||21||

1.5K 348 80
                                    

ජන්ග්කුක් හිටියෙ ටේහ්‍යුන් ගෙ එහාපැත්තෙ බිම ඉදගන. ලොකු වීදුරු ජනේලෙන් පේන කලුවර අහස දිහා බලන් හිටිය ජන්ග්කුක් ගෙ අතේ තිබ්බෙ සැර අඩු බියර් ටින් එකක්. ඒක ගන්නත් ජන්ග්කුක් ට සිද්දවුනා තමන්ගේ හැඳුනුම්පත ටේහ්‍යුන් ට පෙන්නලා වයස තහවුරු කරන්න.

ටේහ්‍යුන් ඒ තරමට ජන්ග්කුක් ගැන හිතුවා..

ඒත් ජන්ග්කුක් ??

ජන්ග්කුක් හිතුවෙ ඒක ටේහ්‍යුන් ගෙ තවත් එක පිස්සු හැසිරීමක් කියල.

ටේහ්‍යුන් ගෙ අතේ ටිකක් සැර වැඩි වොඩ්කා ග්ලාස් එකක් තිබුනා. බිව්වා මිසක් හුග වෙලාවක් යනකල් දෙන්නා අතර කතාබහක් උනේ නෑ.. ලොකු නිහැඩියාවක දෙන්නම හිටියත් ටේහ්‍යුන් ට ඕන උනා මේ නිහැඩියාව බිඳින්න. ජන්ග්කුක් එක්ක කතා කරන්න ටේහ්‍යුන් ට ඕන උනා..ඒත් ජන්ග්කුක් එක්ක කතා කරන්න දෙයක් ටේහ්‍යුන් ට හිතාගන්න බැරිවුනා..

ජන්ග්කුක් ජනේලෙන් පේන අහස දිහා බලන් ඉද්දි ටේහ්‍යුන් ජන්ග්කුක් දිහා බලන් හිටියා. සැරින් සැරේ බියර් කෑන් එක කට ලගට අරගන බියර් උගුරක් බොන ජන්ග්කුක් ගෙ තොල් තද රතු පාට වෙලා තිබ්බා..

වොඩ්කා ග්ලාස් එක අතේ තියාගන තමන් දිහා බලන් ඉන්න ටේහ්‍යුන් ව ඇස් කොනෙන් දැක්ක ජන්ග්කුක් එකපාරටම ටේහ්‍යුන් දිහා බැලුවේ ටේහ්‍යුන් ගැස්සිලා අහක බලාගනී කියල හිතල උනත් ටේහ්‍යුන් කලේ ජන්ග්කුක් දිහා බලන් ඉන්න බැල්මෙන්ම බලන් ඉන්න ගමන් බෙල්ල පොඩ්ඩක් ඇල කරල ජන්ග්කුක් එක්ක හිනාවුන එක.

ටේහ්‍යුන් ගෙ මේ අමුතු හැසිරීම ජන්ග්කුක් ට තේරුම් ගන්න බැරිවුනා..

"ඔයාගෙ නම මොකද්ද ?"

"ආ?"

ජන්ග්කුක් එකපාරටම අහපු ප්‍රශ්නෙ හරියට නොතේරුන නිසා ටේහ්‍යුන් ඇහිබැමක් උස්සලා ජන්ග්කුක් දිහා බැලුවා..

"තමුන්ගෙ ඇත්ත නම? මම හිතන්නෑ තමුන් ඉපදුන දවසෙ අම්මයි තාත්තයි තමුන්ට කින්ග් හයිඩ්‍රා වගේ කැත නමක් දාන්න ඇති කියල"

ජන්ග්කුක් එහෙම කිව්වාම ටේහ්‍යුන් හිනාවුනා.. ඒ හිනාව හරිම අහිංසක හිනාවක් උනත් ජන්ග්කුක් ට ඒ හිනාව ඇතුලෙ තිබ්බ හැගීම අදුනගන්න ජන්ග්කුක් ට බැරිවුනා.. නෑ ඒ හැගීම අදුනගන්න ජන්ග්කුක් උත්සහ කලේ නෑ..

MAFIOSO✔️Where stories live. Discover now