||11||

1.5K 368 115
                                    

ඒ වෙලාව වෙද්දි මුලු පලාතම වහගන ලොකු වැස්සක් වහින ගමන් තිබ්බා වගේම එලියෙ කිසිම දෙයක් පැහැදිලිව නොපෙනුනත් වැස්සෙ තෙමීගන ඔහේ පාර දිගේ ඇවිදින ජන්ග්කුක් ව ටේහ්‍යුන් තප්පරෙන් අදුනගන්න පුලුවන් උනා..

ජැනට් වාහනේ නතර කරන්නත් කලින්ම කාර් එකෙ දොර ඇරිය ටේහ්‍යුන් කාර් එකෙන් එලියට බැස්සෙ එලියෙ වහින එක ගානකටවත් නොගෙන..

ඒ එක්කම ජිමින් හිටිය ජීප් එකෙන් කඩිමුඩියේ බැහැලා ආව ෆයිටර් කෙනෙක් ටේහ්‍යුන් ව නොතෙමෙන්න කුඩයක් ඇල්ලුවත් ටේහ්‍යුන් කුඩේ පැත්තටකට විසිකරල තෙමීගනම ජන්ග්කුක් ලගට දුවල ගියා..

තමන්ට ටිකක් එහායින් තමන්වත් පහු කරගන ඇවිදගන යන කොල්ලව දැක්කාම ටේහ්‍යුන් ට අහේතුක කලබලයක් දැනෙන්න ගත්තා.. වෙන වෙන දේවල් කල්පනා කර කර ඉන්න වෙලාවක් නොතිබ්බ නිසා ටේහ්‍යුන්ට ඕන උනේ ඉක්මනට ජන්ග්කුක් ලගට යන්න.

"ජන්ග්කුක්!!"

වැස්සෙ සද්දෙත් එක්ක ටේහ්‍යුන් ට කෑගහන්න සිද්ද උනා. ඒත් ඒක ජන්ග්කුක් ට ඇහුනා කියල සලකුනක්වත් ප්‍රතිචාරයක්වත් ජන්ග්කුක් ගෙන් ලැබුනෙ නෑ..

තමන්ට පිටුපාලා ඇවිදගන යන්නෙ ජන්ග්කුක් මද නැද්ද කියල සැකෙන් ආයෙම ජන්ග්කුක් ගෙ පිටිපස්සෙන් දුවල ගිය ටේහ්‍යුන් ජන්ග්කුක් ගෙ උරහිසකින් අල්ලලා එයාව තමන්ගෙ පැත්තට හරවගත්තා..

ජන්ග්කුක් ගෙ ඇස් තිබ්බෙ බිමට බරවෙලා.. වෙනදට තමන්ව දැක්කාම බයෙන් වගේම කේන්තියෙන් රතුවෙන බෝල ඇස් අද ටේහ්‍යුන් දැක්කෙ නෑ..

"ජන්ග්කුක් ඔයා හොදින්ද?"

ජන්ග්කුක් ගෙ උරහිස් දෙකටම අත් තියල ඒ මූනට එබුන ටේහ්‍යුන් වැස්සෙ සද්දෙ දෙපිටින් යන්න කෑගැහුවත් ජන්ග්කුක් ට ඒ වචන ඇහුන බවක් පෙනුනෙ නෑ..

වැස්ස මොනතරම් දරුණු එකක් ද කියනවනම් ඒ වැහි බින්දු වැටෙද්දි මුලු ඇගම රිදෙන්න ගත්තා වගේම ටේහ්‍යුන් ට හරියට තමන්ගෙ ඇස් ඇරගන්නවත් පුලුවන් උනේ නෑ..

බිම බලාගන මලකදක් වගේ ඉන්න ජන්ග්කුක් දිහා හොදට බලපු ටේහ්‍යුන් ට තේරුනේ උන දේ මොක උනත් ඒක හොද දෙයක් නොවන බව විතරයි..

MAFIOSO✔️Unde poveștirile trăiesc. Descoperă acum