[ 1911 ]
JIMIN POV.
________________________අන්තිමට මට තියන ශක්තිය සේරම එකතු කරලා මේසය උඩ තියන වතුර වීදුරුව අරන් ජියෝන් ජන්කුක්ගෙ මූණට ගහන්න පුළුවන් වුනා.ඔහු මොහොතකට ඇස් පියා ගත්තෙ මූණෙන් වතුර ඔහේ ගලාගෙන යද්දි.
"හොඳයි ජියෝන් ජන්කුක්.අපි වෙන් වෙමු..! සතුටුයි මට ඔබ විවාහ වීමට පෙර දිනයේ මේ පැවසූ එක ගැන පසු දිනයේ ඒ ගැන නොකියා..! "
මං නැගිටලා මගෙ දුඹුරු පැහැ කමිසය සාදාගෙන, පුටුව පිටුපස දමා තිබු කබාය පැළඳ ගෙන, ස්කාෆය ගෙලෙහි ඔතා ගත්තා.
"ජිමින් අහන්න.. මෙය සිදු වුණේ පවුල නිසා.ඔබ දන්නවා මගෙ පෙළපත....."
"ඔව් ඔබේ පෙළපත තමා වරද! ඒ වගේම ඔබෙත්.. ඒකට කමක් නැහැ ජන්කුක්. මේ අපි මුණගැහෙන අන්තිම අවස්ථාව. ස්තූතියි මට ආදරේ කලාට."
මං ඔහුට ආචාර කරලා කෝපි අහන්හලෙන් පිටතට ආවා.ඒක පැරණි පන්නයට සෑදු අවන්හලක් වුනත් ජන්කුකී ආදරේ කරන කාලයේ ඒක ගොඩක් ලස්සන තැනක් විදිහට මං දැක්කෙ.ඒත් අද එයින් එළියට එද්දි එය මොන තරම් පරණ අබලන් වුන අවන්හලක්ද කියලා ආයෙත් හිතුවා.
අපි දෙන්නා වෙනුවෙන් ගත් දුන් දාන කෝපි කෝප්ප නිවී යන තෙක් ඒවා තොල් ගාන හවස්වරු ඕනි තරම් එහි ගෙවුනා.ජන්කුකීගෙ ලොකු අත් වල මගෙ වූල් අත් වැසුම් දාපු චුටි අත් ගිලෙනවා දකින්න මං ආස කලා.ඒත් මට අද නැති වුනෙත් එයමයි.
ජෝන් පවුල එක්ක කවදාවත්ම පාර්ක් පවුල පෑහුනෙ නෑ. 1911 කොරියාව කියන්නෙ සම්මත අසම්මත කතාවෙන් ආදරය මැනපු කාලයක් වුනත් නොහිතුව විදිහට මා ඔහු සමග ආලෙන් වෙලුනා.ඒක ජීවිතේ ප්‍රීතිමත්ම අවදිය.අපි හිම වැටෙන මංමාවත් වල අත් පටලන් ඔහේ ඇවිද ගියා.වෙලාවකට ඇහුන රදල පැළැන්තියෙ අශ්ව කරත්ත ඇරෙන්න අපිට බාධා කරන්න අනෙකෙක් හිටියෙ නැහැ.
එලෙස ගෙවුන පුරා වසර පහක ආදර කතාවට ජන්කුකී අද තිත තිබ්බෙ ජෝන් පවුලට ආ විවාහ යෝජනාවකට පිටින් යන්න නොහැකිවයි කියා කෝම විශ්වාස කරන්නද?
මං ජන්කුක්ගෙන් සමුගත්ත ගමන් ඇවිදන් ගියෙ දුම්රිය පාර අයිනට.කුමක්දෝ හේතුවකට හිම ක්‍රීම සමග වේගවත්ව පසුකරන දුම්රියන් දිහා බලා හිඳිද්දි මගෙ දුක පහව යයි.
ඒ නිසා මං එහි ආවත් පැය ගණන් ඒ දෙස බලන් සිටියාට පසු ගල් අඟුරු දහනයෙන් නගින දුම් කඳ එක්ක මට එහි නගින්න ආසාවක් එකවරම ආවා.
ඒත් ඒ මැදියම් රෑ 00 : 13 දුම්රිය විය...!