙවියනේ...." ෂනූ මං දිහා බලලා කියද්දි මාව පිස්සු නොවැටුන ටික පුදුමයි.

"බොරු කියන්න එපා.."මං කෑ ගැහුවෙ කන් දෙක වහන්.

"මං බොරු නම් කියන්නෙ ඇයි ඔයා ෆෝන් එකෙන් හොයලා බලන් නැත්තෙ..?"ෂනූ කිව්වා.

මං ෆෝන් එකෙන් ගූගල් වලින්‍ එදා ඇක්සිඩන්ට් එක හොයලා බලද්දි මටම ඇස් අදහ ගන්න බැරි වුනා.ඒකෙ කිසිම දෙයක් නෑ. ඒත් මට ඒ ඇහුන නිවුස්?! ඒවා කෝ..?

"ඉතිං කවුද....කවුද මගෙ මනස පාලනේ කරන්නෙ.."මං ඇහුවෙ වෙව්ළමින්.

"වෙන කවුද ඔයාගෙ ඔම්මායි අප්පයි කියලා හිතන්‍ ඉන්න ඔයාව අනාථ නිවාසෙන් හදා ගන්න ගත්ත දෙමව්පියො...ඇත්තටම ඔයාව එයාලා ගත්තෙ එයාලාගෙ පර්යේෂණ වලට.මනස පාලනේ කරලා වෙනමම ලෝකයක් මනසේ ගොඩ නගන එක තමයි එයාලාගෙ පරීක්ෂණේ..ඔයාගේ පොඩ් කාලේ මොකුත්‍ ඔයාට මතක නෑනෙ.මොකද එයාලා ඒවා මැකුවා.."ෂනූ කියද්දි එයාගෙ ඇස් දිළිසුනා.

"කට වහ ගන්නවා.කට...!මට තව මොකුත් අහන්න ඕනි නෑ..මගෙ දෙමව්පියො එහෙම නෑ."මං කෑ ගැහුවා.

"ජන්කුක්...හොඳට හිතලා බලන්න.ඔයාට කලින් ඔයාගෙ තැන හිටියෙ මං..මට වුන දේ ඔයාට වෙන්න දෙන්න බෑ.ඒ නිසා...හොඳට හිතලා තේ‍රුම් ගන්න.." ෂනූ එහෙම කියලා ඇඳෙන් නැගිටලා කාමරෙ දොර වහන් එළියට ගියා.

මොනවද මේ වෙන්නෙ.එයා කොහොමද මේ සේරම දන්නෙ...

ඔම්මා....අප්පා....එයා කියන්නෙ බොරු නේද....ආ...

මං සෑහෙන වෙලාවක් කොට්ටෙ බදාගෙන ඇඬුවා.ජිමින්....? ඔයා ඇත්තටම නැද්ද? ඔයා මගෙ හිතෙ ඇඳුන චිත්‍රයකද? මේ සේරම චිත්‍ර විතරයිද? මං දන්නෙ නැති ලෝකෙක අතරමං වෙලා වගේ.

මං කඳුළු පිහදාගෙන ආයේ ෂනූව හම්බවෙන්න හිතුවා.මං එයාට මගේ ඔම්මයි අප්පයි එහෙම නෑ කියලා පෙන්වනවා.

"මට ෂනූ කියන රූම් සර්විස් කරන ළමයා ඉන්නෙ කොහෙද කියනවද...?"මට හම්බවුන මොටෙල් එකේ මැනේජර්ගෙන් මං ඇහුවා.

"ෂනූ..?එහෙම කෙනෙක් මෙහෙ වැඩ කරන් නෑ සර්..ඒ කවුද? "

එයා කිව්වම මට පොළව පලාගෙන යන්න හිතුනා.මේක පුදුම වැඩක්නෙ! මේ ඉන්න මිනිස්සු මේ බලද්දි නෑ..!

මට දැන් පිස්සු වගේ....

ℍ𝕚𝕕𝕖 𝔸𝕟𝕕 𝕊𝕖𝕖𝕜 [▪︎COMPLETED▪︎]Donde viven las historias. Descúbrelo ahora